පසුගිය 19 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී අතිගරු ජනාධිපති නාදන් මැතිතුමා විසින් සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවා හැරුණා. එයින් පසුව පසුගිය 27 වැනිදා 14 වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණයට නාම යෝජනා කැඳවුණු අතර මැතිවරණය මැයි 7 වෙනිදා පැවැත්වීමට නියමිතයි.
සිංගප්පූරු පාර්ලිමේන්තුවේ ආසන ගණන 87යි . එයින් ආසන 82ක් සඳහා මැතිවරණය පැවැත්වෙනවා. ඉතිරි ආසන වල අපේක්ෂකයන්ට නිතරඟ ජයක් ලැබිලා .
පාර්ලිමේන්තුව
ලංකාවෙ වගේ නෙවෙයි මෙහේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා සතියක් ඇතුළත මැතිවරණය පවත්වන්න ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සපයල තියෙනවා. ඒ වගේ සතියක් ඇතුළත මැතිවරණ පවත්වපු අවස්ථාත් ඉතිහාසයේ තියෙනවාලු. මේ පාරනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිට මැතිවරණ දිනය දක්වා දවස් 17ක් තියෙනවා. යන්තම් සති දෙකයි.හරිහමන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සැළසුම් කරන්නවත් කාලෙ මදි.
එ වුණාට කාලෙ මදි කියලා පසුබාන්නෙ නැතුව පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයනම් (Peoples Action Party ) දැවැන්ත මැතිවරණ ප්‍රචාරයක් ආරම්භ කරලා . බලන්න පින්තූර ටික
හිටපු අගමැති සහ අනාගත අගමැති
ලංකාවෙ වගේම තමයි
ලයිට් කණු හරිම ප්‍රයෝජනවත්
මැතිවරණ ප්‍රචාරක රථයක්
ලයිට් කණු වල වගේම මාර්ග සංඥා කණු වලත් බැනර් එල්ලීම නිසා මේ වගේ හාස්‍යජනක දර්ශනත් මැවිලා තිබ්බා
මහජන ක්‍රියාකාරී පක්ෂය නවත්වනු !!!
කොහොම වුණත් මේ පාරත් මහජන ක්‍රියාකාරී පක්ෂය නවත්වන්න බැරිවෙයි. විපස්සය සෑහෙන දුර්වල බවයි පෙනෙන්නේ.
පසුගිය වසර තුළ බදු බර හා ජීවන වියදම සෑහෙන්න ඉහළ ගිය බවට විපස්සය චෝදනා කළත් ඔවුන් පැහැදිළි විකල්ප ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා නෑ. ඒ අතරේම ආණ්ඩුව විසින් ශ්‍රීලංකා මොඩලයේ පරිගණකාශ්‍රිත ඡන්ද මංකොල්ලයකට සූදානම් වන බවටත් චෝදනාවක් තියෙනවා ( කාටද ආඩම්බර ? ). ඒකනම් අර බැට් කරන්න බැරි වුණේ පිච් එක ඇද හන්දා වගේ කතාවක් වෙන්න ඇති.
[ 01 - May - 2011 ]