Sunday, March 1, 2009

සුභපැතුම් !!!


පේරාදෙණිය සරසවියේ වාර්ෂික උපාධි ප්‍රදාන උත්සවය පහුගිය බ්‍රහස්පතින්දා විශ්වවිද්‍යාල ක්‍රීඩාගාරයේදී පැවැත්වුනා. මම උපාධිය ලබා ගත්ත උපාධි ප්‍රදාන උත්සවය තිබ්බෙ ගිය අවුරුද්දෙ. ඒ වුනාට හරි ක්‍රමේට ඇවිත් විශ්වවිද්‍යාලයට ආවනම් මටත් උපාධිය ගන්න වෙන්නෙ මේ අවුරුද්දෙ තමයි. මේ පාර උපාධි ගත්ත ගොඩාක් අය මගේ සම වයසෙ.

මම මොන්ටිසෝරි යන්නෙ නැතුව ඒ අවුරුද්දෙ ඉස්කෝලෙ ගිය නිසා තමයි අවුරුද්දක් කලින් උපාධිය ගත්තෙ. හැබැයි ඉතින් මොන්ටිසෝරි ගියෙ නැති හින්දා මොන්ටිසෝරි විෂය නිර්දේශයට අදාල සමහර දේවල් මට බැහැ ( උදා: පිළිවෙලකට කොණ්ඩය පීරීම, පවුඩර් ගෑම ).


ඉතින් පහුගිය අවුරුද්දෙ විභාග අවසන් කරපු දවසෙ ඉඳන් උපාධි විරහිත රැකියාධාරීන් විදිහට හිටපු මගේ සම වයස් සොයුරු සොයුරියන් උපාධි සහිත රැකියාධාරීන් වීම පිළිබඳව මගේ උණුසුම් සුභපැතුම් !!!


හැමෝටම පෙන්නුවොත් හොඳයි කියල හිතුනු ඡායාරූප දෙකක්


E03 කණ්ඩායමෙන් ලැබුනු සමරුව
[ සම වයස් වුනාට මමත් සර් කෙනෙක්නෙ :-) ]



දැනුමෙන් පිරුණු හිස හුලං පුම්බපු බැලුම් බෝලයක් කර ගන්න එපා.
ඉක්මනටම පුපුරා යාවි.


[ 28 - Feb - 2009 ]

4 comments:

Anonymous said...

"දැනුමෙන් පිරුණු හිස හුලං පුම්බපු බැලුම් බෝලයක් කර ගන්න එපා.ඉක්මනටම පුපුරා යාවි." - හොඳ උපදේශයක්.

Narada said...

@ චරිත අයියා: මාත් එකඟයි.

Chanaka Aruna Munasinghe said...


ස්තුතියි

malee_msg said...

උපදේශය නම් පංකාදුයි!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D