Saturday, July 11, 2015

එකීය රටකට ඇයි නම් 3ක් ?


.
පෘතුවිය ගෝලාකාරය. පෘතුවිය මත පිහිටි අපේ රටට එයට ආවේණික හැඩයක් ඇත. අපේ රට වනාහි ඒකීය රටකි.
.
ඒකීය රටකට ජාතික ගී දෙකක් තිබිය නොහැකිය. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල හා දෙමළ පිටපත් වල ජාතික ගීය සඳහන් වන්නේ ආකාර දෙකකිනි.
.
එහෙම වෙන්න ඉඩ දෙන්නට බැරිය. ජාතික ගී භාෂා කීපයකින් ඇති රටවල් ලෝකයේ ඇත්තේ අත් දෙකේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. එසේ තිබෙන රටවල් අපට ආදර්ශයක් ගත හැකි හරිහමන් රටවල් නොවේ.
.
එහෙම තියෙන එක රටක් දකුණු අප්‍රිකාවයි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපට නිතර තර්ජනය කරන 2015 ක්‍රිකට් ලෝක කුසලානයේදී අපව නොකවුට් කළ දකුණු අප්‍රිකාව ආදර්ශයට ගන්නවා තබා ඒ ගැන සිතීමත් ජුගුප්සාජනකය.
.
ස්විස්ටර්ලන්තය භාෂා කීපයකින් ජාතික ගී ඇති තවත් රටකි. ලෝකෙ රසම චොකොලට් තිබෙන රට වුණාට, ලෝකෙ හොඳම ඔරලෝසු හදන රට වුණාට, ලොකෙ වඩාත්ම සුරක්ෂිත බැංකු පද්ධතිය තිබෙන රට වුණාට ස්විස්ටර්ලන්තය අපට මෙලෝ වැඩකට නැති රටකි. ක්‍රිකට් ගසන්නේත් නැත. අඩුම ගානේ අපේ රටට ණයක්වත් දෙන්නේ නැත. උන් ජිනීවා කියා නගරයක් පිහිටුවාගෙන අපට විරුද්ධ කුදු මහත් කටයුතු වල යෙදෙන්නාහ. එහෙව් රටක තිබෙන ක්‍රමයට කිට්ටුවෙන්වත් යන ක්‍රමයක් අපේ රටේ තිබිය යුතු නැත.
.
ජාතික ගීය පමණක් නොව අපේ රටේ නිල නමද මතභේදාත්මකය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව්වේ භාෂා තුනකින් ඇති පිටපත් වල අපේ රටේ නිල නාමය තුන් ආකාරයකින් සඳහන් වේ.
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
  • இலங்கை ஜனநாயக சமூகவுடமைவாதக் குடியரசு 
  • Democratic Socialist Republic of Sri Lanka
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂා 3කින් ඇති පිටපත් වල අපේ රටේ නිල නාමය විවිධාකාරයෙන් සඳහන් වෙන්නේ ඔන්න ඔහොමය. එහෙම වෙන්න ඉඩ දෙන්න බෑය. ඒකීය රටකට තිබිය යුත්තේ එකම එකම එක නිල නාමයකි.
.
සිංහල බසින් තිබෙන නිල නාමය පමණක් තබා ගැනීම කළ යුතුය. නිදහස් දින උත්සවවැනි අවස්ථාවක නිවේදන කටයුතු වලදී/නිල මුද්‍රිත ප්‍රකාශන යනාදියේ
.
"ටුඩේ ඉස් ද ඉන්ඩිපෙන්ඩන්ට් ඩේ ඔෆ් ඩිමොක්‍රටික් සෝසලිස්ට් රිපබ්ලික්"
(Today is the independence day of democratic socialist republic of Sri Lanka ) ලෙස භාවිතා නොකර
.
"ටුඩේ ඉස් ද ඉන්ඩිපෙන්ඩන්ට් ඩේ ඔෆ් ශ්‍රී ලංකා ප්‍රජතාන්ත්‍රික සමාජවාදී ජනරජය" (Today is the independence day of Sri Lanka Prajathanthrika Samajawadee Janarajaya ) ලෙස භාවිතා කිරීම සුදුසුය.
.
ජාතික ගීය වැනි සංකීර්ණ දේ වල වියවුල් විසඳන්නට පෙර රටේ නම හරිහමන් විදිහට හදාගෙන සිටිය යුතුය.

රටවැසියනි මේ ඔබේ අවධානය පිණිසයි !!!!

--------------------------------------------------------------
එකම දෙය විවිධ ජනපද වල විවිධ නාමයන්ගෙන් හඳුන්වන විටදී ඒ එක් නාමයක් දැඩිව අල්ලා ගත නොයුතු බවත් ඒ ඒ ලෙසට ව්‍යවහාරයේ ඇති ලෙස භාවිතා කළ යුතු බවත් ලෝක ව්‍යවහාරය නොඉක්මවියයුතු බවත් අරණ විභංග සූත්‍රයේදී බුදුරජණන් වහන්සේ දේශනා කළ සේක.

සූත්‍ර පිටකය -> මජ්‌ඣිම නිකාය -> උපරි පන්නාසකය -> 4. විභඞ්‌ග වර්ගය -> අරණ විභංග සූත්‍රය


[ 11 - Jul - 2015 ]

5 comments:

Unknown said...

කියවෙන්නේ ඒකම දේනම් ඉතින් මක්කෙයි වෙන්නේ.....?????

Anonymous said...

නම පිලිබදව මොකුත් නොකියමි හැබැයි ජාතික ගීය බසා දෙකකින් ගැයීමෙනම් කිසිම වරදක් නොදකිමි.... එකම දේ බසා දෙකකින් ගැයීමෙ ඇති වරද කිම?

Pra Jay said...

Irony at its best. Well done.

බිඟූ said...

Daam machan

බිඟූ said...

ජාතික ගීය වැනි සංකීර්ණ දේ වල වියවුල් විසඳන්නට පෙර රටේ නම හරිහමන් විදිහට හදාගෙන සිටිය යුතුය.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D