Monday, March 29, 2010

එක එක අය කියපු කතා -03

 

පහුගිය ජනාධිපතිවරණය කාලෙ එක එක අය එක එක කතා ගොඩාක් කිවුවනෙ.


මේ පාර පාර්ලිමේන්තු මැතිවරණය ගැනනම් කට්ටිය වැඩිය කතා නැහැ. ඒත් එහෙන් මෙහෙන් ඇහිච්ච කතා ටිකක් මම එකතු කර ගත්තා. ඔන්න අහගන්න.

==================

* පංචායුධ කුමාරයා කියන්නෙ අර අතේ තිබ්බ ඔක්කොගෙන්ම දමල ගහල හරි ගියෙ නැති වුනාම බොරුවක් කියලා යකෙක්ව රවට්ටපු කෙනා නේද ? බොරු කියලා යක්කු රවට්ටන එකනම් අනුමත කරන්න පුලුවන්. ඒත් මහජනතාව රවට්ටන එක ??

* පාර්ලිමේන්තුවට යවන්න  වැඩිපුරම සුදුසු නළු නිලියො තමයි. මොකද ඕකට යන අය ගිහින් කරන්නෙත්  රඟපාන එකමනෙ. [ පාර්ලිමන්ට් ජෝක් ]

* එකෙක් කැළණිය පැත්තේ, අනිකා ගම්පොළ පැත්තේ. ( නාවලපිටිය තියෙන්නෙත් ගම්පොළ පැත්තෙ )

* මේ චන්දෙන් පස්සෙ ආයෙ කාළෙකට චන්දයක් නැතිලු. එහෙම වුනොත් මහජනතාවට දෙයියන්ගෙම පිහිටයි !

* බැ(රි)සිල් නොගනින් අබරෝ!

* මාස 6ක් ඇතුළත් පාර්ලිමෙන්තුව අහෝසි කරනු !

* ජනාධිපතිවරණයේදි දාපු චන්ද ටික මේ පාර නිෂ්ක්‍රීය කරන්න ඕනෙ [ජනාධිපතිවරණයේදී හොරචන්ද 4ක් දාපු කෙනක්] .

සැ:යු
===
මේවා මේ එක එක අය කියපු කතාය. මකර අධිරාජයාගේ අදහස් නොවේ .2010 පාර්ලිමේන්තු මහමැතිවරණය ගැන මකර අධිරාජයාගේ නිල ප්‍රකාශය අප්‍රේල් 1 වෙනිදා උදෑසන බලාපොරොත්තු වන්න !

[ 29 - Mar - 2010 ]

8 comments:

awak said...

නළු නිලි තාරකාවො පාර්ලිමේන්තු යන එක නම් ෂෝක්. මොකද මිනිස්සුන්ට තරු පේනව මදි.

Chanaka Aruna Munasinghe said...

@ awak

ඔව්මයි ඒක ඇත්ත :D

කතන්දර Kathandara said...

මකරා ගේ බර්ත් ඩේ දවසේ නේද මේ මැතිවරණ ප්‍රකාශය කරන්න යන්නේ?
ජයවේවා!

Chanaka Aruna Munasinghe said...

කතන්දර කාරයා ටත් එසේම වේවා! අපි ඉතින් එක දවසෙ ඉපදිච්ච කට්ටියනෙ

Hasitha Gunasinghe said...

ඇස් දල්වා කට දල්වා බලන් ඉන්නේ...........

Chanaka Aruna Munasinghe said...

@ Hasiya

හා හ හෙට වෙනතුරු හිටු

දුකා said...

අඩේ මේ උඹේ ලිපි ටික නම් මැක්සා බන් . . පස්සේ කාලෙක අපි පොතක් ගහමු . . . නැගල යයි හැබැයි . .

Chanaka Aruna Munasinghe said...

@ දුකා

නැගල යයි කිවුවෙ මුරුංගා අත්තකද ? සුදු වෑන් එකකද?

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D