Thursday, June 18, 2015

සර්වසම තුන් නිවුන්නු, එකම මඟක , තුන් ආකාරයකින්


 
එකමත් එක කලක එක්තරා රටක සර්වසම නිවුන්නු තිදෙනෙක් ජීවත් වූහ. එක් දිනක් ඔවුන් තිදෙනා ඉතා දුරු ගමනක් යාමට මඟට පිළිපන්හ.
.
ඔවුන් යා යුතු වූ මාවත පුළුල් එකකි.
.
පළමුවැන්නා ගමන් කළේ මාවතේ දකුණු පැත්තට ආසන්නවය. මාවතේ දකුණු සීමාව ඉතා අලංකාරව තිබිණි. එපස මාර්ගය අයිනේ සිටියෝ බොහෝ විනෝදකාමීහු වූහ. විසිතුරු ඇඳුමින් සැරසුණු සුන්දර කාන්තාවෝ බොහෝ වූහ. රසවත්සහ සුවඳ හමන බොජුන් සහිත ආපන ශාලා බොහොමයක්ද එපස විය.
.
දෙවැන්නා ගමන් කළේ මාවතේ වම් පැත්තට ආසන්නවය. මාවතේ වම්පස බෙහෙවින් අපිරිසිදු විය. දුගඳ හමන කුණුකන්දල් මාවත අයිනේ ගොඩ ගසා තිබුණි. එපස මඟ අයිනේ සිටියෝ වනාහි බොහෝ කලහාකාරී ලෙස හැසිරෙන දරුණු පෙනුමකින් යුක්ත වූවෝ වූහ. 
.
තෙවැන්නා ගමන් කළේ මාර්ගයේ මධ්‍ය රේඛාව සළකුණු කර තිබූ රේඛාව ඔස්සේය. 
.
පළමු වැන්නාට ගමන අතරතුරු නිතරම කුසගිණි දැණුනි. ඔහු නිරතුරුවම රස බොජුන් සහිත ආපන ශාලා වලට ගොඩවිය. මඟ අයිනේ සිටි සුන්දර කාන්තාවන්ගේ වැලඳ ගැනීම් ඉවසීම සඳහාද බොහෝ තැන් වලදී ඔහුට නවතින්නට සිදු විය.
.
දෙවැන්නා නිරතුරුවම ජුගුප්සාජනක ගතියකින් පසුවිය. නිතර අපිරිසිදු වන සිය පාවහන්,ඇඳුම් ආදිය පිරිසිදු කර ගැනීම සඳහා තැන් තැන්වල ඔහුට නවතින්නට සිදු විය. තවත් තැන් වලදී මඟ අයිනෙ සිටියවුන් ඔහුව කලහයට පොළඹවාගැනීම නිසාද ඔහුට නතර වන්නට සිදු විය.
.
තුන් වැන්නාට මාර්ගයේ දකුණු පස හෝ වම්පස සිදුවන දෙවල් වලට අවධානය යොමු කිරීමට තරම් කාලයක් තිබුණේ නැත. මන්දයත් නිරතුරුවම මාර්ගයේ දෙපස මංතීරු වල තමන්ට ඉදිරියෙන් සහ තමන්ට පිටුපසින් එන වාහන වලින් ඔහුට ආරක්ෂා වීමට සිදුව තිබූ බැවිණි.
.
කලක් ගතවිය. මේ වනවිට තුන්වැන්නා ස්වකීය ගමනාන්තයට ගොස් විවේකීව පසු වෙයි. පළමුවැන්නා සහ දෙවැන්නා තවමන් ගමනාන්තය පෙනෙන තෙක්මානයකවත් නැත.

[ 18 - Jun - 2015 ]

2 comments:

Developer said...

හැමදේටම හොදයි මැදුම් පිළිවෙත අනුගමනය කරන එක... !

Pra Jay said...

ඔවර්ටේක් කරන වාහන මද්ය රේඛාව කපනව.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D