Monday, August 17, 2009

Cyber පැල්කවි


මේ ලබුත් තිත්ත කාලෙ පැල් රැකිල්ලත් ඔන්ලයින් වෙලා. මමත් මේ පැල් රැකිල්ලට ඇබ්බැහි වෙලා. ගෙඩි ටික හොරුන්ගෙන් බේර ගන්න ඕනෙ හින්දා මමත් වෙලාව (Timing) තියාගෙන පැල් රැකගෙන ඉන්නවා.

මේ තියෙන්නේ මගේ හේන.

ගෙඩි ටික හොරුන්ගෙන් බේරා ගන්න මම කරන වැඩේ තමයි ටයිමිංග් තියාගෙන ඉන්න එක. ගෙඩි කඩාගන්න ඉතුරු වෙලාව පැයකට වඩා අඩු වෙච්ච ගමන් පෝර දානවා. එතකොට මැජික් එකකින් වගේ ගෙඩි ටික එක පාර හැදෙනවානෙ. එතකොටම කඩා ගන්නවා. හැබැයි ඉතින් වෙන වැඩ යෙදිලා ටයිමිංග් වැරදුනාමනම් සොරි.කොම්.

බවුවෙක් හිටියා කියලා ඒකා කරන දෙයක් නැහැ වගේ. කකා බිබී ඉන්නවා විතරමයි. ඒකට කිකිළි, රත්තරන් බිත්තරත් දානවා. හැබැයි බිත්තර දම්මන්න පොඩ්ඩක් කිචිකවන්න ඕනෙ.

හික් හික්, මම විතරක් නෙවෙයි මූණු පොතේ ගොඩාක් අය මේ පැල් රැකිල්ලට ඇබ්බැහි වෙලා වගේ. ඔන්න මගෙන් සයිබර් පැල්කවි සාහිත්‍යයට .

හැදෙන හැදෙන ගෙඩි හොරු අරගෙන............යනවෝඕඕඕඕ.....
බලු පැටියා කෑම නැතුව........................වේලෙනවෝඕඕඕඕ.....
වල් පැල සහ ආගන්තුක..........................කුරුමිණියෝඕඕඕඕ.....
බාන් බඩී හේනේ මම පැල්............................රකිනෝඕඕඕඕ..
...


මගේ හේනෙ වල් පැලයි කුරුමිණියොයි හිටපු නැති හින්දා අල්ලපු හේනකින් මේ ෆොටෝ එක ගත්තෙ. වල් පැලයි කුරුමිණියොයි දැම්මෙත් මමමමයි ;-)


[ 17 - Aug - 2009 ]

12 comments:

ශාකුන්තල | Shaakunthala said...

මම නං ඔය game එක මගේ feed එකෙනුත් hide කරල තියෙන්නෙ. දෙතුන්දෙනෙකුගෙන් request එනකොටම බ්ලොක් කරල දැම්මා.

ඕක කර කර ඉන්නවට වඩා හොඳ නැද්ද ඇඟ පත වෙහෙසවලා ඇත්තටම මොනවහරි වගා කළොත්? ප්ලග් එක ගැලෙව්වම ඔය ඔක්කොම ආතල් ඉවරයිනේ.

said...

මේන්න උඹ මගේ අවසරයක් නැතුව මගේ හේනෙ ෆොටෝ ගහලා
මන් දානව නඩු

අපෝයි මේ ගේම් එක මගේ කාලෙ කනවා නෙමෙයි උලා කනවා. එකම ටික කරන්න තියෙන්නේ දැන්නම් ටිකක් එපා වෙලා තියෙන්නේ.

අනූ said...

ඉස්සර මාත් ඕක වැවුවා. දැං නං එපා වෙලා.

malee_msg said...

ඈ බොල ම‍කරසජෝ.. ලංකාවෙන් පිට ගියේ ඔහේ ඉදන් හේන් වවන්නද බොල කුරුමිණියෝ..!!! ;p

Thameera said...

හික්! මේක මේ හොර මැරකම් උගන්නන ගේම් එකක්නෙ. මාත් දවසක් පොඩ්ඩක් ඕක වටේ කැරකිලා කාසි කීපයක් හොයා ගත්තා. ඒක හරියන්නෙ නෑ. දැන් අදහස තියෙන්නෙ ඒ කාසි ටික දනට දීලා කැලේට ගිහිල්ල තපස් රකින්න. ඕකෙ වෙන හොර මැරකම් දැක්කම සසර කලකිරෙනවා.

දුකා said...

මටනම් හිතුනා ඕක කාලේ කන වැඩක් තමයි කියලා . .. අද වෙනකම් මම ඕක ප්ලේ කලේ නෑ . . .

Deeps said...

ඔව් අප්පා..ඕක කාලේ උයාගෙන කන ජාතියේඉ වැඩක්..මටත් දැන් පොඩ්ඩක් එපා වෙලා...ඒ වුනාට නවත්තන්න හිතෙන්නෙත් නෑ

Chanaka Aruna Munasinghe said...


@ ශාකුන්තල

මම ඔන්ලයින් ගේම්ස් සෙල්ලම් කරන්නෙ විනෝදාංශයක් හැටියට. හරියට සමහර අය විනෝදාංශයක් හැටියට සිංදු අහන, බලන එක වගේ. ඇත්තටම වගා කිරීම විනෝදාංශයක් කර ගත්ත අයත් ඉන්නවානේ.

මම විතරක් නෙවෙයි Virtual World වල කාලය ගත් කිරීම විනෝදාංශයක් කරගත්ත ගොඩක් දෙනා ඉන්නවා. දන්නවද බැරක් ඔබාමාගෙ කාලසටහනේත් ඉඩක් වෙන් කරල තියෙනවලු Virtual World & Social Networking වලට.

-------------------------------
@ ම

ලස්සනට තණකොල වැවිල තියෙන, ලස්සන ලස්සන කිරුමිණියො ඉන්න හේනක් දැක්කම ෆොටෝ ගහන්න හිතෙනවනෙ ඉතින්

-------------------------------
@ අනූ , deeps , ම

ඕනෙම ගේම් එකක් ටික කාලයක් ගියපුවම එපා වෙනවා.
මටත් තව ටික කාලෙකින් මේක එපා වෙයි. එතකොට (වෙන මෝඩ වැඩක් කරන ගමන් ) හිතෙයි මොන මෝඩ වැඩක්ද කලේ කියලා

------------------------------
@ malee_msg

නිකන් ඉන්න වෙලාවට හේනක් හරි වවලා ලංකාවට විදේශ විනිමය ටිකක් එවන්න එපැයි. ලංකාවෙ රජතුමා පවුනේ. හැම තැනම ගිහින් හිඟා කනවලුනේ

-------------------------------
@ දුකා, deeps , ම , ශාකුන්තල

කාලය කා දමන විදිහට ඇබ්බැහි වෙන එකනම් නරකයි තමයි. හැබැයි ඉතින් Relaxing Time කියල එකක් තියෙන්නත් ඕනෙ. බ්ලොග් ලියන්නෙත් ඒ වෙලවෙන්.

Kanishka said...

මම නම් මේක පැල් බැදගෙන ගහනව :D

Akila said...

I also wrote about this last month.

Anonymous said...

නවත්තන්න හිතෙන්නෙම නැහැ... :D

Chanaka Aruna Munasinghe said...

@ Anonymouse

මටනම් දැන් ඇති වෙලා. බලු පැටියා දැන් දවස් ගාණක ඉඳන් බඩගින්නෙ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D