හැම්ස්ටර් මැක්බත් සහ හැම්ලට්
Sunday, May 22, 2011
මාර මාරුව ඔබට කොහොමද ?
.
[ 22 - May - 2011 ]
අසව් අසව් !!!
විශ්වය ආරම්භයේ පටන් මේ දක්වා කාලයක් පරනිම්මිත වසවර්තිය ස්වකීය වාසභවන කොටගත් සීටීකූ මාරයා (සිකුරිටි මාරයා නොවේ ) හෙට මධ්‍යම රාත්‍රී 12.00ට යෙදෙන අසුභ මොහොතින් නව වාසභවනක් වන ස්වනිම්මිත වසවර්තියට අරක්ගනු ඇති. සීටීකූ මාරයා සමඟ මාරයාගේ දූවරුන් තිදෙනාත් දසබිම්බරක් මාර සේනාවත් ස්වනිම්මිත වසවර්තියට මාරු වී යනු ඇති.
සීටීකූ මාරයා, මාරයන්ගේ පාරම්පරික වාසභවන වන පරනිම්මිත වසවර්තියෙන් ඉවත්වී ගොස් දිව්‍යලෝක ආයතන අනුපිළිවෙල ( Organizational Hierarchy ) කඩාකප්පල් කර දැමීම පිළිබඳව පරනිම්මිත වසවර්තියට පහළින් ඇති නිර්මාණ රතියෙන් හා ඉහළින් ඇති බ්‍රහ්ම පාරිසධ්යයෙන් බරපතල විරෝධතා එල්ල වන බවද සැළයි.
සීටීකූ මාරයා, මාරයන්ගේ පාරම්පරික වාසභවන වන පරනිම්මිත වසවර්තියෙන් ඉවත්වී ගොස් දිව්‍යලෝක ආයතන අනුපිළිවෙල ( Organizational Hierarchy ) කඩාකප්පල් කර දැමීම පිළිබඳව පරනිම්මිත වසවර්තියට පහළින් ඇති නිර්මාණ රතියෙන් හා ඉහළින් ඇති බ්‍රහ්ම පාරිසධ්යයෙන් බරපතල විරෝධතා එල්ල වන බවද සැළයි.
මාර මාරුව ලග්න 12කට අසුභයි !!!
ප.ලි
====
සීටීකූ මාරයා ඇතුළු පිරිස ඉවත්ව යාමෙන් පුරප්පාඩු වන පරනිම්මිත වසවර්තිය කුළියට හෝ බද්දට දීමට තිබේ. වැඩි විස්තර සඳහා ශක්‍ර දේවේන්ද්‍ර අමතන්න
[ 22 - May - 2011 ]
වීරයෝ
අද මැයි 22 වෙනිදා ජාතික වීර දිනය. මේ තියෙන්නේ ප්‍රසිද්ධ චිත්‍රපටි කීපයක වීර චරිත නිරූපණය කරන ප්‍රධාන නළුවන්ගේ පින්තූර
අචිලස් - Troy චිත්‍රපටිය
ආතර් රජු - King Arthur චිත්‍රපටිය
ජෙනරාල් මැක්සිමස් - Gladiator චිත්‍රපටිය
ස්පාර්ටන් - 300 චිත්‍රපටිය
ස්පාර්ටකස් - Spartacus: Blood and Sand චිත්‍රපටිය
තෝර් - Thor චිත්‍රපටිය
තුන්සිංහලය එක්සේසත් කළ
ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු
සුරංගනා ලොවින් ඇවිත් චිත්‍රපටිය
ජෙනරාල් මැක්සිමස් ගැන කලින් ලියූ ලිපියක්
[ 22 - May - 2011 ]
Saturday, May 21, 2011
සිංගප්පූරුවේ ජාතික සේවය සහ ශ්‍රීලංකාවේ නායකත්ව පුහුණුව
.
[ 21 - May - 2011 ]
සිංගප්පූරු ජාතික සේවකයන් පිරිසක්
මගේ කලින් බ්ලොග් සටහනකට ප්‍රතිචාරයක් දක්වපු වීර පුරන් අප්පු මෙන්න මෙහෙම දෙයක් කියල තිබ්බා
"එක පරම්පරාවක් ඇතුලත ඌන සංවර්ධිත තත්වයක ඉඳලා සංවර්ධිත රටක් බවට පත් වෙච්ච එකම රට සිංගප්පූරුව මම දන්නා විදියට. එක කියන්න ලේසි උනාට කරන්න කොච්චර අමාරු වෙන්න ඇතිද...? අනික් ඒවා කෙසේ වෙතත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම කොයි තරම් නම් අමාරු වෙන්න ඇතිද....? විශේෂයෙන්ම එක genaration එකක් තුළ. "
මේකට උත්තරය විදිහට මම දකින්නේ සිංගප්පූරුවේ ජාතික සේවය (National Service). වයස 18 සම්පූර්ණ කරන සෑම(පිරිමි පමණයි ) සිංගප්පූරු ජාතිකයෙක්ම සහ සෑම ස්ථීර පුරවැසියෙක්ම එයින් පසුව අනිවාර්යයෙන්ම අවුරුදු 2ක් ජාතික සේවයේ යෙදිය යුතුයි. විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම හෝ වෙනයම් රැකියාවක් කිරීමට පෙර මේ අවුරුදු දෙක අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතුමයි
ජාතික සේවය සඳහා වයස සම්පූර්ණ කරන සියළු දෙනාම රට පුරා හමුදා කඳවුරු වලට අනුයුක්ත කරනවා. ඉන්පසුව අවුරුදු 2ක් පුරාවට සතියට දින 5 බැගින් ඔවුන් ජාතික සේවයේ නිරත විය යුතුයි. සති අන්ට දිනවලදී ඔවුන්ට නිවෙස් වලට යාමට අවසර ලැබෙනවා. සෑම සිකුරාදාවකම සහ ඉරිදාවකම හවස් කාලයේදී හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් වලින් සැරසුණු ජාතික සේවක යෞවනයන් රංචු පිටින් පොදු ප්‍රවාහන සේවා වල ගමන් කරන එක සිංගප්පූරුවේ සාමාන්‍ය දර්ශනයක්.
මේ අවුරුදු දෙක ඇතුළතදී ඔවුන්ට ලැබෙන පුහුණුව පූර්ණ හමුදාමය පුහුණුවක් නෙවෙයි. හමුදාමය පුහුණුවක යම් යම් අංගත් ඊට ඇතුළත් වුණත් පූර්ණ හමුදාමය පුහුණුවක් ලැබෙන්නෙ ඒ අවුරුදු දෙක සම්පූර්ණ කළාට පස්සෙ තවදුරටත් හමුදාවේ රැඳෙන්න කැමති කට්ටියට විතරයි. අනිත් අය විශ්ව විද්‍යාල වලට සහ වෙනත් රැකියා වලට එකතු වෙනවා
මේ අවුරුදු දෙකක ජාතික පුහුණු කාලය අතරතුර ඔවුන්ට යහපත් ශරීර සෞඛ්‍යයක් රැකගැනීමට අවශ්‍ය ව්‍යායාම් පුහුණුව, දේශපාලනය, පරිගණක තාක්ෂණය, කලමණාකරණය වගේ පරාසයක විහිදුණු පුහුණුවක් ලබා දෙනවා. ඊට අමතරව ඔවුන්ට රට ගැන පූර්ණ අවබෝධයක් ලබා දෙනවා. ඒ පොත පතේ දැනුමෙන් නෙවෙයි. ඔවුන්ව වරායවල්, ගුවන් තොටුපොලවල් කෞතුකාගාර, විශ්ව විද්‍යාල වගේ තැන්වල ශ්‍රම දායකත්වයකට අනුයුක්ත කිරීම මගිනුයි ඔවුන්ට රටේ ආයතන වල ක්‍රියාකාරීත්වය ගැන ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන්නේ.
මේ අවුරුදු දෙකක පුහුණුව නිම කරලා විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන අය තුළ සෑහෙන පෞරුෂයක් සහ සංවිධානාත්මක ශක්තියක් තියෙනවා. විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය සංගම් හා ක්‍රීඩා කණ්ඩායම් වල නායකත්වය දරන්නේ විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුන් . ලංකාවෙනම් එවැනි තනතුරු දරන්නේ අවසන් වසර වල සිසුන්නෙ. නමුත් මෙහේ සිසුන් පළමු වසරට ඇතුළත් වෙනකොටම ඔවුන්ට එවැනි තනතුරු දැරීමේ හැකියාව ලබා දීලයි තියෙන්නෙ.
මූලික අවුරුදු දෙකේ පුහුණුවෙන් පස්සෙ වයස 35 සම්පූර්ණ වෙනකම් හැම අවුරුද්දකටම සති දෙක බැගින් වූ කාලයකට ඔවුන් නැවතත් කඳවුරු වලට යා යුතුයි. ඒ සති දෙකක කාලයේදී කෙරෙන්නේ කලින් ඉගෙන ගත්ත දේවල් නැවත මතක් කර දීමක්. ( අමතක වූ ශාරීරික ව්‍යායාම් එහෙම වගේ දේවල් )
====
මේ දවස් වල ලංකාවේ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් තමයි විශ්ව විද්‍යාල වලට ඇතුළත් වෙන්න ඉන්න සිසුන්ට ලබාදීමට නියමිත සති 3ක නායකත්ව පුහුණුව. සමහරු මේක හොඳ දෙයක් කියන අතරේ තවත් සමහරු මේක නරක දෙයක් විදිහටයි දකින්නේ. මේ පුහුණුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව අයිතිවාසිකම් නඩුවක් පවා දාලයි තියෙන්නෙ.
ලංකාවේ සිසුන්ට ලබාදෙන්න යන සති තුනේ පුහුණුවේ ස්වරූපය ගැන තවම ආණ්ඩුව හෙළි කරලා නැහැ. ලංකාවේ මෙවැනි දෙයක් වෙන්න යන්නෙ ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවටයි. ඒක හින්දා මේ පුහුණුවේ ස්වරූපය ගැන ගොඩක් දෙනා තවම දන්නෙ නෑ . එස්.බී දිසානායක ඇමතිතුමානම් කියන්නෙ සිසුන්ට දත් මදින ආකාරය ගැන පුහුණුවක් දෙනවා කියලයි.
හැබැයි මට ලැබුණු අතිශය රහසිගත බුද්ධි වාර්තා දෙකකට අනුවනම් මේ පුහුණුව දත් මැදීමේ පුහුණුවෙන් ඔබ්බට යන පුහුණුවක්. ශාරීරික ව්‍යායාම් සහ කාල කළමණාකරණ පුහුණු වලට අමතරව ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට අති විශේෂ පුහුණු 2ක් ලබා දීමට නියමිතයි
හැබැයි මට ලැබුණු අතිශය රහසිගත බුද්ධි වාර්තා දෙකකට අනුවනම් මේ පුහුණුව දත් මැදීමේ පුහුණුවෙන් ඔබ්බට යන පුහුණුවක්. ශාරීරික ව්‍යායාම් සහ කාල කළමණාකරණ පුහුණු වලට අමතරව ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට අති විශේෂ පුහුණු 2ක් ලබා දීමට නියමිතයි
මේ නායකත්ව පුහුණුව පැවැත්වෙන සති 3ක කාලය පුරාවට කඳවුරේ සිටින සියළුම දෙනාට (දාහකට දෙදාහකට විතර පිරිසකට ) ආහාර පාන උයා දීම වගකීම පැවරෙන්නේ කඳවුරට සහභාගි වෙන ගැහැණු ළමයින්ටයි. උයන්න දන්නෙ නැති ගැහැණු ළමයින්ට උයන කටට රහට උයන ආකාරය කියා දෙනු ඇති.ගැහැණු ළමයි උයන අතරේ පිරිමි ළමයින්ටත් නිකං ඉන්න ලැබෙන්නේ නෑ. ඒ අයට කැලේ ගිහින් දර කඩාගෙන ඒම. දර පලා දීම. පොල් ලෙලි ගසා දීම ආදිය ගැන පුහුණුවක් ලැබෙනු ඇති.
පුහුණු කඳවුරු ව්ලට සහභාගි වෙන නංගිලා මල්ලිලා හෙට සිට සති තුනක් මේ පුහුණුව අත්දකීවි. පුහුණුව ඉවර වුණාට පස්සෙ ඔබේ අත්දැකීම් ගැන බ්ලොග් සටහන් ලියා අපිත් එක්ක බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා
හෙට දින නායකත්ව පුහුණුවට යන නංගිලාට සහ මල්ලිලාට
මකර අධිරාජයාගෙන් උණුසුම් සුභපැතුම් !!!
ප.ලි
===
කවුරු කොහොම කිවුවත් ඔය නායකත්ව පුහුණුවෙන් ලැබෙන දේවල් අපතේ යන එකක් නැති වේවි. ඔයවැනි කඳවුරු කිහිපයකට සහභාගී වී ලබපු අත්දැකීම් ඇසුරෙනුයි මම කියන්නෙ. ලෝකයේ විනයගරුකම සහ විශිෂ්ඨතම හමුදාවෙන් ඔබ ලබන සති 3ක නායකත්ව පුහුණුව සුපිරි අත්දැකීමක් වේවි.
[ 21 - May - 2011 ]
සංගීතයට ලැදි හොම්බ කලුවන් කන්කලු බවුවෙක්
Play with Sounds
නිලුපුල් දෑසින් මදෙස බැලූ ...
හොම්බ කලූ නුඹ මගේ කලූ....
නිලුපුල් දෑසින් මදෙස බැලූ ...
හොම්බ කලූ නුඹ මගේ කලූ....
Friday, May 20, 2011
චෙස් ලොක්කා ලංකාවේ
ලෝක චෙස් සංගමයේ (FIDE) සභාපති Kirsan Ilyumzhinov මේ දවස් වල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. දැන් ලෝක චෙස් සංගමයේ සභාපති ධුරය දරන ඔහු මීට පෙර කල්මිකියා ජනරජයෙ (Republic of Kalmykia) ජනාධිපතිවරයා. කල්මිකියා ජනරජය කියන්නෙ සුවිශේෂී රටක් . ඒක තමයි යුරෝපයේ තියෙන එකම බෞද්ධ රාජ්‍යය.
හිටපු ජනාධිපති වත්මන් සභාපති වරයා ලංකාවේ සංචාරය අතරතුර විවිධ චෙස් ක්‍රියාකාරකම් කීපයකටම සහභාගි වීමට නියමිතයි. හැබැයි ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ චෙස් නෙවෙයි. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කල්මිකියා සමූහාණ්ඩුවෙන් ලංකාවට පැමිණි බෞද්ධ දූත පිරිසක් එක්කයි ඔහු ඇවිල්ලා ඉන්නෙ. සභාපති වරයා ඇතුළු පිරිස ඉදිරි දින කීපයේ ලංකාව පුරා පූජනීය සිද්ධස්ථාන රාශියක සංචාරයක නිරත වනු ඇති.
හිටපු ජනාධිපති වත්මන් සභාපති වරයා ලංකාවේ සංචාරය අතරතුර විවිධ චෙස් ක්‍රියාකාරකම් කීපයකටම සහභාගි වීමට නියමිතයි. හැබැයි ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ චෙස් නෙවෙයි. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කල්මිකියා සමූහාණ්ඩුවෙන් ලංකාවට පැමිණි බෞද්ධ දූත පිරිසක් එක්කයි ඔහු ඇවිල්ලා ඉන්නෙ. සභාපති වරයා ඇතුළු පිරිස ඉදිරි දින කීපයේ ලංකාව පුරා පූජනීය සිද්ධස්ථාන රාශියක සංචාරයක නිරත වනු ඇති.
[ 20 - May - 2011 ]
මහා සැරය
කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ හීන්සැරය පොත කියවල තියෙන අයනම් දන්නව ඇති ඇයි අලියා කසුට්ටාට බය කියල. ඒ කසුට්ටා අලියගේ හොඬවැලේ රිංගපු හින්දයි.
මේ තියෙන්නෙ කසුට්ටාගෙ ලොකු අයියා කිඹුලා අලියෙකුට මහා සැරයක් දාන හැටි. කිඹුලාට අලියගෙ හොඬැවැලේ රිංගන්න හැකිවෙයිද ?
ප.ලි
=====
අලි සෙල්ලං බලන්න ආපු එකේ කේක් කෑල්ලකුත් කාලම යන්න. මෙවර කේක් සඳහා අනුග්‍රාහක දායකත්වය ශසීන්ද්‍ර වීරසිංහ මල්ලියාගෙන්
පහුගිය අවුරුදු වල කේක් ගෙඩි වල ඉතුරු වෙච්චත් තියෙනවා.
Wednesday, May 18, 2011
අත්තානං උපමංකත්වා
කෙනෙක් මියයාම ජීවත්ව සිටින්නන්ට ශෝකජනක අවස්ථාවක්. ශෝකය තුනී කර ගන්න බුදු දහම පාවිච්චි කරන්න.
අත්තානං උපමංකත්වා
-
තමාව උපමාවට ගන්න
මම හිතන්නෙ අපි කවුරුත් කැමති නැහැ අපි මිය ගියාම අනිත් අය අපි වෙනුවෙන් ශෝක කරනවට. එක නිසා තමාවම උපමාවට ගන්න.
ඊයේ අප අතරින් වෙන්ව ගිය අපේ සහෝදර බ්ලොග්කරු දිලුම් (ඉලංදාරියා) සොහොයුරා තමගේ දෑතින්ම අකුරු කළ මේ අදහසත් කියවන්න
http://ilandhariaya.blogspot.com/2010/07/blog-post.htmlදිලුම්
[ 19 - May - 2011 ]
Monday, May 16, 2011
මගේ ඔලු ගෙඩිය
මගේ වැසිකිළි යාමෙන් පසු අත් සෝදනවාද ? ලිපිය කියවපු කීප දෙනෙක්ම මගේ ඔලුගෙඩියෙ පින්තූර ඉල්ලලා තිබ්බා. ඔන්න මගේ ඔලු ගෙඩියෙ පින්තූර.
ඉදිරි පෙනුම
පැති පෙනුම
ඉහළින් බලන විට පෙනුම
පිටුපස පෙනුම
සසඳ සසඳ බැලීම සඳහා
කොණ්ඩය වැවී ඇති විට පෙනුම
කොණ්ඩය වැවී ඇති විට පෙනුම
[ 16 - May - 2011 ]
අසූහාරදාහක් ධර්මස්කන්ධය ගිගා බයිට් 5කින්
ථෙරවාද ත්‍රිපිටකය (සිංහල තේරුම්ද සමඟ) මෙතනින් බාගත කර ගන්න . කොටස් වශයෙන් බාගත කරගත හැකියි. සම්පූර්ණ ප්‍රමාණය ගිගාබයිට් 5කට ආසන්නයි.
තමහට වැඩ කැමැත්තෝ
තිසරණයෙහි පිහිටත්වා !!!
සැමටම ප්‍රීති වෙසක් !!!
[ 15 - May - 2011 ]
Subscribe to:
Posts (Atom)


















