Monday, March 2, 2009

මගේ Facebook Status සංරක්ෂණ ව්‍යාපෘතිය


අපි ගොඩක් අය FaceBook වලට ඇබ්බැහි වෙලානෙ ඉන්නෙ. ගොඩාක් දෙනා තමන් කරන්නෙ මොනවද කියල අනිත් යාලුවන්ට දැනුම් දෙන්න FaceBook එකේ Status එක පාවිච්චි කරනවා. ඒ Status වලට යාලුවන්ගෙන් ලස්සන ලස්සන Comments එහෙමත් වැටෙනව ඇතිනෙ. ඒ වුනාට ටික කාලයක් ගියාම ඒ Status එක disappear වෙලා ගියාට පස්සෙ ඒ Comments එහෙම ආපහු බලා ගන්න ක්‍රමයක් නැහැනෙ. අපරාදෙ නේද?


ඒක නිසා මම Facebook Status සංරක්ෂණ ව්‍යාපෘතියක් පටන් ගත්තා. මෙන්න මම කරපු දේ.

1. පළවෙනියටම FaceBook එකේ තමන්ගෙ Status එකේ RSS Feed එක හොයා ගන්න ඕනෙ. ඒකට FaceBook වලට log වෙලා මෙන්න මේ එකට URL යන්න



එතකොට මේ වගේ Web පිටුවක් එයි. ඒකෙන් හොයා ගාන්න Status එකේ RSS Feed ලිපිනය




2. ඊලඟ වැඩේ හරිම සිම්පල් ප්ලෑන් එකක්. Google Reader එකට ඒ හොයා ගත්ත Feed ලිපිනය import කරන්න. එච්චරයි. මේ බලන්න මගේ Google Reader එක.



මෑත කාලීන Status ටික සංරක්ෂණය වෙලා දින වකවානුත් එක්කම (යටින්ම තියෙන ටිකටනම් එකම දවස වැටිල තියෙන්නෙ. එකම දවසෙ import කරපු නිසා. ඒ වුනාට අලුත් ඒවායෙනම් දින හරි). Comments ටික ඒ තියෙන Link එක දිගේ ගියාම බලා ගන්න පුළුවන්. හැබැයි මම දන්නෙ නැහැ ඒ Link කොච්චර කල් සජීවීව තියෙයිද කියලනම්.

ඒක නෙවෙයි වැදගත්ම දේ. දිනපොත් ලියන්න කම්මැලි/වෙලාවක් නැති අන්තර්ජාල සැරිසරන්නන්ට සරළ ඉලෙක්ට්‍රොනික දිනපොතක් Automatically ලියා ගන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්.

මේ ක්‍රමේ මොනවහරි අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මේක මම පටන් ගත්ත විතරමයි. තවම බීටා. මේ වැඩේට මීට වඩා හොඳ ක්‍රම තියෙන්නත් පුලුවන්. එහෙම දේවල් දන්නවනම් කියන්නකෝ


මෙන්න මගේ පරණ Status එකක්




Those who messed up with simple stuffs will see killer whales and crocodiles
But if you invest capital correctly you will get real message

[ 01 - Mar - 2009 ]

6 comments:

ශාකුන්තල | Shaakunthala said...

පට්ට! මම feed කියවන්න පාවිච්චි කරන්නෙ Mozilla Thunderbird. ඒකෙම තියාගෙන කියවන්න බැහැනෙ Thunderbird වල. Log වෙන්න බෑ. :(

බුද්ධික said...

එල එල...ජංගම දුරකතනයටම දා ගත්තා....

charithsriyan said...

FaceBook Status සංරක්ෂණය කරන්න හිතුනෙ ඊයෙ දාපු comments හින්ද ද?....:P

Chanaka Aruna Munasinghe said...


@ ශාකුන්තල

ThunderBird වල ඉඳලම වැඩේ කරගන්න පුලුවන්
ඒ සඳහා අවශ්‍ය වෙන්නෙ මෙන්න මේ Add-On දෙක.

1. Thunderbrowse - Embedded browser for ThunderBird
2. CS Lite - To manage cookies

කරන විදිහ කියල දෙන්න ඕනෙ නැති වෙයිනෙ.
බබෙක් නෙවෙයිනෙ නේද ? :-)
Try කරලම බලන්නකෝ

-----------------------------------
@ නාගයා

ආ මෙන්න තවත් Rajans කොලු පැංචෙක්.මොකක්ද හැබෑට ලොව අංක එකේ නාගයො පාවිච්චි කරන ජංගම දුරකථන වර්ගෙ.

----------------------------------

@ Charith Weerakkody

ඒවත් එක්කම සංරක්ෂණය තමයි
අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්නත් එපැයි.

ශාකුන්තල | Shaakunthala said...

එළ... තෑන්ක් යූ වේවා Dragon Lord Sir...

අනේ ඒකත් කියල දීල හොඳ මකර අංකල් වගේ 0c8588b47f627b4c1f7042e1e042c140

Danishka said...

ස්තුතියි චානක :)

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D