Saturday, March 28, 2009

රැවටෙන්න එපා රත්තරං


මේ තියෙන්නෙ අද මහනුවර නගරයේ බෙදා හැරපු වෙළඳ දැන්වීමක්.



මේකෙ තියෙනෙ විදිහට රුපියල් 1500/= සිට රුපියල් 5000/= දක්වා වටිනාකමක් තියෙන රන් භාණ්ඩ රුපියල් 100/= සිට රුපියල් 300/= මිල ගණන් වලට විකුණනවලු.

මටනම් හිතෙන්නෙ මේකෙ මොකක් හරි හොරයක් තියෙනවා කියලා. කවුරු වුනත් ප්‍රචාරණයටත් වියදම් කරලා විකිණීමේදීත් මෙච්චර ලොකු පාඩුවකුත් තියාගෙන විකුණයි කියල හිතන්න අමාරුයි.

තව වෙන්න පුලුවන් දෙයක් තමයි මේවා රුපියල් 1500/= සිට රුපියල් 5000/= දක්වා වටිනවා කිවුවට ඇත්ත වටිනාකම රුපියල් 100/= ට අඩු වෙන එක. එහෙමනම් මේවා ඇත්ත රන් භාණ්ඩ වෙන්න අමාරුයි. ( අද වෙළඳපොලේ රන් වල වටිනාකම එක්ක බැලුවම රුපියල් 100/= ට අඩු වටිනාකමක් සහිත රන් ප්‍රමාණයකින් ආභරණ හදනවනනම් නැනෝ තාක්ෂණය පාවිච්චි කරල තමයි ඒව හදන්න වෙන්නෙ ). එහෙම වුනොත් මෙතන තියෙන වැරැද්ද තමයි අයථා ප්‍රචාරණය. මොකද මෙතනදි ප්‍රචාරණය කරන්නෙ ස්වර්ණාභරණ කියලනෙ.

මේ වෙළෙඳාම මහනුවර විතරක් නෙවෙයි අනිත් නගර වලත් වෙන්න පුලුවන්. පරෙස්සම් වෙන්න. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියනවනේ.{ හැබැයි මට අද තිබ්බ TOEFL Exam එකේ Listening part එකටනම් }


ඇයි රත්තරන් ඔය තරම් ගණන්:

රත්තරන් ගැන මතක් වෙච්ච හින්දා තව දෙයක් කියන්න හිතුනා. ඇත්තටම රත්තරන් වලට තියෙන්නෙ ආරෝපිත වටිනාකමක් විතරයි. රත්තරන් වල වටිනාකම ලැබිල තියෙන්නෙ අපි රත්තරන් වටිනා දෙයක් කියලා විශ්වාස කරන නිසා ( දුර්ලභ නිසා ). හැබැයි රත්තරන් වල ප්‍රායෝගික වටිනාකම අඩුයි. ආභරණ වලට මිසක් වෙන ඵලදායී දේවල් වලට රත්තරන් යොදා ගන්නවා අඩුයි.

ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන වගේ දේවල් වලට රත්තරන් වලට වඩා වැඩි ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. මේ හේතුව හින්දා අනාගතයෙදි රත්තරන් වල වටිනාකම නොහිතන විදිහට අඩු වෙන්න පුලුවන් කියලා සමහර ආර්ථික විද්‍යාඥ්‍යයො කියනවා.

ඔන්න රත්තරන් වලට ආයෝජනය කරන අයට .


[ 28 - Mar - 2009 ]

5 comments:

Anonymous said...

මෙච්චර ගනන් අඩු වෙලාද මකරො .එහෙනම් බඩුම තමා හොරුන්ට චේන් කඩලාත් වැඩක් නැ

Indranama said...

හැබැයි මේ දැන්වීමෙම තියෙනවා "රන් ආලේපන" කියලා. ඒ කියන්නෙ ආලේපිත වෙන්න ඕනෙ.

ඔලුව අතගාලා ටොක්කක් ඇනලද කොහෙද :)

malee_msg said...

ඔය පැත්තේ බවලත් උදවියට නම් රජ මගුල් වගේ ඇති

ටොෆල්? ඇයි මකර අධිරාජ්‍යයත් මව්බිම හැර යන්නද කම්පනාව?

Narada said...

ඔකත් කජ්ජක්යැ දැක්කා දුවලා ගිහින් ගන්න අපේ ඇත්තෝ රවටන්න ලේසි නොවැ, අනික රන් ආලේපිත කියලා දානකොට එච්චර පැහැදිලිවත් දාලා නැහැ නොවැ, අනික ඇයි ඒවාටත් එච්චර ගනණ්?

මචෝ රට හැරලා යන්නද කල්පනාව? මොකෝ ඒ?

ගොඩයා said...

රත්තරන් වටින රත්තරන් අවස්තාවයක්නේ මකරෝ...

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D