Monday, October 22, 2012

ඤායියා

.

මම පොඩි පැටියා කාලෙ පූසට කිවුවෙ ඤායියා කියලලු. හැබැයි අපේ ගෙවල් ලඟ ඉන්න අංකල් කෙනෙක් ඤායියා කිවුවෙ මටලු :) . 

ඉතින් ඒ අංකල් අපේ ගෙදර ගාව පාරෙ යනකොට සමහර වෙලාවට අහනවලු කෝ ඤායියා කියල. ඒ අහන්නෙ මම ඉන්නවද කියල. ඉතින් එතකොට ගෙදර අය මට කතා කරල කියනවලු මෙන්න අංකල් අහනව ඤායියා කෝ කියල කියල.

ඉතින් මම දුවගෙන දුවගෙන ඇවිල්ලා ,  ඇඳන් යටයි කාමර වලයි හැම තැනම හොයල හොයල , අංකල්ට පෙන්නන්න කියල ඤායියාව උස්සගෙන එනකොට අංකල් ගිහිල්ලත් එක්කලු.


පාආවු නේද ? ඤාව් !! ඤාව් !!

ප.ලි
-----

ලංකාවෙ ලංකාවට ඤායියො ආපු හැටි ගැන දැන ගන්න, මේක කියවන්න
http://status-chanaka.blogspot.com/2010/03/blog-post.html

[ 22 - Oct - 2012 ]

Saturday, October 13, 2012

සමනලයා ...

 .

මබර        
නසින්      
oවමු       
ස්සන      
යාමයක් ...

  • ලොවේ ඉතා සාර්ථක වූ පුද්ගලයන්ට පවා මානසික රෝග වැළඳී ඇත.
  • දරුණු මානසික රෝග සමඟ ජීවත් වන පුද්ගලයන් සාර්ථක ජයග්‍රහණ අත් කරගෙන ඇත.   

( ඔක්තෝබර් 10 දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටරයකින් උපුටා ගන්නා ලදී )

_______________________

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය කිරීමට දායක වීමට කැමතිනම් අමතන්න : 

Mark Chamberlain
VSO Volunteer
Voluntary Service Overseas
102/1, Cotta Road
Colombo 08
Sri Lanka


[ 13 - Oct - 2012 ]

Thursday, September 13, 2012

සිසි වන වුවන ඉඟ සුඟ ..



      සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි..................මිටින       
      නිසි පුළුලු’කුළ රිය සක යුරු තිසර...................තන       
      දිසි රන ලියෙව් රූ සිරි යුත්.....................මෙපුරඟන       
ඇසි පිය හෙළන පමණින් නොවෙති..........දෙවඟන


 ඔන්න මට ඇහැක් විදිහට ඇන්දා (පින්තූරය පොඩි වැඩිනම් ඒක උඩ ඔබන්න)

[ 13 - Sep - 2012 ]

Tuesday, September 11, 2012

ශ්‍රීමත් නයිට් වරයෙකු වූ වීර සෙබළාගේ කතාව !


ඔන්න එකමත් එක කාලෙක සුදුම සුදු අය ඉන්න රටකුයි (අපි කියමුකො එංගලන්තෙ කියල ) කලුම කලු අය ඉන්න රටකුයි (අපි කියමුකො නයිජීරියාව කියල ) අතරෙ පුංචි රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නිසා (අපි කියමුකො කුමාරිකාවක්   නිසා  කියල) මහාම මහා යුද්ධයක් ඇති වුණාලු. 


ඔය යුද්ධය දරුණුවටම ඇවිලිලා ගිහින් සුඩුම සුඩු රටේ සේනාව අන්ත පරාජයකට පත් වෙන තැනකට ආවලු. මේ කියන වෙලාවෙ සුදු සේනාවෙන් ඉතුරු වෙලා හිටියෙ රජතුමයි එකම එක සෙබළෙකුයි විතරලු.


ඔන්න ඔහොම අසරණ වෙලා ඉන්න වෙලාවෙ සුදු රටේ නුවණක්කාර රජ්ජුරුවන්ට එක පාරටම නුවණක්කාර  අදහසක් පහළ වෙලා අර සෙබළාගෙන් අසිපත ඉල්ලා ගත්තලු. ඊට පස්සෙ ඒ සෙබළාට අඩ දණින් වැටෙන්න නියෝග කරල ඒ සෙබළාගේ උරහිසට අසිපත තිබ්බලු. සාමාන්‍ය සෙබළෙක් විදිහට අඩ දණින් වැටුණු ඒ සෙබළා නැගී සිටියේ ශ්‍රීමත් නයිට් වරයෙක් විදිහට උසස්වීමක් ලබලලු.

සෙබළා නයිට්වරයෙක් විදිහට උසස්වීමත් එක්කම මහා පුදුමාකාර සිද්ධියක් වුණාලු. අන්ත පරාජයට පත් වෙලා හිටපු සුදුම සුදු රට එක ක්ෂණයකින්ම යුද්ධෙ දිනල තිබ්බලූඌඌඌඌඌඌ.

හරි දැන් කතාව ඉවරයි. කතාව තේරිච්ච නැති අය පහළ පින්තූරෙ බලන්නකෝ (පින්තූරෙ පොඩි වැඩිනම් පින්තූරෙ උඩ ඔබන්න)


1. චෙස් දන්න අයටනම් දැන් කතාව තේරිලා ඇති (සෙබළෙක්ව නයිට් වරයෙක් හරි වෙනත් විදිහකට හරි උසස් කරන්නනම් සෙබළා 8 වෙනි පේලියට යන්න ඕනෙ බවත්, මෙතනදි එහෙම වෙලා නැති බවත් චෙස් දන්න අයට පෙනිලා ඇති . ඒ වුණාට මේක සුරංගනා චෙස් කතාවක්නෙ.)

2. චෙස් නොදන්න අය "අපි නොදන්න චෙස්" කියන ජනවහර හැදිච්ච හැටි මෙන්න මේ ලිපියේ කමෙන්ට්ස් වලින් හොයා ගන්න.

3. මේ පුංචි කතාවෙන් අපිට ගන්න පුලුවන් ආදර්ශය මොකක්ද ?

[ 11 - Sep - 2012 ]

Friday, September 7, 2012

12 වාට්ටුවේ රස කතා



ඇතුල්වීම


ගෞතම බුදුරජාණන් වහන්සේ


අපේ යුතුකම් !


මම හිටපු ඇඳේ අංකය


සේලයින් බෝතල් එල්ලන කණු


කැනියුලාවක්


කැනියුලාවේ දින සළකුණ


සිසිල් පවන්


අමුතු මලක්


අඹ බයන්නක්


යො භික්ඛවෙ මංඋපට්ඨහෙය්ය සො ගිලානං උපට්ඨහෙය්ය
("ගිලනුන්ට උවටැන් කිරීම මට උවටැන් කලාහා සමානය") 
- බුදු රජාණන් වහන්සේ -

more photos - here

[ 06 - Sep - 2012 ]

Saturday, March 31, 2012

මම ජනාධිපතිනම් ???


මම ජනාධිපතිනම් ලයිට් නිවන්න කියල SMS යව යව ඉන්නෙ නෑ. 
8.30 ඉඳන් 9.30 වෙනකම් ලයිට් කපන්න කියල විදුලිබල මණ්ඩලේට නියෝග කොරනවා.

[ 30 - Mar - 2012 ]

Sunday, February 12, 2012

ආයුබෝවන්



[ 12 - Feb - 2012 ]

Thursday, January 26, 2012

Sunday, November 27, 2011

මකරෙක්ව අඳින හැටි !

පහුගිය අවුරුදු තුන පුරා එක එක අය එක එක විදිහට මකරු ඇන්දා.( එක එක විදිහට හිතේ ඇඳගන්නත් ඇති ) මේ ඒවායින් කීපයක්.

සයිබර් යායේ චූටි මහත්තයා අභියෝගතා චිත්‍ර තරඟයේ 9 වැනි ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් බුද්ධි ඇඳපු මකර අධිරාජයා.



පොඩ්ඩිව නරියාගෙන් බේරා ගැනීමේ වීර ක්‍රියාවට ස්තූති කරල සිත්තමී ඇඳපු මකරා.






මගේ 25 වෙනි උපන්දිනයට රුවන්තිකා කුමාරි ඇඳපු මකරා. 







මගේ 26 වෙනි උපන්දිනයට රුවන්තිකා කුමාරි ඇඳපු මකරා.


මගේ 27 වෙනි උපන්දිනයට  ශසීන්ද්‍ර වීරසිංහ මල්ලියා ඇඳපු මකරා.


මෙන්න මගේ සැබෑ ස්වරූපය



එහෙනම් මම ගිහින් එන්නම්
ආයුබෝවන්  !!!


[ 27 - Nov - 2011 ]

Friday, November 25, 2011

කවි හදන හැටි ?



මුල් පදය නුඹ කියන්
දෙවෙනි පද මම කියමි
එයින් පසු අනිත් අය
ගොඩක් පද  හැදුවාවෙ


Mini කවි වල නොපළ කවියකි.


[ 25 - Nov - 2011 ]