Friday, September 24, 2010

ඉස්පිලි පාපිලි නොමැති රටක් !!!


එකමත් එක චූටි ටීචර් කෙනෙක් මට කිවුවා එකමත් එක බබෙක් අකුරු වලට ඉස්පිලි පාපිලි දාන්න කැමති නැහැලු. ඉස්පිලි පාපිලි දාපුවම බෝල වගේ රවුමට තියෙන අකුරු කැත වෙන හින්දලු.

මේ බබා රූල් තියෙන පොත් වල රූල් දෙක අතරෙ ඉඩ පිරෙන්න බෝල ගෙඩි වගේ ලස්සනට අකුරු ලියන්න පුරුදු වෙලා. හැබැයි එහෙම රූල් දෙක අතරෙ ඉඩ පිරෙන්නම ලිවුවට පස්සෙ කෝ ඉස්පිලි පාපිලි දාන්න ඉඩක්. 

ඉතින් මම චූටි ටීචර්ට කිවුවා ඩබල් රූල් පොත් වල අකුරු ලියන්න පුරුදු කරන්න කියලා. චූටි ටීචර් කියනවා දැන් ඩබල් රූල් පොත් විකුණන්න තියෙනවා අඩුයිලු. තියෙන ඒවත් තනිරූල් පොත් වලට වඩා ගණන් වැඩිලු. ඒක හින්දා සිංහල භාෂාවත් ඉස්පිලි පාපිලි නැති ඉංග්‍රීසි වගේ භාෂාවක් කරන්න ඕනෙලු.

ඔන්න ඒ චූටි ටීචර්ගෙයි , ඉස්පිලි පාපිලි වලට අකමැති බබාලගෙයි දැන ගැනීම පිණිස මට චූටි කවියක් මතක් වුණා. මේ කවියෙන් කියවෙන්නෙ ඉස්පිලි පාපිලි නැති එකමත් එක රටක වෙච්ච චූටි සිද්ධියක්.


ටකර ටකර ටකර ................ලයා
කළෙත අරන ළඳට..............ගයා
ළඳ වටකර කබර..............ගොයා
කකල කාප....................දයබරයා

පවූඌඌඌඌ නේද ?


[ 24 - Sep - 2010 ]

30 comments:

Hasitha Gunasinghe said...

හරි ෂෝයි. කොච්චර පහසුද මෙහෙම කවියක් තියෙන එක :)

malee_msg said...

අනෙ මාත හර ආසය එහෙම තයනවා නම...

Buddhi said...

අනෙ ඔය​ටත හතන දෙවල. කොහොම උනත අර පොටො එක මාර සෙකස අනෙ!!!!!

හරී - පිණිපළස said...

මට පේන්නෙ තවමත් උන වගේ,,,, කොහෙන් එන අදහස්ද මන්දා

Anonymous said...

හික්...මාර කවිය..අමුනල කරල බැලුවම ඉස්පිලි පාපිලි නැති එකෙත් පොඩි ගතියක් තියෙනව :D

dinesh said...

ෂිහ් ..තාම කවිය කියෝ ගන්න බැරි උනානෙ.ටිකිරිලියාවමයි පේන්නෙ.

Anonymous said...

Excellent...

කතන්දර Kathandara said...

ඔය ටික ටික එලිවෙන්නේ චූටි ටීචර් ලා ගැණ මකර කතන්දරත්!

ඒක නෙමේ අර චූටි ටීචර් රතු චීත්ත දෙජාතියක්ම තියෙද්දීත් දියබරියට පේන්න වෙන්න ඇති චීත්ත බාගයක් ඇඳන් යන්නේ නේද?

මකරු කිව්වට මුං දියබරියෝ නේ!

Anonymous said...

කොලුවෝ ඔයා පාපිල්ලක් ඉතුරු කරලනේ කවිය එන්න ඕනේ මෙහෙමයි.

ටකර ටකර ටකර ................ලය
කළෙත අරන ළඳට..............ගය
ළඳ වටකර කබර..............ගෙය
කකල කප....................දයබරය

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

ඒක ')' ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් නෙවෙයි. ඒක ඇලපිල්ලක්. ඇලපිලි , ඇදපිලි කරදරයක් නැතුව රුල් දෙක අතරෙ ලියන්න පුළුවනි.
============
@ Others

අනිත් අයට පස්සෙ උත්තර දෙන්නම්. දැන් වැඩ. ඒක නෙවෙයි Unicode වලින් පිල්ලම් විතරක් ලියන්න බෑ නේද? පුළුවන්ද ?

Gaminda said...

මෙ ක්‍රමෙ හොඳය

Anonymous said...

මෙහෙම ලිදට යද්දි දියබ‍රි නොකාවිද ඉතින්...

ස්වප්නා said...

හහ.. ඔයාටත මාර ටකර කලපනා තමය එනනෙ :) ;)

මාරයාගේ හෝරාව said...

ඇති දිය බරියා කකුළ කාලා නැවතුනානම්..

සසීන්ද්‍ර වීරසිංහ said...

මෙයාමද අර අපි අහල තියන ලූ ලෙටර් එක ලියල තියෙන්නෙ

Anonymous said...

නයමය නෙ මකර ටත මර අයඩයා තමය එනනෙ

ඉන්දික උපශාන්ත said...

දියබරි නෙමෙයි ඇස් නැති කබරයිත් කයි මෙයාවනං. ඉස්පිලි නැති ඔනාට ඔය අගේට ඉස්සිලි තීන්නෙ, ඒ මදැ..!

Anonymous said...

මේක ඔරිජිනල් කවියට වඩා ගොඩක් ෂොක් නේ. මෙහෙම ගියපුහම ඉස්පිලි පාපිලි නෑති කරන එක හොදයිනේ

``` Outsider``` said...

නියමයි කවිය...

Jay said...

හික් හික්
නියම කවිය..

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

එකනෙ, කොහොමද මගෙ ටකර මොළෙ
=============
@ malee_msg

අපි දන්නව ඇයි ඒ හරි ආස කියල. මලී කියල නොලියා මල කියල ලියන්න පුළුවන්නෙ
=============
@ බුද්ධි

ඒක ෆොටෝ එකක් නෙවෙයි, චිත්‍රයක්
=============
@ හරී

නෑ නෑ, දැන් උණ හොඳයි. කැහ්හත් හොඳයි
=============
@ Hasitha ජයසූරිය

දිව උළුක් කර ගන්න ඕනෙත් නෑ :D

Chanaka Aruna Munasinghe said...

@ dinesh

තවමත් කියව ගත්තෙ නැද්ද කවිය
============
@ Ayomi's World

Tnx
===========
@ කතන්දරකාරයා

අපේ චූටි ටීචල කකාගෙ චූටි ටීචලට වඩා චූටියි :-p

චීත්ත දෙජාතියක් කිවුවට ඒක දෙකම එකම චීත්ත රෙද්ද 2ට කපල වෙනස් විදිහට මහපුවා . දෙකේම තියෙන්නෙ හාෆ් හාෆ්

Chanaka Aruna Munasinghe said...

@ Gaminda

හොඳ නම පාවචචයට ගනන
===========
@ sithuwilimandiya

ආ මේ ඉන්නෙ දියබරියන්ගේ හැසිරීම රටාව ගැන හොඳට දන්න අය
==========
@ ස්වප්නා

එකනෙ කොහොමද ටකර මොළෙ
===========
@ මාරයාගේ හෝරාව

මාරයත් දියබරියො ගැන හොඳට දන්නව වගේ

Chanaka Aruna Munasinghe said...

@ සසීන්ද්‍ර වීරසිංහ

අපොයි , ඒක ලිවුවෙ මම නෙවෙයි. ඒක ගැන මමත් ඔයාගෙන්නෙ ටක ටක අහ ගතතෙ
===============
@ Anonymous

සතතය ( ස්තූතියි )
==============
@ ඉන්දික උපශාන්ත

කබරයො හපන්නෙ නෑ නේද?
=============
@ Anonymous

හා හා, එහෙම වුණොත් ඉස්පිලි පාපිලි නොමැති යුගයක පෙරගමන්කරුවා මම වෙයිද ?
============
@ ``` Outsider```, Ansh Lucky Sri Jay

ස්තූතියි

Anonymous said...

හහ හහහහහහ හාහාහාහ හහහාා
හනා වනා

Chanaka Aruna Munasinghe said...

@ wath

ඔහොම හනා වෙනකොට නඹ ලසසනය

Anonymous said...

ehema una nam, minissunta thani rakinna yanawa wage wachana liyanna wenne na hariyata.

duliponline said...

ටකර ලයා කොහෙනද බං හොයා ගතතෙ ???? සවට ඈ . . . .අමමපා මම දය බරය උනා නං . . .

Charmi said...

මෙ ටකර ලයාට නං දයබරයා කාප එක සාදාරනය.

බිඟූ said...

ඒක නම් පට්ටයැ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D