Sunday, May 7, 2017

පෝරුවේ ජරමරේ



මේක ඇත්තම ඇත්ත සිද්ධියක්. අපේ මිතුරෙක්ගේ විවාහ මංගල උත්සවේකදි වෙච්ච දෙයක්.
.
පෝරුවේ චාරිත්‍ර වලට වෙලාව නියමිත නැකැත් වෙලාවට හොඳටම ලං වෙලා තියෙද්දිත් මනමාල මහත්තයා තවම ඇවිත් නැහැ. කට්ටිය හොඳටම කලබල වෙලා. සමහරු එහාට මෙහාට දුරකථන ඇමතුම් ගන්නවා මොකද වෙලා තියෙන්නෙ හොයා බලන්න. ඒ අස්සෙ තව සමහරු තව අයට දෝෂාරෝපණ. මනමාලියි එයාගෙ දෙමව්පියොයි මොකද කරන්නෙ කියල හිතා ගන්න බැරුව ඔහේ බලා ඉන්නවා.
.
කොහොම හරි ජෝඩුව පෝරුවට නගින්න නියමිත වෙලාවට විනාඩි 2ක් 3ක් තියෙද්දි මනමාල මහත්තයයි, දෙවෙනි මනමාලයා මල්කුමාරයො ඇතුලු පිරිසයි කොහෙදෝ ඉඳන් හති දාගෙන දුවගෙන ආවා.

.
පරක්කු ඇයි ? මොකද වුණේ ? කියල විස්තර අහන්න වෙලාවකුත් නැහැ. "ජෝඩුව ඔහොම්මම පෝරුවට නග්ගල ඉම්මු. විස්තර පස්සෙ අහන්න බැරියැයි". වැඩිහිටියෙක් කිව්වා. හැමෝම ඒක පිළිගත්තා.

.
"ඔන්න දැන් වෙලාව හරි" කියලා ඔරලෝසුව බලාගෙන හිටපු කෙනා කියනවත් එක්කම දෙපැත්තෙ වැඩිහිටියෝ දෙන්නා මනමාලයාවයි මනමාලිවයි අත් වලින් අල්ලලා දෙපැත්තෙන් පෝරුවට නැග්ගුවා.
.
හොඳටම කලබල වෙලා හිටපු දෙවෙනි මනමාලයත් මනමාලයා නගිනවත් එක්කම එයා පිටිපස්සෙන් පෝරුවට නැග්ගා. දැන් පෝරුව උඩ තුන්දෙනයි. මනමාලයයි මනමාලියි දෙන්නා තක්බීර් වෙලා ඒ  දිහා බලන් ඉද්දි දෙවෙනි මනමාලයත් මොකක්ද අවුල කියල හිතා ගන්න බැරුව කට ඇරන් බලා ඉන්නවා.

.
දෙවෙනි මනමාලයට ඉක්මනින්ම පොරුවෙන් බහින්න වුණා. හැබැයි පෝරුව උඩ උඩරට මංගල ඇඳුමෙන් සැරසිච්ච තුන්දෙනෙක් බිරන්තට්ටු වෙලා මූණෙන් මූණ බලා ඉන්න අපූරු ඡායාරූපයක් කැමරා වල සටහන් වෙලා තිබ්බා.


[ 07 - May - 2017 ]

15 comments:

තාරා said...

ethakota aththatama mokadda wela thibbe?
p.s. aaye liyanawa dakeema sathutak

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

++++

Anith Kona said...

Hahahaa... cant imagine !

ඉයන් said...

මම හිතුව වෙන වෙඩිං එකකට ආව මනමාලයෙක් පෝරුවට නැග්ගුව කියල

samakayawate said...

කෝ ඒ පොටෝව නැද්ද? විවාහය සිදුවුණේ කොයි කාලයේද? අද ඒ විවාහයේ තත්ත්වය කුමක්ද? සොයා බැලුවේ නැතිද?

MPP Gunasinghe said...

මම හිතුවෙත් වෙන මනමාලයෙක් පෝරුවට නැග්ගුවාද කියලයි

සයුරි said...

මොකෝ පරක්කු වෙලා තිබුනේ?

Anonymous said...

ඔහොම ගියා මදැයි වෙන කෙනෙක් පෝරුවේ නග්ගන් නැතුව

cvpsur.blogspot.com said...

කෝ ඒ පොටෝව

Chanaka Aruna Munasinghe said...

@තාරා , @සයුරි : හදිසි මාර්ග තදබදයක් සහ දුරකථන සඥා ඇණහිටීමක්. ඒ පවුල් වල නෑයො ටික විස්තර ඇහුවා. අපි වැඩිය ඒවා ගැන අහන්න ගියේ නෑ.

Chanaka Aruna Munasinghe said...

@Anith kona
Unimaginable things always happens ;)

Chanaka Aruna Munasinghe said...

@ඉයන් , @MPP Gunasinghe @Omaya's Dream තව විනාඩි 4 5ක් පරක්කු වුණානම් මගුල හබක් වෙලා වෙන මනමාලයෙක් වෙනින් දවසක පෝරුවට නග්ගන්න තමා වෙන්නෙ

Chanaka Aruna Munasinghe said...

@Naleen Dilruksha , @සී.ජේ. විදානේ.
ෆොටෝව ඒ වෙලේ කැමරා වල බැල බල හිනා වුණේ. කැමරා අයිතිකාරයො ගාව සමහර විට ඇති තවම. පබ්ලික් දැම්මෙ නෑ

සංකල්ප said...

ඔවුවා පබ්ලික් දාන්නෙපා හොඳේ :)

හරී - පිණිපළස said...

කාලෙකින් කියෙව්වාම සටහනක් තියා යන එක යුතුකම

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D