Thursday, June 25, 2015

ලෝකෙ ලොකුම දූරියන් ගෙඩිය – !!!

දන්නවද?? ලෝකෙ ලොකුම දූරියන් ගෙඩි තියෙන්නෙ සිංගප්පූරුවෙ.මේ දූරියන් කොච්චර ලොකුද කියනවනම් අර එකමත් එක රටක තොවිලයක් නටාපු ලබ්බටත් වඩා මේ දූරියන් ලොකුයි.  දූරියන් ගෙඩි ඔච්චර ලොකුනම් ඒවයෙ ගඳ කොහොම ඇද්ද?  ඒක ඇතුලෙ නටනවා තියා ඒකට කිට්ටු වෙන්නවත් පුළුවන් වෙයිද? වාසනාවකට වගේ මේ දූරියන් ගෙඩි ලොකු වුණාට ගඳනම් නෑ.
.
සිංගප්පූරුවේ “දූරියන් ගෙඩිය” (The Durian) කියන සුරතල් නාමයෙන් හඳුන්වන්නෙ මරිනා බොක්කේ (Marina Bay) තියෙන රංගපීඨ සංකීර්ණය. මේ ගොඩනැගිලි වල වහලය හදල තියෙන්නෙ දූරියන් ගෙඩියක පොත්ත සිහිගන්වන කටු කටු ආකාරයට . මේවා රංගපීඨ හින්දා  මේ දූරියන් ගෙඩි ඇතුලෙ තොවිල් විතරක් නෙවෙයි වෙන වෙන නැටුමුත් නටන්න පුළුවන්.
.
 
මේ තියෙන්නෙ ලෝකෙ ලොකුම දූරියන් ගෙඩි

 කටු කටු වහලය

අර කටින් වතුර  විදින හෙණ ගහපු සිංහයා ඉන්නෙත් මේ කිට්ටුවමයි. කතාවක් තියෙනවා ඒ සිංහයා නොනවත්වාම වමනෙ කරන්නෙ දූරියන් වල ගඳට කියලා.
 
දූරියන් දිහා බලාගෙන වමනෙ දාන සිංහයා

මේ දූරියන් විතරක් නෙවෙයි ඇත්ත දූරියනුත් සිංගප්පූරුවෙ හරිම ප්‍රසිද්ධයි. සිංගප්පූරු ආහාර සංස්කෘතියට දූරියන් කොච්චර බද්ධ වෙලා තියෙනවද කියනවනම් දූරියන් නැති සිංගප්පූරුවක් හරියට අර පරිප්පු නැති හෝටලයක් වගේ වෙයි.   D24,D25 etc… වැනි විවිධ නම් වලින් හඳුන්වන එකිනෙකට වෙනස් රස වලින් යුත් දූරියන් වර්ග රාශියක්ම සිංගප්පූරුවේ තියෙනවා. විශාල ගොඩවල් ගහලා විවිධ වර්ග වල දූරියන් විකුණන තැන් සිංගප්පූරුවෙ හරිම සුලභයි. ඒ තැන් වලම වාඩිවෙලා දූරියන් කන්න මේස පුටු එහෙමත් සකස් කරලා තියෙනවා. සිංගප්පූරු ජාතිකයො පවුල් පිටින් දූරියන් විකුණන තැන්වලට ගිහින් එතනදිම ඒවා රසවිඳිනවා. විකුණන තැන්වලම ඉඳගෙන දූරියන් කන්න පහසුකම් සලස්වා තිබීමට හේතුවක් තියෙනවා. ඒ තමයි පොදු ප්‍රවාහන සේවා වල දූරියන් රැගෙන යාමට ඇති තහනම.
.
 දූරියන් වෙළඳසැලක්

පොදු ප්‍රවාහන සේවා වල දූරියන් ගෙනිච්චොත්
මාසයක් දූරියන් කන මුදල දඩ ගෙවන්න වෙයි
 
ගෙඩි දූරියන් විතරක් නෙවෙයි පැකට් කරපු දූරියන් මදුලු, දූරියන් බිස්කට්, දූරියන් අයිස්ක්‍රීම්, දූරියන් බීම, වේලපු දූරියන්, දූරියන් ජෑම් වගේ දූරියන් ආශ්‍රිත නිෂ්පාදන රාශියක්ම  වෙළඳපොලේ තියෙනවා.  සිංගප්පූරුවට ආවොත් දූරියන් රස විඳින්න වගේම ලෝකෙ ලොකුම දූරියන් ගෙඩි බලන්නත් යන්න අමතක කරන්න එපා.

[ 25 - Jun - 2015 ]

4 comments:

Praසන්ன said...

කටු තිබ්බට ගඳ නැත්තං අගයක් නෑනෙ. :D

ලොකු පුතා said...

මටනම් දුරියන් ගඳ නැහැ පට්ට සුවඳයි...
ගොඩ දවසකින් රස බලන්න ලැබුනේ නැහැ...

Gossip Lanka said...

දූරියන් අම්මෝ මතක් වෙද්දිත් කෙල බේරෙනවා

හා පැටික්කි (MS) said...

දූරියන් කන්න කට්ටිය ඔයතරම් පොර කන්නේ මොකද කියලා හිතා ගන්න බැ තවම.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D