Monday, February 9, 2009

පවුල් ප්‍රශ්නයක්...


අපේ රටේ තියෙන යුද්ධෙ ගැන එක එක අය එක එක දේවල් කියනවනෙ. සමහරු කියනවා මේක රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් කියලා. තව සමහරු කියනවා නැහැ මේක ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය ප්‍රශ්නයක් කියලා. තව එක එක විදිහේ අදහස් ගොඩාක් තියෙනවා.


කවුරු කොහොම කිවුවත් මමනම් කියන්නෙ දැනට අපේ රටේ තියෙන යුද්ධය පවුල් ප්‍රශ්නයක් කියලා. ඔන්න දැන් කියන්න එපා මම ආණ්ඩුව විවේචනය කරන ත්‍රස්ත්වාදී බ්ලොග් කරුවෙක් කියලා. මම කියන්න යන්නෙ එහෙම පවුලක් ගැන නෙවෙයි.

මේක මේ බළල් පවුලේ ප්‍රශ්නයක්. සිංහයත් බළල් පවුලේ. කොටියත් බළල් පවුලේ. දැන් තේරෙනව ඇතිනෙ මම කිවුවෙ මොකක්ද කියලා.


බළල් පවුල

ඉතින් මේක බළල් පවුලේ අභ්‍යන්තර ප්‍රශ්නයක් හින්දා කැන්ගරුවො, ජිරාෆ්ලා, හිපපොටේමස්ල, අලියො, රාජාලියො, උකුස්සො,කෑඳැත්තො අරගොල්ලො මේගොල්ලො මේ ප්‍රශ්නයට හොට දාන එක හොඳ මදි කියල තමයි මගේ අදහස. මමත් ඉතින් මකරෙක් හින්දා මේක ගැන අදහස් ප්‍රකාශ කරන්නෙ නැතුව කට වහගෙන ඉන්නවා.

මේ පවුල් ප්‍රශ්නයට මැදිහත් වෙන්න කවුරුහරි ඕනෙමනම් බෙංගාලි ව්‍යාඝ්‍රයො, සයිබීරියානු කොටි වගේ අය ඉන්නවනෙ.

[ 09 - Feb - 2009 ]

14 comments:

budhajeewa said...

පවුල කොහොම උනත් ඕකෙත් ලොක්ක සිංහයා නේද ?

නිලන්‍ත said...

හැබැව හැබැව. පවුලේ එකෙක් මහ ගෙදර කාමරයක් කම්බි ගහල වෙන්කරගන්න හදනවනං ඌට තරවටුකරල හදාගන්න එක හරි බෙල්ලෙන් අල්ලල ගෙයින් දොට්ට දානඑක හරි ගෙදර කට්ටියගෙ වැඩක්. මේ අහක ඉන්න ගෝන්නුයි, ඉස්සොයි, ඌරොයි මේකට ඔලුවෙ කැක්කුම හදාගන්න ඕනි නෑ නේන්නං. අපේ මකර අධිරාජ්‍යයාගෙ අදහස නං මසුරං.

Manoj colambage said...

හොද අදහසක්

Anonymous said...

"සිංහයත් බළල් පවුලේ. කොටියත් බළල් පවුලේ. දැන් තේරෙනව ඇතිනෙ මම කිවුවෙ මොකක්ද කියලා."
- උඹත් මරු බඩුවක් :) ඔන්න දැන් සයිබීරියානු ව්‍යාඝ්‍රයා නම් හොම්බ දාල තියෙනවා. හිතුවෙම නැති scene එකක්. (http://www.lankanewspapers.com/news/2009/2/39058.html)

Anonymous said...

ඔක්කෝටම වඩා ප්‍රශ්නෙ සිංහ හම් පොරවාගත්තු බූරුවො මේකට හොට දාල ගොරවන එකනේ...

Anonymous said...

ඒකනෙ සාගර මහත්තයෝ,
ඉතිං ඔහේ මක්කටෙයි මෙතනට හොට දාලා ගොරවන්නේ ?

නිලන්‍ත said...

සමරවීර මහත්තයා ප්‍රවේසමෙන් සමහර පුද්ගලයෝ යන්නෙ කොහෙද මල්ලෙ පොල්වගෙ කොහේවත් නැති කතාවක් ඇදල අරගෙන මාතෘකාවෙ අරමුන වෙනස් කරන්න බලනව. ඔවුන්ට ඕනි කරන්නෙත් ඒකමයි.

malee_msg said...

හැබැව හැබැව.. මකරෙකුටත් හිතුන දේක හැටි

Chanaka Aruna Munasinghe said...


@ Supun Budhajeewa

ඔව් ඔව් සිංහය තමයි ලොකු අයියා.
හැබැයි ලොකුම අයිය නෙවෙයි සහෝදර සමාගමේ ලොක්කා
-------------------------------------------------

@ Kulendra

සයිබීරියානු කොටි මල්ලි සිංහ අයියට පොඩි සපෝර්ට් එකක් දීල වගේ. හිතුවෙම නැති දෙයක් තමයි.
------------------------------------------------

@ සාගර & සමරවීර

බූරුවන්ට තියෙන්නෙ හොටක් නෙවෙයි හොම්බක්නේ.
හොටවල් තියෙන්නෙ කුරුල්ලන්ට.
කුරුල්ලන්ට ගොරවන්න බැහැනේ.
කීචි බීචි ගාන්නනම් පුලුවන්

-------------------------------------------------

@ නිලන්‍ත & malee_msg & Manoj

ඔව් ඔව් මම වගේ ඥානවන්ත මකර අධිරාජයෙක්ම ඉන්න එපැයි කට්ටියට මේ වගේ පොඩි දෙයක් වුනත් තේරුම් කරල දෙන්න.

Chanaka Aruna Munasinghe said...


@ H
කවුජ කවුජ මේ චූටිම චූටි පූච් පැචියා

Chamitha said...

ඉංජිනේරුවොන්ටත් මේ වගේ අදහස් එනව නේද අයියා? හි හී.... කියල වැඩක් නෑ. මරුම තමයි:D

Chanaka Aruna Munasinghe said...

@ Chamitha

ඉංජිනේරුවෙක් විතරක් වුනාට මදි. මකරෙක් වෙන්නත් ඕනෙ මේ වගේ අදහස් එන්න :D

Scientist study world as it is
Engineers create a world never had been

කියල අහල තියෙනවද ?
-------------------

Chamitha said...

ඔව් ඔව් අයිය... හ හා..... මටත් මකරෙක් වෙන්න ඕනියෝ......

Chanaka Aruna Munasinghe said...

@Chamitha

හොඳ අදහස. ෆැකල්ටි එකට ආවම ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න ගමන්ම හෙමීට හෙමීට මකරෙක් වෙන්නත් පුරුදු වෙන්න. මකරෙක් වෙන එක අමාරු නැහැ.
----------------------

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D