මේ දවස්වල හැම දෙනාම වගේ කතා වෙන්න ජනාධිපතිවරණය ගැන.මේ තියෙන්න ඒ ගැන එක එක අය කියපු කතා
එක්කෙනෙක් "පළමුවත් දෙවනුවත් තෙවනුවත් මවුබිම". ඒ කියන්නෙ රටට තුනයි , හතර වෙනියට තමයි හොරා කන්නෙ. අනිත් කෙනා "මට පෙර රට". ඒ කියන්නෙ රටට එකයි ඊලඟට මට. එතකොට කවුද වැඩියෙන් හොඳ ?
---------------------------------------------
"තාරුණ්‍යයට හෙටක්". ඒකත් අර බාලගිරි අද නෙවෙයි හෙට වගේද?
---------------------------------------------
"දෙවෙනි මෙහෙයුම", අපොයි එක මෙහෙයුමක් ඉවර වෙනකල් මෙච්චර කල් පටි තද කරගෙන හිටියා. තවත් එකක් පටන් ගත්තද?
---------------------------------------------
SF = Swine Flue
---------------------------------------------
ජනාධිපති අපේක්ෂකයන්ගේ ඇඳුම සුදෝ සුදු කරවන රෙදි සෝදන කුඩු වර්ගය මොකක්ද?
---------------------------------------------
පිටි මිල අඩු කළේ අපිට කන්න නෙවෙයි. පෝස්ටර් අලවන්න පාප්ප හදන්න ඕනෙ හින්දා
---------------------------------------------
වැඩිපුරම සංවේදී කවුද කියලා දැනගන්නනම් දෙන්නවම කොනිත්තලා බලන්න වෙයි කවුද වැඩිම සද්දෙන් ඌයි කියන්නෙ කියලා.
---------------------------------------------
A: සිරස සුපර් ස්ටාර් වලටත් පොදු අපේක්ෂකයෙක්ව දාන්න ඕනෙ
B: ඇයි O/L වලට පොදු විභාග අපේක්ෂකයෙක් ?
C: ඇයි පොදු විවාහ අපේක්ෂකයෙක් වෙන එකත් මරු වැඩේ
---------------------------------------------
මට ඔය පොදු අපේක්ෂක කම දුන්නානම් මම භාර ගන්නෙත් නෑ ප්‍රතිෂේප කරන්නෙත් නෑ.
---------------------------------------------
Generals Should contest for General Elections
Presidential Elections are for Presidents
---------------------------------------------
මහ රජතුමාගේ අපේක්ෂාව කුමක්ද?
සක්විති රජ වීම (සක්විති රණසිංහ ගැනයි මේ කියන්නේ)
---------------------------------------------
"දරු දැරියන්ගේ අපේක්ෂාව කුමක්ද?"
A: ටොෆී, චොකලට්, අයිස්ක්‍රීම්, සෙල්ලම් බඩු
B:දරුවන්ගේ අපේක්ෂාවනම් දැරියක්. දැරියන්ගේ අපේක්ෂාව දැරියකගෙන්ම අහන්න ඕනෙ.
C:දරුවන් පොඩි කාලෙ අපේක්ෂා කරන්නෙ කාර්, දැරියොනම් බෝනික්කො හැබැයි ලොකු වුනාම දරුවො බෝනික්කො, දැරියො කාර්
---------------------------------------------
ලංකාවෙ මැතිවරණ හරීම නිදහස් හා සාධාරණයි
ලෝකෙ වංචනිකම මැතිවරණය ගැන මෙතනින් කියවන්න
[ 25 - Dec - 2009 ]