Tuesday, June 16, 2015

කැරකෙන රෝදේ





ප්‍රශ්නය : මිනිසා රෝදය භාවිතය ඇරඹුවේ කුමන කාලයේද?
.
පිළිතුරු අංක 1 : රෝදය සොයාගත්ත කාලෙම තමයි
.
පිළිතුරු අංක 2 නෑ. රෝදය සොයාගෙන ටික කාලෙකට පස්සෙලු භාවීතය ඇරඹුවෙ.හොයාගත්තු මුල්ම කාලෙ මේ රවුමෙන් ඇති වැඩක් නෑ කියල පැත්තකට දමල තිබ්බලු.
.
දවසක් ඕක පැත්තකට දමල තිබ්බ තැනින් අරගෙන තවත් පැත්තකට දමන්න යද්දි අත ලිස්සල ගිහින් රෝදය පෙරලි පෙරලි යන්න පටන් ගත්තලු. අන්න එදාලු තේරුම් ගත්තෙ මේ රවුමෙන් යම්කිසි ප්‍රයෝජනයක් තියෙයි කියල.
.
මුලින්ම ගත්තු ප්‍රයෝජනේ තමා රෝදය පෙරලි පෙරලි යන්න සලස්වල විනෝදයක් ලැබීම. ඊට වඩා ඇඩ්වාන්ස්ඩ් ප්‍රයෝජන ගැන අයිඩියාර්ස් පහල වුනේ හවසට හවසට එහෙම රෝද පෙරල පෙරල විනෝද වෙන අතරතුරලු. .
.
උදාහරණයක් විදිහට එකමත් එක දවසක රෝදය පෙරලි පෙරලි යද්දි ඒකත් එක්ක පටලැවිලා අතු කැබැල්ලක් තිබ්බ තැනින් වෙනස් තැනකට ට්‍රාන්ස්පෝට් වුණාලු. අන්න එදා තමා රෝදය ට්‍රාන්ස්පෝට් කටයුතු වලට පාවිච්චි කළ හැකියි කියන අයිඩියාව පහළ වුණේ.
.
රෝදයේ වෙනත් ප්‍රයෝජන ගැන අයිඩියාස් පහළ වෙච්චි ආකාර දන්න/හිතාගන්න පුලුවන් අය ඉන්නවනම් ඒ විස්තරත් කියමු බලන්න ?
.
ප්‍රභවය : https://www.facebook.com/groups/804276106323782/permalink/842692562482136/
.
[ 16 - Jun - 2015 ]

3 comments:

රාජ් said...

මට හිතෙන හැටියට වෙන්න ඇත්තෙ මෙහෙමයි.

මුලින්ම මිනිස්සු තේරුම් ගන්න අැති රවුම් හැඩැති දේවල්, පෙරලීම මඟින් චලනය කිරීම පහසුයි කියල. රෝදයට මූලාරම්භය වැටෙන්න අැත්තෙ එතනින්. රවුම් ගලක් වගේ දෙයක් පෙරලීමේදී එහි මධ්‍ය ස්ථානය චලනය නොවන ආකාරයත් නිරීක්ෂණය කරන්න අැති. ඇක්සලය ආවෙ එහෙම වෙන්න ඕන. භාවිතයේ පහසුව පිනිස (බර අඩුවීමත් එකක්) අනවශ්‍ය කොටස දෙපැත්තෙන් ඉවත් කරල රෝදය හදාගන්න ඇති.
කොහොම උනත් රෝදය බිහිවීම සහ පාවිච්චි කිරීම පටන් ගන්න අැත්තෙ නං එකට. මොකද නිකං රෝදයක් හදන්න පිස්සුවක් නෑනෙ.

දේශකයා said...

රෝදය අහම්බයක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ ගොඩ නැගුනු අත්දැකීම් වල නිමාවක්..

Dinesh said...

හිතන්න වටින ප්‍රශ්ණයක්.. කොහොම උනත් ඕක මිනිසි ශිෂ්ඨාචාරයේ පැන්නුම් ලකුණක් කියල කියනවනේ..

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D