ජලාර්දය , විශ්වයේ ඈත කෙලවරක තියෙන මීදුමේන් වැසී ගත්ත නිල්වන් පලාවන් ලස්සන ග්‍රහ ලෝකයක් . හරියට අවතාර් වල පැන්ඩෝරා ග්‍රහ ලෝකේ වගේ. ජලාර්දයේ ජීවත් වුණේ අසුරයෝ. අසුරයෝ කීවට එයාලත් මිනිස්සු කොටසක්මයි. අභ්‍යවකාශ යුගයේ තාක්ෂණික දියුණුවෙන් හෙම්බත් වෙච්ච නිස්කලංක ජීවිතයක් හොයපු මිනිස්සු වරින්වර විශ්ව පාලන අධිකාරියේ නීති රීති වලින් නිදහස සොයා ජලාර්දයට පැන ගියා. වටිනා කියන ඛනිජ වර්ග කිසිවක් නැති නිසා විශ්ව පාලන අධිකාරිය ජලාර්දය ගැන හෝ එයට පැන යන අය ගැන සොයන්න උනන්දු වුනේ නෑ.
විශ්වයේ ආධිපත්‍යය දරපු සුරයෝ අධිතාක්ෂණික මෙවලම් , දීර්ඝ කාලයක් තරුණ බව රැකගත හැකි වාජීකරණ එන්නත් වගේ දේවල් පාවිච්චි කරමින් දේවත්වයට ලං වෙන්නට උත්සාහ කරද්දි ජලාර්දයේ අසුරයෝ උත්සාහ කලේ හැකිතරම් දුරට ස්වභාව ධර්මයත් එක්ක ස්වභාව ධර්මයේ නීති රීති වලට අනුව ජීවත් වෙන්න.
ජලාර්දයේ අසුරයන්ට හරි අපූරු පුරුද්දක් තිබ්බා. ඒ තමයි හුවමාරු කරගෙන පොත් කියවීමේ පුරුද්ද. ඒ පොත් ලිවුවෙත් අසුරයොමයි. ජලාර්දයට ආපු හැම කෙනෙක්ම යම් ආකාරයක සාහිත්‍යකාමියෙක්. එහෙමත් නැත්තන් ජලාර්දයේ පරිසරය ඒ අයව සාහිත්‍යකාමීන් බවට පත් කළා . මුද්‍රිත පොත් පත් කියන දේ ඉතිහාසයට එකතු වෙලා තියෙද්දි සියලුම පොත්පත් ඩිජිටල්කරණය වී තියෙද්දි අසුරයෝ කැමැත්ත දැක්වුවේ කඩදාසි වල මුද්‍රිත පොත් පත් කියවන්න.
ජලාර්දයේ අසුරයන්ට හරි අපූරු පුරුද්දක් තිබ්බා. ඒ තමයි හුවමාරු කරගෙන පොත් කියවීමේ පුරුද්ද. ඒ පොත් ලිවුවෙත් අසුරයොමයි. ජලාර්දයට ආපු හැම කෙනෙක්ම යම් ආකාරයක සාහිත්‍යකාමියෙක්. එහෙමත් නැත්තන් ජලාර්දයේ පරිසරය ඒ අයව සාහිත්‍යකාමීන් බවට පත් කළා . මුද්‍රිත පොත් පත් කියන දේ ඉතිහාසයට එකතු වෙලා තියෙද්දි සියලුම පොත්පත් ඩිජිටල්කරණය වී තියෙද්දි අසුරයෝ කැමැත්ත දැක්වුවේ කඩදාසි වල මුද්‍රිත පොත් පත් කියවන්න.
මේ මම කාලෙකට කලින් කියවපු "ජලාර්දයේ අසුරයෝ" නම් විද්‍යා ප්රබන්ධයක කොටසක්. අසුරයෝ වගේම මමත් කැමති කඩදාසි වල මුද්‍රිත පොත් කියවන්න. ඒ නිසා මෙවර කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් මමත් පොත් කීපයක් වෙන් කරවා ගත්තා.
මතුයම් දිනක මම එනතුරු ලංකාවේ රහසිගත තැනක මේ පොත් ටික සුරක්ෂිත වී තියේවි.
- ඈත අතීතයට ගිය ඇමරිකානුවා 1 සහ 2 --- මාක් ට්වේන් . පරිවර්තනය, රාණි රාජපක්ෂ
- මන්ත්රකාරියගේ සිරස --- රයිඩර් හැගාර්ඩ් , පරිවර්තනය , චන්ද්‍රසිරි දසනායක
- ගැඹුරු මුහුද --- ආතර් සී ක්ලාක්, පරිවර්තනය , සිරිල් සී පෙරේරා
- මසුරු සිහින --- ආර් කේ නාරායන් . පරිවර්තනය පේ‍්‍රමරංජිත් තිලකරත්න
- ආගන්තුක රෝගියා --- මයිකල් ඔන්ඩච්චි . පරිවර්තනය කේ. ඒ . එන්. පෙරේරා
- සක්කාරං --- චම්මින්ද වෙලගෙදර
- අතුරුදන් වූ බළලා --- එනිඩ් බ්ලයිට්න් , පරීවර්තනය ලීලානන්ද ගමාච්චි
- ආදරණීය ගුරුතුමනි --- රිකාඩෝ බ්‍රෙත්වේට් ,පරීවර්තනය සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
- ගංතුලානේ ගණිතාන්දරය -- ආචාර්ය සංජීව පෙරේරා සහ අනුරුද්ධ මහසිංහ
ආ කියන්න අමතක වුණා. ජලාර්දයේ අසුරයන්ට තවත් අපූරු පුරුද්දක් තිබ්බා. ඒ තමයි පොත්පත් මුද්‍රණය කරන්න කඩදාසි ලබාගන්න කපන ගස් වෙනුවෙන් ඒ පොත් කියවන, ලියන අයම නැවතත් ගස් වගා කරන එක.
[ 21 - Sep - 2011 ]
24 comments:
අදඉදලා ජලාර්ධය පිරලා මකරා අරන් තිබ්බ පොත් ටික හොයාගන්න ඕනේ. කවුදෑ දන්නේ ඕවායෑ මොන මොනා තියෙනවද කියලා.
ජලාර්දයේ අසුරයෝ කතාව තිබ්බේ "නිල් තාරකාවට ගිය තිදෙනා" කියන පොතේ නේද?මම ඒක කියවලා තියෙනවා ඒ කාලේ.. :)
හෆු... මෙන්න තවත් පොත් පිස්සෙක්.... :) ජලාර්ධ පිස්සෙක් :) හිකිස්... ඤෑස් !!!!
අනේ මමත් ආසම පොත් කීපයක්. ඉතින් ඇයි ඔයා ඔය සිංහල පරිවර්තන කියවන්නේ?
Michael Ondaatje ඉපදුනේ ලංකාවේ කියලා දන්නවා ඇති නේද? එයාගේThe English Patient කියන පොතට Booker Prize හම්බ උනා. තවත් එයාගේ ලස්සන පොතක් මම කියෙව්වා. ඒAnil's Ghost.
ඔයා ඔය කියන 'ජලාර්ධයට' ගිහින් ජීවත්වෙන්ට තියනවා නම් මම හොඳටම කැමතී.
ජලාර්ධෙ ඉන්න අසරුවන්ට පීනන්න පුළුවන්ද ?
මගේ කරුමෙට සැප්තැම්බර් මාසවල මට ලංකාවෙ ඉන්න ලැබෙන්නෙ නෑනේ...!
මොනව උනත් පූසෙක් ගැන ලියපු පොතකුත් නොවැරදීම අරගෙන තියෙන්නෙ....! මකරු, පූසන්ට මෙච්චර ලෙංගතුයි කියලා මම දැන් තමයි දන්නෙ.
හ හ... එහෙනම් ඔය කයි කතන්දර ඔක්කොම කියවලා කෑම කන වෙලාවට අපිටත් කතාවක් දෙකක් කියන්නකෝ එහෙනම්....!
මකරා මල්ලී පරිවර්තන වලට හරි කැමතියි වගේ.
මයිකල් ඔන්ඩච්චිගෙ "ආගන්තුක රෝගියා" පොත මම කිහිප වතාවක් පොත කියවන්න උත්සාහ කරා. කතාව ඇදගෙන යනවා වැඩි දුවනවා මදි වගේ හිතුන. මට "ඉංග්‍රීසි රෝගියා" චිත්‍රපටිය රස වැඩියි පොතට වඩා. සාමාන්‍යයෙන් නම් ඒකෙ අනිත් පැත්ත.
ළඟ දී කියවන්න ලැබිච්ච ලාංකික රචකයෙක් ලියූ රසවත් පොතක්: Ashok Ferry ගෙන් Serendipity (2009) එක හුස්මට කියවලා ඉවර කලේ.
මගේ ජීවිතෙත් ඉතින් පොත් එක්කම නේ. ඔයා ගත්ත පොත් ගැන මගේ අදහස්.
English Patient - මයිකල් ඔන්ඩච්චි කැනඩාවේ ජීවත් වන බර්ගර් සම්භවයක් ඇති ශ්‍රී ලාංකිකයෙක්.මෙම කෘතිය BOOKER සම්මානය දිනා ගත් පොතක්. සිංහල පරිවර්තනය නං මම කියවල නැහැ. මේ කතාව ඇසුරෙන් නිමවූ English Patient සිනමා පටය එම වසරේ හොඳම සිනමා පටයට හිමි ඇකඩමි සම්මානය ඇතුළුව සම්මාන නවයක් දිනා ගන්නව. මා ඉතාමත් ප්‍රිය කරන චිත්‍රපටයක්. මගේ උපදෙස නම් ඔය පොත කියවීම මදක් පමා කර සිනමා පටය බා ගෙන නරඹා සිටින ලෙසයි.
ගැඹුරු මුහුද - ආතර් සී. ක්ලාක් මහතාගේ විශිෂ්ට කෘතියක්. සිරිල් සී. පෙරේරා මහතාගේ විශිෂ්ට පරිවර්තනයක්. හොඳම හොඳ පොතක්.
අනෙක් පොත් මම කියවා නැත්තෙමි. ඒත් රාණි සේනාරත්න රාජපක්ෂ සහ ලීලානන්ද ගමාච්චි විශිෂ්ට පරිවර්තකයන් ලෙස හඳුනමි.
ඔයා කියවල අනෙක් පොත් ගැන විස්තර අපිටත් කියන්න.
හැමෝම ලියන්නේ පොත් ප්‍රදර්ශනේ ගැන . ඉහි ඉහි . මටත් හැබැයි පොත් ටිකක් අරන් තියල යාලුවෙක් . ඔන්න ආස්සරය කරනවා නම් යාළුවො.
කඩදාසි පොතක තියන ගතිය නැහැ කොච්චර අලුත් ක්‍රම ආවත්. ආගන්තුක රෝගියා මන් ගාව ත් තියනව .
ජලාර්දයේ මකරත් පොත් වෙන් කර ගත්ත එක ගැනනම් හෙන සංතෝසයි... ඒ වෙන් කර ගත්ත පොත් වෙනුවට පැල කීයක් හිටෙවුවද දැන්...
@ මධුරංග
ජලාර්දය පීරුවට වැඩක් නෑ. පොත් තියෙන්නෙ ලංකාවෙ එක්තරා තැනක.
============
@ ChammA
ඔවු ඔවු. නිල් තාරකාවට ගිය තිදෙනා පොතේ තමා. ඒ පොතේ කතා 3ක් තියෙනවා මතකද ?
============
@ ජීවිතේ මල්
මෙන්න ඤෑයියෙක්. ඤපූරුයි
@ Podi Kumarihami
සිංහල පරිවර්තන කියවන්න හේතු දෙකක් තිබේ
1. ඉංග්‍රීසි දැනුම මදිකම. වචන හරියට නොතේරෙන විට පොත කියවන්න එපා වෙනවා.
2. ඉංග්‍රීසි පොත් ගණන් වැඩි
Michael Ondaatje ගැන Booker Prize එක ගැන සහ English Patient චිත්‍රපටියට හම්බ වෙච්ච සම්මාන ගැන අසා තිබෙන නිසයි ඒ පොත ගන්න ආස හිතුනෙ.
=============
@ දුමී
අසරුවො නෙවෙයි අසුරයො, අසුරයො, කතාවේ හැටියටනම් පීනන්න පුලුවනි අසුරයෙක් පීන පීන ගඟක නාන හැටි කතාවේ තිබේ. (නේද Chamma)
මමත් ලංකාවෙ නෙවෙයි ඉන්නේ. මම යාලුවෙකුට කීවා මේ
මේ පොත් ටික අරන් තියන්න කියා. මම හදපු සම්පූර්ණ පොත් ලැයිස්තුවනම් මීට වඩා දිගයි. ඒත් ඒ ලැයිස්තුවේ ඔක්කොම පොත් තිබ්බෙ නැහැලු
මෙන්න මම හදපු ලැයිස්තුව බස් එකක
https://plus.google.com/104988412869466852443/posts/GnofUFPG9tk
==================
@ arunishapiro
ඔවු මම හිතන්නේ මම පරිවර්තන වලට කැමතියි දේශීය පොත් වලට වඩා. දේශීය පොත් වලින් ඓතිහාසික නවකතා වලටත් කැමති. සාමාන්‍ය දේශීය නවකතා පොත් වල තියෙනවා වගේ කතන්දර හැමදාම වගේ අහන්න දකින්න ලැබෙනවා. පත්තර ප්රවෘත්ති විදිහට පළ වෙනවා.
@ arunishapiro
නිකා ඉන්න එකේ පරිවර්තනය කරමුකො පොතක් දෙකක්.
=============
@ පොත් ගුල්ලා
පොත් ගුල්ලාගේ රස්සාව මොකක්ද ? පුස්තකාලාධිපති කෙනෙක්වත්ද ?
කියවුවාම පොත් ගැන විස්තරයක් ලියන්නම්කො ඒ වන විට පරිගනකයක් හා අන්තර්ජාල සම්බන්ධතා තිබුණොත්. ලංකාවට ගියාට පස්සෙ තමයි කියවන්න වෙන්නේ.
=============
@ Bindi
කවුද ඔය යාලුවා කියමුකො බලන්න මටත් ආශ්‍රය කරන්න ? මටත් ඒ වගේ යාලුවෙක් තමා පොත් අරන් තියා තිබෙන්නේ , හැබැයි එයා කවුද කියන එකනම් රහසක් :)
=============
@ Prasanna
තවමනම් එක පැලයක්වත් හිටෙවුවෙ නෑ. ලංකාවට ගියාම මායා බෝංචි වැලක් හිටවනවා
හැමෝම පොත් ගැන ලියන හින්දා මාත් මේ ඊරිශියාවේ ලක්ෂණ ප්‍රගුන කර කර ඉන්නේ.
කොහෙද ඉතින් අපිට පොත් ප්‍රදර්ශන බලන්න යන්න පිනක්...
මකරා පොත් ටික හංගලා වගේ...
මගේත් ආසම ලේඛකයාගේ පොතක් අද අවුට් වුනා... ඉතින් අද අපිටත් අවුරුදු...
අතුරුදන් වූ බළලා . මම කියවලා තියන මම ආස කරන පොතක් නෙව .පොත් ප්‍රදර්ශනේට එන්න ටයිම් නැත මම ඒක නිසා පසු බැස්සා
@ Il mondo di una povera pazza
ලංකාවෙ අය පොත් ගැන ලියන කොට රට අය ඉරිසියා වෙනවා වගේ තමයි රට සවාරි යන අය චාරිකා සටහන් ලියනකොට ලංකාවෙ අයට ඉරිසියා හිතෙන්නෙ.
පොත් ටික එක්තරා තැනක තිබේවි මම යන තුරා. නෑ නෑ හැංගුවේ වක්කඩේ නෙවෙයි වෙන තැනක
කවුද ආසම ලේඛකයා? මොකක්ද පොත ? අපිටත් කියන්නකො
==============
@ හිස් අහස
ප්රදර්ශනේටම එන්න ඕනෙ නෑ. කොළඹ යනවනම් මරදානෙ රවුමක් ගහන්න. මරදානෙ ප්‍රකාශකයන්ගේ කඩවලින් අඩුවට ගන්න පුලුවන්ලු
මකරත් හොද පොත් ටිකක් තෝරගෙනනේ... ජලාර්දයේ අසුරයෝ මම කියවලා නෑ...
@ Dinesh
ජලාර්දයේ අසුරයෝ කතාව තිබ්බේ "නිල් තාරකාවට ගිය තිදෙනා" කියල පොතක. ඒ පොතේ කතා 3ක් තිබ්බා
1. අතීතයෙන් මතුවූ රකුසා
2. ජලාර්දයේ අසුරයෝ
3. නිල් තාරකාවට ගිය තිදෙනා
ජලාර්ධය පීරණ එකේ ලංකාව කජ්ජක් දෑ. මම් කොහොමහරි හොයාගන්නම්. ඕවායේ මකරාධිරාජ්යයේ රහස් එහෙම තියෙන්න බැරි නෑ. එහෙම කලොත් ඊලඟ මකරා මම්. හික්ස් :)
ඉතා කණගාටුවෙන් කියව වගනම් මෙවර පොත් කිසිවක් ගන්න බැරි විය. මාත් කැමති නිදහසේ කඩදාසියේ මුද්‍රිත පොත් කියවන්න තමා. බලමු මේ සතියේ නුවරින් පොත් ටිකක් ගන්න පුළුවන් වෙයිද කියා.
ඔව් ඔව් මතකයි කතා තුනක් තිබුනා..කතා තුනම පට්ටයි. :)
@ දුමි අයියා - අසුරයෝ නාන හැටි වෙනමම කතා කරන්න ඕන මාතෘකාවක්....හිකිස්..පොතේ කියලා තිබ්බ විදියට සුමි ( නම හරි වෙන්න ඕන) නාන හැටි එහෙම හොදට විස්තර කරලා තියෙනවා ;)
මාත් වැඩිය ආස පරිවර්තන වලට. මං නම් ගත්ත පොත් ගොඩෙන් තුනක් දැනටම කියවලා ඉවර කලා.
ගියපාර නං අපිත් ගියා පොත් ගන්න. මෙදා පාර ඒ පැත්තෙ පස් පාගන්න බැරි තත්වයක් නෙ තියෙන්නෙ......
මකරා මෙහෙ එනකං අපිට දෙන්නකො පොත් ටික කියවන්න. ඉටිකොල දාලා පොඩි නොකර තියාගන්නං.............
@ මධුරංග
හෆුච්චීයේ. මගේ රහස්. මමවත් නොදන්න රහස් හම්බ වෙයිද දන්නෙ නෑ ?
==========
@ priyantha
කැම්පුස් එකේ ඉන්න එකේ ලයිබරිය පැත්තෙ බඩ ගාන්නකො. ලයිබරිය තියෙන්නේ ආර්ට් එක පැත්තෙ. ගිහිල්ලත් ඇති නේද ඒ පැත්තෙ ?
==========
@ ChammA
මම කැමතිම අතීතයෙන් මතු වෙච්ච රකුසා කතාවට. ඒකෙ අන්තිමට අහන ප්‍රශ්නෙට උත්තරේ හිතා ගන්න මට සෑහෙන කාලයක් ගියා. ඒක තේරුණේ කතාව කීප පාරක්ම කියෙවුවමයි
==========
@ දුමි අයියා
අසුරයෝ නාන හැටි විස්තරාත්මකව දැනගන්න චම්මාව පෞද්ගලිකව අමතන්න. ඒ විස්තර මෙතන දාන්න බෑ :)
===========
@ නිසුපා
ආව්. ඒ පැත්තෙ රවුමක් ගහන්න වෙයි වගේ.
===========
@ බුද්ධි
පඬුරු ගැට ගහන්න යූරෝ දෙකේ කාසි හොයල වීරයෙක් වෙච්ච බුද්ධිට කියවන්න පොතක් දෙකක් හොයා ගන්න එක මහ කජ්ජක් යැයි
මාත් පොත් ගුල්ලෙක් තමයි එත් දැන් සිංහල පොත් ලැබෙන්නේ නැහැ.
අසුරයොත් මිනිසු කොටසක් තමයි.. ඇත්ත. ඔය කකොටාගෙන මරාගන්නේ ඒ අය තමයි..
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D