Monday, February 9, 2009

මගේ නිදහස් දින සිහිනය


කවුරු කොහොම කිවුවත් මමනම් සෑහෙන කාලෙකට පස්සෙ සැබෑ නිදහසක් සමරන්නෙ අද. පහුගිය දවස් වල මහා ලොකු වැඩක් තිබ්බෙත් නැහැ. ඒ වුනාට චූටි චූටි වැඩ ගොඩාරියක් එකතු වෙලා තිබ්බා.පෙබරවාරි 4 නිදහස් දවසෙ නිවාඩුවක් තිබ්බ නිසා හොඳට ගියා.අපේ ජාතික නිදහස් දිනයට කලින් දවසෙ නිදිමතේ දවල් හීන දැක දැක ඉන්නකොට මට හිතිච්ච දෙයක් තමයි මේක.

  • නිදහස් උත්සවේට ආචාර පෙළපාලි යනවනේ.............
  • වැඩියෙන්ම පත්තර වල ෆොටෝ වැටෙන්නෙ කොමාන්ඩෝ බලකායෙ ආචාර පෙළපාලියනේ........

ඉතින් ඔහොම දේවල් හිත හිත ඉන්නකොට මට මතක් වුනා අපේ අසල්වැසියාව. ඉන්දියාවෙ ඉන්නවනෙ බ්ලැක් කැට් කොමාන්ඩෝ කියල විශේෂ බලකායක්.බ්ලැක් කැට් කිවුවට මෙයාල පූසොනම් නෙවෙයි.


මේ ඉන්නෙ බ්ලැක් කැට්ල දෙන්නෙක්

බ්ලැක් කැට්ලා ගැන මතක් වුනාම මට හිතුනා ඇත්ත පූසො ටිකක් ආචාර පෙළපාලියක ගියොත් මොන වගේ තියෙයිද කියලා.

ඤාව් ඤාව් කිය කියා වල්ගෙ වන වනා පූසො ටිකක් ආචාර පෙළපාලියක වගේ යන චිත්‍රයක් හිතේ ඇඳගෙන මටම හිනා. වටේ පිටේ හිටපු කට්ටිය බලන්න ඇති මේ මොකෝ කියල. මටත් මොකෝ. අපිට සිතීමේ නිදහස තියෙනවනෙ.

පිස්සු අදහසක් වගේ හිතුනට පස්සෙ මට හිතුනා ඇත්තටම එහෙම දෙයක් වෙන්න බැරිකමකුත් නැහැ කියලා. සත්තුන්ව විවිධාකාර දේවල් වලට පුහුණු කරනවනේ. ඉතින් පූසො ටිකකට පෙළපාලි යන්න පුරුදු කරන්නත් බැරි කමක් නැහැනෙ.

මම අන්තර්ජාලයේ හොයලා බැලුවා කාට හරි මේ වගේ දෙයක් මීට කලින් හිතිල තියෙනවද කියල. මගේ අදහසම නොවුනත් මීට කලින් දෙතුන් දෙනෙකුට හරි පූස් පෙළපාලි ගැන හිතිල තියෙනවා. බලන්නකො මට හම්බ වෙච්ච ෆොටෝස්.


අන්තර්ජාලයෙන් හමුවූ පූස් පෙළපාලි

ඉතින් මේ වගේ පූස් පෙළපාලියකට අණ දෙන්න සුදුසු පූසෙකුත් ඉන්න එපැයි. මෙන්න ඒ වැඩේට මට හම්බ වෙච්ච කෙනා.


Chief cat


[ 09 - Feb - 2009 ]

8 comments:

Anonymous said...

Chief Catට තියෙන්නේ අපේ ලොක්කගේ මූණමයිනෙ.කොහෙන්ද හම්බන්තොටින්ද හොයාගත්තේ?

malee_msg said...

මියාව්.. ගමනේ යා.. මියාව් කකුල පුස් කකුළ..

Chanaka Aruna Munasinghe said...



@සාගර

ඒක ආරක්ෂක හේතූන් මත හෙළි කරන්නෙ නැහැ
( මගේ ආරක්ෂාව ගැන. පූසගෙ නෙවෙයි )
----------------------------------------

@ malee_msg

පූසන්ට කකුල් හතරක් තියෙනවනෙ.
දෙකක් අමතක වුනාද ?
-----------------------------------------

BLOG ගඩොල් said...

හික්ස්...අපිත් එන්නං ඔය පූස් පෙළපාලියට...නියමයි

Chanaka Aruna Munasinghe said...

@ blog gadol

හා හා, ඊළඟ අවුරුද්දෙ නිදහස් දවසට ලෑස්ති වේලා ඉන්නකො.

හරී - පිණිපළස said...

Chief cat ගෙනාවෙ උගන්ඩාවෙන්ද ?

Chanaka Aruna Munasinghe said...

@ හරී - පිණිපළස

නෑ නෑ, මෙයා දේශ හිතෛශී දේශප්‍රේමී දේශීය බළලෙක්

සංකල්ප said...

පූස් නායකයාගේ දත් දෙක තමා බයානක

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D