Friday, October 29, 2010

පූසා ගැන ආසා හිතෙන කතාවක් ?

 

මට පහුගිය දවසක තැපෑලෙන් පූසෙක්ව හම්බ වුණා. බූසියක් වගේ පූසෙක්. ඔය උඩ ඉන්නෙ ඒ පූසා තමයි.මේ පූසාව මට එවුවෙ නවෝදා. අර එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ කියල දුන්නෙ එයාට. ආයෙ තව දවසක කොටියෙක්ව පෙන්නුවෙත් එයාටම තමයි.

මගේ බ්ලොග් එකේ පූසල ගැන එක එක කතා ලියලා තියෙනවා දැකලා තමයි ඔය පූසාව එවල තියෙන්නෙ . එයා මට කියනවා ඒ පූසා ගැනත් කතාවක් ලියන්නලු. හෆොයි, මම කොහොමද මේ අඳුරන්නෙවත් නැති පූසලට එක එක කතා හදන්නෙ. ඉතින් මම කිවුවා එයාටම ඒ පූසා ගැන කතාවකුත් හදලා එවන්න, එතකොට මම ඒ කතාව බ්ලොග් එකේ දාන්නම් කියලා. එයත් හා කිවුවා.

මම අද දාන්නම් කියල හිතාගෙන හිටියෙ ඒ පූසගෙ කතාව. ඒ වුණාට ඒ කතාව තවම මඟ එනවා. ඒක නිසා

පූසා ගැන ආසා හිතෙන කතාව
අද පළ නොවේ !!!

අද ඒ වෙනුවට මම මීට කලින් වෙන වෙන පූසල ගැන ලියපු එක එක කතා ටික ඔක්කොම එකම වහලක් යටින් කියවන්න.

පූසලා සම්බන්ධ වෙච්ච ලිපි.
==================
  1.  මල් මල් පූසා
  2.  බල්ලොත් එහෙමයි (මලී නඟාට පිළිතුරක්)
  3.  බිහිසුණු පූසෙක් ( මීයන්ට ) 
  4.  ඔබාමාගේ පූස් පොරොන්දුව
  5.  මගේ නිදහස් දින සිහිනය 
  6.  පවුල් ප්‍රශ්නයක්... 
  7.  කොපි කැට් 
  8.  උත්තමාචාරය !!! 
  9.  සෑම ගෙදරකම සිටිය යුතු සත්තු දෙන්නෙක් 
  10.  තුන්පත් රෑන් 
  11.  පනින්න පෙර සිතා බලනු !!!
  12.  කොළඹ පූසන්ට කිරි, ගමේ පූසන්ට කැකිරි
  13.  ලංකාවට පූසො ගෙනාවෙ කවුද ? 
  14.  මේ ජීවන කතරේ - සැප දුක සමබර වේ !!!
  15.  චෞර බිළාල
  16.  බබ්බුන්ගේ කතා 
  17.  භොරෙන් ෆොටෝ ගන්න ගිහින් ....
පූසලා ගැන විතරක් නෙවෙයි බවුවෝ , හාවෝ, නයෝ, කුරුල්ලෝ, මී හරකෝ, නරියෝ ඇතුළු විවිධ සත්තු ගැන ලියපු පරණ ලිපි ගොඩක් තියෙනවා. සත්තුන්ට කැමති කට්ටිය ඔය දකුණු පැත්තෙ තීරුවෙ මැද හරියෙ තියෙන ලිපි ගොනුව පොඩ්ඩක් අවුස්සලා බලන්නකො.

[ 29 - Oct - 2010 ]

Thursday, October 21, 2010

මනමේ නාට්‍යයේ ඇත්ත කතාව


\
හිටපු මනමේ කුමරු
ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි

කතන්දර කාරයා මනමේ නාට්‍යය ගැන එක එක කයි කතන්දර කිවුවට පස්සෙ මටත් හිතුණා මනමේ නාට්‍යය ගැන පොඩි රහසක් හෙළි කරන්න ඕනෙ කියලා. මනමේ නාට්‍යය උනන්දුවෙන් බලපු සමහර අයනම් මේ රහස සමහර විට දන්නවත් ඇති.

ඔන්න මනමේ කුමාරයයි මනමේ කුමාරියි තක්ෂිලා නුවරින් පිටත් වෙලා වටපිට සිරි නරඹ නරඹ කැලේ මැදින් යනකොට හදිස්සියෙම වේදිකාව පිටිපස්සෙ ඉඳන් වැද්දො හතර දෙනෙක් කඩා පනිනවනෙ . දන්නවද ඒ වැද්දො ආවෙ කොහේ ඉඳන්ද  කියලා? ඒ අය ආවෙත් තක්ෂිලා නුවර ඉඳන්මයි. මනමේ කුමාරයයි කුමාරියි දෙන්න තක්ෂිලා නුවරින් පිටත් වෙනකොටම ඒ වැද්දෝ හතර දෙනත් ඒ පිටිපස්සෙන්ම එන්න පිටත් වුණා.

මතකද මනමේ කුමාරයට කුමාරිව විවාහ කරල දෙන දර්ශනය? අතපැන් වත් කරලා විවාහය කරවන්නෙ දිසාපාමොක් ඇදුරු තුමා. එතන ඉන්නවා නේද මුට්ටි, පැන් කෙණ්ඩි එහෙම අල්ලගෙන දිසාපාමොක්ගේ අතවැසි ශිෂ්‍යයෝ 4 දෙනෙක්. අන්න ඒ හතර දෙනා තමයි වැද්දන් වගේ වෙස්වලාගෙන හදිස්සියෙම කඩා පනින්නෙ. ඒ වැද්දො හතර දෙනා ගිහින් ඔත්තුව දීලා නායක වැද්දෙක්ව එක්කගෙන එනවනෙ. ඒ නායක වැද්දා වෙන කවුරුවත් නෙවෙයි ,ඒ තමයි තක්ෂිලා නුවර දිසාපාමොක් ආචාර්ය තුමා.

මේ කතාව විශ්වාස කරන්න අමාරුනම් ආයෙ මනමේ නාට්‍යය බලනකොට අමතක නොකර සැලකිල්ලෙන් බලන්නකො. නාට්‍යය ඉවර වෙලා නළු නිළියෝ ඔක්කොම වරකට දෙන්න තුන්දෙනා බැගින් වේදිකාව මැදට ඇවිල්ලා ආචාර කරලා පෝලිමක් හදනවනෙ. එතනට දිසාපාමොක් ආචර්යතුමායි මුට්ටි අල්ලපු ගෝලයෝ 4 දෙනයි එන්නෙ නෑ. මොකද ඒ අය දැන් ඉන්නෙ වැදි වේශයෙන් . 

දිසාපාමොක් ආචාර්ය තුමාවයි, ගෝලයෝ 4 දෙනයි , වැද්දෝ 5 දෙනෙකුයි ඔක්කොම 10 දෙනෙක්ව නඩත්තු කරන එක නාට්‍ය කණ්ඩායමේ අය වැයට බලපාන හින්දා වෙන්න ඇති මේ ජිල්මාට් එක දාල තියෙන්නෙ. ද්විත්ව චරිත නිරූපණය කියන්නෙත් මේකම තමයි. ටෙලිනාට්‍ය වල , චිත්‍රපටි වල එහෙම කැමරා ප්‍රයෝග යොදාගෙන ද්විත්ව චරිත නිරූපණය කරන අයව එකම දර්ශන තලයකට ගෙනෙන්න පුළුවන් වුණත් නාට්‍ය වල එහෙම බෑනේ. ඒක හින්දා දිසාපාමොක්ටයි ගෝලයෝ 4 දෙනාටයි විශ්ව විද්‍යාල වෙලාවෙන් පස්සේ පාට් ටයිම් වැද්දෝ වෙන්න ඉඩකඩ ලැබෙන විදිහට තමයි නාට්‍ය පිටපතේ ජවනිකා ලියවිලා තියෙන්නේ.

ඔන්න ඕකයි මනමේ නාට්‍යයේ ඇත්ත කතාව.

ප.ලි
===
සිංහබාහු නාට්‍යයේ රඟපාන්නෙත් ඔය කට්ටියම තමයි. සිංහයා තමයි වැදි රජතුමා. මනමේ කුමාරයා ඔළමොළ ගති ඇති සොහෝයුරා වෙනවා


[ 21 - Oct - 2010 ]

Sunday, October 10, 2010

හොඳ ළමයා


වැඩිය කඩන නරක ළමයි 
හෙම නොවෙයි අපී

[ 10 - Oct - 2010 ]

Friday, October 8, 2010

අවුල් පාර්ලිමේන්තුව



කුඤ්චනාද කරනවා කියන්නේ අලියා කෑගහනවා කියන එකට. ඒ වුණාට අශ්වයෙක් කෑගහන එකට කුඤ්චනාද කරනවා කියල කියන්නෙ නෑ. අශ්වයා කෑ ගහන එකට කියන්නෙ හේෂාරවය කරනවා කියල. බවුවොනම් බුරනවා, කුකුල්ලු නම් කෙකර ගානවා, නයාල පිඹිනවා. ගෙම්බලා බක බක ගානවා.

මේ හැම වචනෙකකම අදහස ශබ්ද කරනවා කියන එක වුණාට ශබ්ද කරන්නෙ මොන සතාද කියන එක අනුව යොදා ගන්න වචනෙ වෙනස් වෙනවා. සිංහල භාෂාවෙ විතරක් නෙවෙයි ඉංග්‍රීසි භාෂාවෙත් මේ වගේ වචන තියෙනවා.

විවිධ වර්ග වල සත්තු කණ්ඩායම් හඳුන්වන්න පාවිච්චි කරන ඉංග්‍රීසි වචන ගොඩාරියයි. කූඹි රංචුවක්නම් an army of Ants , මාලු රංචුවක්නම් a school of fish , පූසො සෙට් එකක්නම් a clan of cats, කුරුල්ලෝනම් flock, මුවෝ, හරක් , බැටලුවෝ වගේ අයට herd. හාවොනම් warren එහෙම නැත්තන් nest. නයාලට  pit.  කිඹුලලට bask.  මේ වගේ වචන ගොඩාරියයි (වැඩි විස්තර ).

කොහොම හරි සත්තු අතරින් කණ්ඩායමක් සඳහා වන උත්තරීතරම වචනෙ අයිතිය හම්බ වෙලා තියෙන්නෙ බකමූණලට.  බකමූණල රංචුවකට කියන්නෙ A Parliament of Owls කියලා.

මේ තියෙන්නෙ අවුල් පාර්ලිමේන්තුවක්
ඒ කියන්නෙ අවුල් ව්‍යවස්ථාදායකය
එතකොට අර උඩින්ම තියෙන පින්තූරෙ 
තනියම ඉන්න බකමූණා කවුද ?
ඒ තමයි අවුල් විධායකය !!!

[ 09 - Oct - 2010 ]

Friday, October 1, 2010

ගම රට එපා වෙන්නෙ ඇයි ???




අද ළමා දිනේ දවසෙ ළමයි ගැන කතා දෙකක් මතක් වුණා. 

ඔන්න එකමත් එක කාලෙක රුසියාවෙ හිටපු ඒකා-අධිපති පාලක ස්ටාලින්ට පොඩි මාධ්‍ය සන්දර්ශනයක් පවත්වන්න හිතුනාලු .මේකට සහභාගි කරව ගත්තේ තෝරාගත් ජනමාධ්‍යවේදීන් සහ ඉස්කෝල වල ළමයි පිරිසක්ලු.


මේ සන්දර්ශනයට පෙරපුහුණුවක් එහෙමත් තිබ්බලු (එහෙම නැතුව බෑනෙ) . තිර පිටපතේ හැටියට ස්ටාලින් අහම්බෙන් යනවා වගේ ළමයි අතරට ගිහිල්ලා එක ළමයෙක්ගෙන් ප්‍රශ්න 2ක් අහනවලු. ඉතින් ඒ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න හොඳ හුරුබුහුටි කොලු පොඩ්ඩෙක්ව හොඳට කටපාඩම් කරවල පුහුණු කෙරෙවුවලු.

ඔන්න මාධ්‍ය සන්දර්ශනය දවසෙ තිර පිටපතේ හැටියට වැඩේ හොඳට නැහල ගියාලු. ස්ටාලින්ගෙ කතාවෙන් පස්සෙලු අර ළමයෙක්ගෙන් ප්‍රශ්න අහන අංගෙ තිබ්බෙ. ඔන්න ඉතින් ස්ටාලින්ගෙ ආරක්ෂකයො ස්ටාලින්ව අර ළමයා ගාවට එක්කන් ගියාලු  .  ඔන්න ජවනිකාව පටන් ගත්තලු


ස්ටාලින් :  පුතාගෙ අම්මා කවුද ?
ළමයා    :  ( මහා හයියෙන් ) , මගේ අම්මා තමයි සෝවියට් දේශය


ස්ටාලින් :  එතකොට පුතාගෙ තාත්තා කවුද ?
ළමයා    :  ( මහා හයියෙන් ) ජෝශප් ස්ටාලින්

ස්ටාලින්ට හරි සතුටුයිලු. ළමයා හිතුවටත් වඩා හොඳට ජවනිකාව රඟපාපු හින්දා. ඉතින් සතුට වැඩි කමට මේ ළමයට මොකක් හරි තෑග්ගක් දෙන්න ඕනෙ කියල හිතපු ස්ටාලින් ළමයගෙන් තව ප්‍රශ්නයක් ඇහුවලු


ස්ටාලින් :  පුතා කැමත්තෙන් බලාපොරොත්තු වෙන මොනව හරි දෙයක් තියෙනවද ?

ඔය ප්‍රශ්නෙට කලින් උත්තරයක් කටපාඩම් කරවල තිබ්බෙ නැහැලු.ඉතින් ඒ ළමයා තමන්ගේ හෘදසාක්ෂියට එකඟව මහා හයියෙන් බෙරිහන් දුන්නලු


ළමයා : මට අම්මයි තාත්තයි දෙන්නම නැති අනාථයෙන් වෙන්න ඕනියෝ.....
======================

ස්ටාලින් ගැන කතාවනම් කවුරු හරි දේශ ද්‍රෝහියෙක් සෝවියට් සමූහාණ්ඩුවේ රජය අපහසුතාවයට පත් කරන්න හදපු බොරු කතාවක් වෙන්න ඇති, ඒත් මේ දෙවෙනි කතාවනම් සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ එකමත් එක පිටිසර ගමක පුංචි පාසලක ඇත්තටම වෙච්ච සිද්ධියක් කියලා අවුරුදු ගාණකට කලින් පත්තරේක තිබ්බා.

ඔන්න ඒ චූටි පන්තියෙ චූටි ටීචර් චූටි ළමයින්ට මගේ රට ගැන කියල දෙනවලු. ලංකාව තමයි ලෝකෙ උතුම්ම රට, සෞම්‍ය දේශගුණයක් තියෙනවා, ස්වභාවික විපත් නෑ. කෑමෙන් බීමෙන් අඩුවක් නෑ. පළතුරුද, කිරිද, බත්ද, පොල්ද..  ඔය හැම ජාතියකින්ම ලංකාවට කිසිම අඩුපාඩුවක් නෑ.

ඔහොම උගන්නනකොට එක චූටි ළමයෙක් අඬන්න පටන් ගත්තලු. "ටීචර් මම ඊයෙ රෑට කෑවෙත් නෑ, අද උදේට කෑවෙත් නෑ , තේ එකක් විතරයි බිවුවෙ, අනේ ටීචර් මටත් ලංකාවට යන්න ඕනෙ " කියලා
======================

හැබෑටම සමහර අයට මේ විදිහට ගම රට එපා වෙන්නෙ ඇයි. කේන්දරේ එපා කරපු අනං මනං ග්‍රහ යෝග තිබ්බමත් එහෙම වෙනවලු. හැබැයි ඒ මනුස්සයගෙ කේන්දරේද රටේ කෙන්දරේද කියලනම් හරියටම දන්නෙ නෑ. 

පලි:
----
කේන්දර ගැන යමක් කමක් දන්න මාරයා වගේ කෙනෙක්වත් ලංකාවෙ තත්කාල කේන්දරේ පොඩ්ඩක් බැලුවනම් මොකද?

[ 01 - Oct - 2010 ]

Friday, September 24, 2010

ඉස්පිලි පාපිලි නොමැති රටක් !!!


එකමත් එක චූටි ටීචර් කෙනෙක් මට කිවුවා එකමත් එක බබෙක් අකුරු වලට ඉස්පිලි පාපිලි දාන්න කැමති නැහැලු. ඉස්පිලි පාපිලි දාපුවම බෝල වගේ රවුමට තියෙන අකුරු කැත වෙන හින්දලු.

මේ බබා රූල් තියෙන පොත් වල රූල් දෙක අතරෙ ඉඩ පිරෙන්න බෝල ගෙඩි වගේ ලස්සනට අකුරු ලියන්න පුරුදු වෙලා. හැබැයි එහෙම රූල් දෙක අතරෙ ඉඩ පිරෙන්නම ලිවුවට පස්සෙ කෝ ඉස්පිලි පාපිලි දාන්න ඉඩක්. 

ඉතින් මම චූටි ටීචර්ට කිවුවා ඩබල් රූල් පොත් වල අකුරු ලියන්න පුරුදු කරන්න කියලා. චූටි ටීචර් කියනවා දැන් ඩබල් රූල් පොත් විකුණන්න තියෙනවා අඩුයිලු. තියෙන ඒවත් තනිරූල් පොත් වලට වඩා ගණන් වැඩිලු. ඒක හින්දා සිංහල භාෂාවත් ඉස්පිලි පාපිලි නැති ඉංග්‍රීසි වගේ භාෂාවක් කරන්න ඕනෙලු.

ඔන්න ඒ චූටි ටීචර්ගෙයි , ඉස්පිලි පාපිලි වලට අකමැති බබාලගෙයි දැන ගැනීම පිණිස මට චූටි කවියක් මතක් වුණා. මේ කවියෙන් කියවෙන්නෙ ඉස්පිලි පාපිලි නැති එකමත් එක රටක වෙච්ච චූටි සිද්ධියක්.


ටකර ටකර ටකර ................ලයා
කළෙත අරන ළඳට..............ගයා
ළඳ වටකර කබර..............ගොයා
කකල කාප....................දයබරයා

පවූඌඌඌඌ නේද ?


[ 24 - Sep - 2010 ]

Thursday, September 23, 2010

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියෙමි



(පින්තූරය ලොකු කරලා බලන්න පින්තූරය උඩ ඔබන්න)

මේ මම ඉන්නේ සිංගප්පූරුවේ පැරණි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට. අඩවන් වූ දෙනෙතින් බලා ඉන්නවට වඩා එක ඇහැක් සම්පූර්ණයෙන් වහගෙන අනිත් ඇහැ සම්පූර්ණයෙන් ඇරගෙන ඉන්න එක ලේසියි කියලා මට හිතුණා.

[ 23 - Sep - 2010 ]

Sunday, September 12, 2010

දහ අට සන්නිය



නවය නපුරුය.
9 x 2 = දහ අටය.
ඒ නිසා දහ අට දෙගුණයක් නපුරුය.
දහ අට සන්නිය නටන්නේ  නපුරු යක්කුන්ව එළවන්නටය.
එළවපු පමණින් යකා නිකංම යන්නේ නැත.
යන යකා යන්නේ කොරහත් බිඳගෙනය.
කොරහ බිඳුනාම වෙන්නේ බරපතල පාඩුවකි.
එවිට හදිස්සියට අත දමන්නට එකක් නැතිවන්නේය. 
හදිස්සියට කොරහේ අත දාන්න වෙන්නේ අඬුව තියෙද්දී අත පුච්චා ගත්තාමය.
අඬුව තියෙද්දී අත පුච්චා ගන්නේ මකබාස්ලාය.
මකබාස්ලා ඉන්නේ යකාගේ කම්මලේය.
කම්මල යකාගේ නිසා කොච්චර එලෙවුවත් යකා ආපහු එන්නේ කම්මලටමය.

අන්තිමට නටපු නැටුමකුත් නැත 
බෙරේ පලුවකුත් නැත. 
හදිස්සියකට අත දමන්නට තිබුණු කොරහේ කෑලිත් නැත
යකා කියපු  තරම් කළුත් නැත.
යකාට ආවඩ අයුබෝ වේවා !!!

( H2N2 උණ විකාරයෙන් ලියන ලද්දකි )

[ 12 - Sep - 2010 ]

Monday, September 6, 2010

හිට්ලර් අද සිටියානම් ???


[ 06 - Sep - 2010 ]

Thursday, September 2, 2010

18+ සහ අමුඩය ගැසීම



මේ දවස් වල හැමෝම වගේ කතා වෙන්නෙ 18+ ගැන. එහෙමත් නැත්තන් 18 වෙනි අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන. සමහරු මේ ව්‍යවස්ථා සංශෝධනය ඉක්මනින්ම සම්මත කර ගත යුතු දෙයක් යැයි කියද්දී තවත් සමහරු කතා කරන්නේ මේකට විරුද්ධව. මේ කතාබහ දැක්කම මට මතක් වුනේ ජනප්‍රවාදයේ සුප්‍රකට අමුඩය ගැසීම් දෙකක් ගැන.

ජනාධිපති උන්නැහේගේ දෙවෙනි ධුර කාලය තවම පටන් ගත්තෙත් නැතුව ලබන නොවැම්බර් මාසෙ ඉඳන් අවුරුදු 7ක්ම ගෙඩි පිටින් දෙවෙනි ධුර කාලයක් තියෙද්දි තුන්වෙනි ධුර කාලයක් වෙනුවෙන් 18+ ව්‍යවස්ථාව සංශෝධනය ඉක්මනින් සම්මත කරගන්න හදන එක හරියට අර මුහුද හත්ගවුවක් තියෙද්දි අමුඩය ගැහිල්ල වගේ. 1/3 ක් නැතුව 18+ ට විරුද්ධව කෑ ගහිල්ල හරියට අර අතීසාරයට අමුඩය ගැහිල්ල වගේ.

ඔන්න මමනම් 18+ ට පස්සත් නෑ විපස්සත් නෑ. GSP+ අහිමි වෙලා ඇඟලුම් කර්මාන්තය අනතුරේ වැටිලා තියෙන මෙ වෙලාවෙ අතීසාර වලටයි මුහුදු යන්නයි පාවිච්චියට දේශීය අමුඩ කර්මාන්තයක්වත් පටන් ගනිච්චාවෙ .

[ 02 - Sep - 2010 ]