Saturday, February 28, 2009

සින්ඩියේ ජන්ද ප්‍රශ්නයක්



බලධාරියා විසින් කපන ලදී


[ 27 - Feb - 2009 ]

Thursday, February 26, 2009

මැතිවරණ , විභාග සහ XXX


මේ දවස්වල විභාග තියෙන හින්ද මකර රජදහනෙ රාජ්‍ය පාලන කටයුතු වලට වැඩිපුර සහභාගි වෙන්නත් බැරි වුනා. ඒ අතරෙ ඔන්න ඉතින් අද තවත් මැතිවරණයකට දින නියම වුනා. ඉතින් මම මකර අධිරාජයා විදිහට ඒක ගැන මොකක් හරි ප්‍රකාශයක් නොකර හොඳ නැහැනෙ.

මෙන්න මගේ නිල ප්‍රකාශය

" හැමදාම මැතිවරණ තියන එක හරිම හොඳයි. ජනතාවට වැඩි වැඩියෙන් සහන හම්බු වෙච්චාවෙ."



ඉතින් ඔය මැතිවරණයි විභාගයි දෙකේම සමානකමුයි වෙනස්කමුයි තියෙනවා.

සමානකම් තමයි,
1. ඒ දෙකේදිම කතිර (xxx) පාවිච්චි වෙනවා.
2. දෙකටම කොමසාරිස්තුමාල ඉන්නවා
3. ඒ දෙකම නැවත පැවැත්වීම් කරන්නත් කොමසාරිස්තුමන්ලාට පුලුවන්

වෙනස්කම් තමයි,
1. මැතිවරණයකදි කතිර වැඩියෙන් එකතු කර ගත්තොත් තමයි දිනුම්. ඒත් විභාගෙකදි කතිර වැඩියෙන් එකතු කර ගත්තොත් සොරි.කොම්
(ගොඩාක් කාලෙක ඉඳන් අමතක වෙලා තිබ්බ දෙයක් මතක් වුනා.
ඇත්තටම sorry.com කියල Domain එකක් තියෙනවද බලන්න ඕනෙ කියල හිත හිත හිටියෙ. මතක් වෙච්ච වෙලාවෙ බැලුවා. තියෙනවා. හැබැයි redirect වෙනවා)

2. විභාගයකදි වංචාවක් කරල හරි නීතිරීති උල්ලංඝනය කරල හරි අහු වුනොත් අපේක්ෂකයාට ඉදිරි විභාග වලට ඉදිරිපත්වීම තහනම් කරන බලතල විභාග කොමසාරිස්තුමාට තියෙනවා. ඒ හා සමාන බලතල මැතිවරණ කොමසාරිස්තුමාටත් තිබ්බනම් කොච්චර හොඳද?

කතිර ගැන කියනවනම් කතිරත් එක එක විදිහට පාවිච්චි වෙනවා. මේ බලන්නකෝ




දියවන්නාව දෙවනත් කරන්නට
ඩෙංගු මදුරුවා මැතිසබයට!!!



අලි බෝවෙන ස්ථාන (කැලෑ ) විනාශ කරමු !


[ 26 - Feb - 2009 ]

Tuesday, February 24, 2009

ලෝකෙ හොඳම මැතිවරණ කොමසාරිස් තුමා


අපේ දයානන්ද දිශානායක මැතිතුමා තමයි ලෝකෙ හොඳම මැතිවරණ කොමසාරිස් තුමා.
පහුගිය පළාත්සභා මැතිවරණය පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනයේ පවත්වලා ප්‍රචණ්ඩ ක්‍රියා අවම කරපු එකෙන්ම පෙනෙනවනෙ එතුමාගේ මැතිවරණ උපක්‍රමික ඥානය කොයි තරම්ද කියලා. ඒක නිසානෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරල එතුමාට විශ්‍රාම යන්න නොදී තියාගෙන ඉන්නෙ. අනේ පවු !!!



අපේ මැතිවරණ කොමසාරිස් තුමාට ජය වේවා!!!


[ 22 - Feb - 2009 ]

Tuesday, February 10, 2009

ජීවිත සෙල්ලම සහ ක්‍රිකට් සෙල්ලම


අපි අඳුරන කෙනෙක්ව හම්බ වුනාම සමහර වෙලාවට පුරුද්දට වගේ අහනවනෙ "කොහොමද ඉතින් ජීවිතේ ?" කියලා. මගෙන් කවුරු හරි ඔය ප්‍රශ්නෙ ඇහුවොත් මම කියන්න පුරුදු වෙලා ඉන්නෙ "ජීවිතේ ක්‍රිකට් වගේ" කියලා.




ක්‍රිකට් අවිනිශ්චිතයි,
අපේ ජීවිතත් ඒ වගේ.

  • සමහර ක්‍රිකට් මැච් දවස් ගානක් තියෙනවා.
  • තව සමහර ඒවා දවසයි. නැත්තන් 1/2 යි
  • සමහර ක්‍රිකට් මැච් අඩු ඕවර් ගානකින් ඉවර වෙනවා.
  • තවත් සමහර වෙලාවට අන්තිම බෝලෙ දක්වාම ඇදෙනවා
  • සමහර මැච් දවල්ට විතරයි
  • සමහර මැච් වලට දවල් රෑ වෙනසක් නෑ
  • සමහර ක්‍රිකට් මැච් මාර කම්මැලියි.
  • තවත් සමහර ඒවා ඉවර වෙනකම්ම කට ඇරගෙන බලන් ඉන්න හිතෙනවා
  • සමහර මැච් බලන්න කට කපල සෙනග
  • තව සමහර ඒව බලන්න ක්‍රීඩකයන්ගෙ පවුලෙ අයවත් නැහැ
  • සමහර මැච් වලට පාට පාට ඇඳුම්
  • සමහර මැච් වල සුදු විතරයි.
  • සමහර වෙලාවට අම්පයර්ගෙ වැරදි තීරණ හින්ද දැවිල යනව.
  • තවත් සමහර වෙලාවට හිට් විකට්.
  • සාමාන්‍ය දැවීයාමුත් තියෙනව.

තව ඉතින් මේ වගේ ගොඩාක් දේවල් කියන්න පුලුවන්.
අපේ ජීවිතත් මේ වගේමයි නේද ?





[ 11 - Feb - 2009 ]

Monday, February 9, 2009

පවුල් ප්‍රශ්නයක්...


අපේ රටේ තියෙන යුද්ධෙ ගැන එක එක අය එක එක දේවල් කියනවනෙ. සමහරු කියනවා මේක රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් කියලා. තව සමහරු කියනවා නැහැ මේක ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය ප්‍රශ්නයක් කියලා. තව එක එක විදිහේ අදහස් ගොඩාක් තියෙනවා.


කවුරු කොහොම කිවුවත් මමනම් කියන්නෙ දැනට අපේ රටේ තියෙන යුද්ධය පවුල් ප්‍රශ්නයක් කියලා. ඔන්න දැන් කියන්න එපා මම ආණ්ඩුව විවේචනය කරන ත්‍රස්ත්වාදී බ්ලොග් කරුවෙක් කියලා. මම කියන්න යන්නෙ එහෙම පවුලක් ගැන නෙවෙයි.

මේක මේ බළල් පවුලේ ප්‍රශ්නයක්. සිංහයත් බළල් පවුලේ. කොටියත් බළල් පවුලේ. දැන් තේරෙනව ඇතිනෙ මම කිවුවෙ මොකක්ද කියලා.


බළල් පවුල

ඉතින් මේක බළල් පවුලේ අභ්‍යන්තර ප්‍රශ්නයක් හින්දා කැන්ගරුවො, ජිරාෆ්ලා, හිපපොටේමස්ල, අලියො, රාජාලියො, උකුස්සො,කෑඳැත්තො අරගොල්ලො මේගොල්ලො මේ ප්‍රශ්නයට හොට දාන එක හොඳ මදි කියල තමයි මගේ අදහස. මමත් ඉතින් මකරෙක් හින්දා මේක ගැන අදහස් ප්‍රකාශ කරන්නෙ නැතුව කට වහගෙන ඉන්නවා.

මේ පවුල් ප්‍රශ්නයට මැදිහත් වෙන්න කවුරුහරි ඕනෙමනම් බෙංගාලි ව්‍යාඝ්‍රයො, සයිබීරියානු කොටි වගේ අය ඉන්නවනෙ.

[ 09 - Feb - 2009 ]

මගේ නිදහස් දින සිහිනය


කවුරු කොහොම කිවුවත් මමනම් සෑහෙන කාලෙකට පස්සෙ සැබෑ නිදහසක් සමරන්නෙ අද. පහුගිය දවස් වල මහා ලොකු වැඩක් තිබ්බෙත් නැහැ. ඒ වුනාට චූටි චූටි වැඩ ගොඩාරියක් එකතු වෙලා තිබ්බා.පෙබරවාරි 4 නිදහස් දවසෙ නිවාඩුවක් තිබ්බ නිසා හොඳට ගියා.අපේ ජාතික නිදහස් දිනයට කලින් දවසෙ නිදිමතේ දවල් හීන දැක දැක ඉන්නකොට මට හිතිච්ච දෙයක් තමයි මේක.

  • නිදහස් උත්සවේට ආචාර පෙළපාලි යනවනේ.............
  • වැඩියෙන්ම පත්තර වල ෆොටෝ වැටෙන්නෙ කොමාන්ඩෝ බලකායෙ ආචාර පෙළපාලියනේ........

ඉතින් ඔහොම දේවල් හිත හිත ඉන්නකොට මට මතක් වුනා අපේ අසල්වැසියාව. ඉන්දියාවෙ ඉන්නවනෙ බ්ලැක් කැට් කොමාන්ඩෝ කියල විශේෂ බලකායක්.බ්ලැක් කැට් කිවුවට මෙයාල පූසොනම් නෙවෙයි.


මේ ඉන්නෙ බ්ලැක් කැට්ල දෙන්නෙක්

බ්ලැක් කැට්ලා ගැන මතක් වුනාම මට හිතුනා ඇත්ත පූසො ටිකක් ආචාර පෙළපාලියක ගියොත් මොන වගේ තියෙයිද කියලා.

ඤාව් ඤාව් කිය කියා වල්ගෙ වන වනා පූසො ටිකක් ආචාර පෙළපාලියක වගේ යන චිත්‍රයක් හිතේ ඇඳගෙන මටම හිනා. වටේ පිටේ හිටපු කට්ටිය බලන්න ඇති මේ මොකෝ කියල. මටත් මොකෝ. අපිට සිතීමේ නිදහස තියෙනවනෙ.

පිස්සු අදහසක් වගේ හිතුනට පස්සෙ මට හිතුනා ඇත්තටම එහෙම දෙයක් වෙන්න බැරිකමකුත් නැහැ කියලා. සත්තුන්ව විවිධාකාර දේවල් වලට පුහුණු කරනවනේ. ඉතින් පූසො ටිකකට පෙළපාලි යන්න පුරුදු කරන්නත් බැරි කමක් නැහැනෙ.

මම අන්තර්ජාලයේ හොයලා බැලුවා කාට හරි මේ වගේ දෙයක් මීට කලින් හිතිල තියෙනවද කියල. මගේ අදහසම නොවුනත් මීට කලින් දෙතුන් දෙනෙකුට හරි පූස් පෙළපාලි ගැන හිතිල තියෙනවා. බලන්නකො මට හම්බ වෙච්ච ෆොටෝස්.


අන්තර්ජාලයෙන් හමුවූ පූස් පෙළපාලි

ඉතින් මේ වගේ පූස් පෙළපාලියකට අණ දෙන්න සුදුසු පූසෙකුත් ඉන්න එපැයි. මෙන්න ඒ වැඩේට මට හම්බ වෙච්ච කෙනා.


Chief cat


[ 09 - Feb - 2009 ]

Thursday, January 29, 2009

ඔබාමාගේ පූස් පොරොන්දුව


ඇමරිකාවෙ ජනාධිපතිට සම්බන්ධ හැම දෙයකටම අංක එකේ නමක් දෙනවනෙ.


උදා:
First lady - භාර්යාව
Air force one - නිල ගුවන් යානය
Cadillac one - නිල රථය
First pet - සුරතලා

( හැබැයි News First කියන්නෙ නිල ප්‍රවෘත්ති ද කියලනම් මම හරියටම දන්නෙ නැහැ )

බැරි වෙලා හරි හිලරි ක්ලින්ටන් ජනාධිපති වුනානම් බිල් ක්ලින්ටන්ට ඇමරිකාවෙ ප්‍රථම First Gentlemen වෙන්න තිබ්බා.

මේ ඉන්නෙ බිල් ක්ලින්ටන් ජනාධිපති කාලෙ හිටපු First Cat. එයාගෙ නම Socks.


බුෂ් මාමා ගැනත් කියන්න එපැයි. කලු ජනාධිපති කෙනෙක් එන්න කලින් බුෂ් මාමා ධවල මන්දිරයට කලුම කලු පූසෙක්ව ගෙනෙත් තිබ්බා. මේ ඉන්නෙ එයා. (මෙයා පහුගිය ජනවාරි 5 වෙනිදා මැරුණා)



Source: Wikipedia

මෙයාගෙ නම India(ඉන්දියා). India කියල පූසට නම තිබ්බ කියල ඉන්දියාවෙ උද්ඝෝෂණ එහෙමත් තිබ්බලු ඒ කාලෙ.

ඇමරිකාවෙ අලුත්ම ජනාධිපති ඔබාමා මාමාට චූටි දුවල දෙන්නෙක් ඉන්නවනෙ. ඔබාමා මාමා ඒ දෙන්නට පොරොන්දු වුනාලු ධවල මන්දිරයට ගියාම පූසෙක්ව ගෙනෙත් දෙනව කියලා. හැබැයි තවම ගෙනෙල්ල දුන්නෙනම් නැහැලු.


අනේ මන්දා මේ දේශපාලකයන්ගෙ පොරොන්දුනම්.....

දුවල දෙන්නගෙ සෞඛ්‍යයට හොඳ නැහැ කියලලු ගෙනෙත් දෙන එක පරක්කු කරන්නෙ. දැන් ඔන්න බේරෙන්නම බැරි තැන මවිල් නැති පූසෙක්ව හොයනවලු. ඔන්න ලොම් හැලිච්ච නාකි පූසන්ට හොඳ චාන්ස් එක.

අපි බලමුකො ඇමරිකාවෙ ඊලඟ First Cat මොන වගේ එකෙක් වෙයිද කියලා.


[ 29 - Jan - 2009 ]

Tuesday, January 20, 2009

තෙල් සහ මදුරුවෝ



මුලතිවු ධර්මපුරම් වලින් LTTE යෙ භූගත ඉන්ධන ගබඩාවක් හම්බ වෙලාලු. තෙල් මිල අඩු කරන්න කියල අඬන්න ඉන්න අයගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ නේද ?



මේ විදිහට තෙල් ගබඩා කරොත්
මදුරුවො බෝ වෙන්නත් පුළුවන්.



source: Lanka-e-News


[ 20 - Jan - 2009 ]

Thursday, January 15, 2009

සුභ හරක් අවුරුද්දක් වේවා!!!


මම මගේ හින්දු යාලුවන්ට තෛපොංගල් වලට සුභ පතන්නෙ තෛපොංගල් පහුවෙලා එක දවසක් ගියාම.

ඒ මොකද දන්නවද ? ....

තෛපොංගල් දවස ( මිනිස්සුන්ගෙ අවුරුදු දවස ) ට පස්සෙ දවස හරකුන්ගේ. ඒකයි :-)

ඉතින් හින්දු ආගමේ හැටියට අද තමයි හරකුන්ගේ අවුරුදු දවස.

අද හරකුන්ව හොඳට නාවල පාට කරල පොට්ටු තියල ලස්සනට මේකප් කරනවා.අනේ පවු හරකුන්ටනම් හිතෙනව ඇති මේ මොන කෝලමක්ද කියල නේද ?




ඒ විතරක් නෙවෙයි චීන ක්‍රමේ හැටියට මේ අවුරුද්ද ( 2009 ) හරකාගේ අවුරුද්ද.
[ Chinese New Year 2009 - The Year of Ox - The Year of Brown Cow ]

මට 2009 අවුරුද්ද වෙනුවෙන් සුහ පතල බ්ලොග් සටහනක් ලියන්නත් බැරි වුනානෙ.

ඒක නිසා හරක් අවුරුද්ද වෙනුවෙන් අද හරකුන්ගේ අවුරුදු දා ඔන්න මගේ සුභපැතුම්.

ඔබ සැමට ගොංම ගොං නව වසරක් වේවා!!!

[ 15 - Jan - 2009 ]

Friday, January 9, 2009

ඔන්න වෙලාව


අලිමංකඩ කොටින්ගෙන් නිදහස් කරගත්තලු. ඔන්න යන එන මං නැතුව හිටපු අලි රාලහාමිලට එහා පැත්තට මෙහාපැත්තට පැනගන්න හොඳ වෙලාව.



[ 09 - Jan - 2009 ]