මට පහුගිය දවසක තැපෑලෙන් පූසෙක්ව හම්බ වුණා. බූසියක් වගේ පූසෙක්. ඔය උඩ ඉන්නෙ ඒ පූසා තමයි.මේ පූසාව මට එවුවෙ නවෝදා. අර එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ කියල දුන්නෙ එයාට. ආයෙ තව දවසක කොටියෙක්ව පෙන්නුවෙත් එයාටම තමයි.
මගේ බ්ලොග් එකේ පූසල ගැන එක එක කතා ලියලා තියෙනවා දැකලා තමයි ඔය පූසාව එවල තියෙන්නෙ . එයා මට කියනවා ඒ පූසා ගැනත් කතාවක් ලියන්නලු. හෆොයි, මම කොහොමද මේ අඳුරන්නෙවත් නැති පූසලට එක එක කතා හදන්නෙ. ඉතින් මම කිවුවා එයාටම ඒ පූසා ගැන කතාවකුත් හදලා එවන්න, එතකොට මම ඒ කතාව බ්ලොග් එකේ දාන්නම් කියලා. එයත් හා කිවුවා.
මම අද දාන්නම් කියල හිතාගෙන හිටියෙ ඒ පූසගෙ කතාව. ඒ වුණාට ඒ කතාව තවම මඟ එනවා. ඒක නිසා
පූසා ගැන ආසා හිතෙන කතාව
අද පළ නොවේ !!!
අද ඒ වෙනුවට මම මීට කලින් වෙන වෙන පූසල ගැන ලියපු එක එක කතා ටික ඔක්කොම එකම වහලක් යටින් කියවන්න.
පූසලා සම්බන්ධ වෙච්ච ලිපි.
==================
- මල් මල් පූසා
- බල්ලොත් එහෙමයි (මලී නඟාට පිළිතුරක්)
- බිහිසුණු පූසෙක් ( මීයන්ට )
- ඔබාමාගේ පූස් පොරොන්දුව
- මගේ නිදහස් දින සිහිනය
- පවුල් ප්‍රශ්නයක්...
- කොපි කැට්
- උත්තමාචාරය !!!
- සෑම ගෙදරකම සිටිය යුතු සත්තු දෙන්නෙක්
- තුන්පත් රෑන්
- පනින්න පෙර සිතා බලනු !!!
- කොළඹ පූසන්ට කිරි, ගමේ පූසන්ට කැකිරි
- ලංකාවට පූසො ගෙනාවෙ කවුද ?
- මේ ජීවන කතරේ - සැප දුක සමබර වේ !!!
- චෞර බිළාල
- බබ්බුන්ගේ කතා
- භොරෙන් ෆොටෝ ගන්න ගිහින් ....
පූසලා ගැන විතරක් නෙවෙයි බවුවෝ , හාවෝ, නයෝ, කුරුල්ලෝ, මී හරකෝ, නරියෝ ඇතුළු විවිධ සත්තු ගැන ලියපු පරණ ලිපි ගොඩක් තියෙනවා. සත්තුන්ට කැමති කට්ටිය ඔය දකුණු පැත්තෙ තීරුවෙ මැද හරියෙ තියෙන ලිපි ගොනුව පොඩ්ඩක් අවුස්සලා බලන්නකො.