GNU/Linux කොච්චර හොඳ Operating System එකක් වුනත් පරිගණක ජාල වල සම්පත් භාවිතයේදීනම් හැසිරෙන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට. ඒකට හේතුව තමයි Linux වල භාවිතා කරන TCP ප්‍රභේදය.
TCP කියන සර්ව නාමය පාවිච්චි කළාට TCP වල විවිධ ප්‍රභේද තියෙනවා. දැනට විවිධ TCP ප්‍රභේද 800කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තියෙන බවයි අන්තර්ජාලකරණය පිළිබඳ සාහිත්‍යයේ සඳහන් වෙන්නෙ. මේවා අතරින් මෑත කාලයේදී Linux වල පෙරනිමියෙන්(by default) භාවිතා වෙන්නෙ BIC (Kernel version 2.6.8 සිට 2.6.18 දක්වා) හා CUBIC (Kernel version 2.6.19 සිට ඉහළට) කියන TCP ප්‍රභේද දෙක.
TCP දත්ත ප්‍රවාහ දෙකක් (එකම ප්‍රභේදයේ හෝ වෙනස් ප්‍රභේද වල) එකම ජාල සම්බන්ධතාවය හරහා දත්ත යවද්දි සිදුවිය යුත්තේ ජාල සම්බන්ධතාවයේ කලාප පළල (Bandwidth එක) 50% - 50% ලෙස හෝ ඊට ආසන්න ලෙස දෙකට බෙදාගෙන පාවිච්චි කිරීම (50% - 50 % කියන සර්ව සාධාරණ බෙදිල්ල ප්‍රයෝගිකව ලබාගත නොහැකියි) . හැබැයි මෙ බෙදා හදා ගැනිල්ලෙදි BIC TCP බොහොම අසාධාරණ විදිහට කලාප පළලෙන් ඉතා ඉහළ ප්‍රතිශතයක් අත්පත් කර ගන්නවා. BIC තරමටම අසාධාරණ නොවුනත් CUBIC TCP ත් අනෙකුත් ප්‍රධාන TCP වර්ග සමග තරඟ කරද්දී අත්පත් කරගන්න කලාප පළල 50% ට වඩා වැඩියි . පහළ තියෙන පින්තූරය බලන්න.
විවිධ TCP වර්ග වල සාපේක්ෂ කලාප පළල අත්පත්කර ගැනීම්
(Figure taken from Reference no 1)
අසාධාරණ විදිහට කලාප පළල උදුරා ගන්නවා මදිවට BIC & CUBIC තවත් කට්ට කෛරාටික වැඩක් කරනවා.
ජාලයේ තියෙන්නෙ එක TCP ප්‍රවාහයක්(Stream) විතරයිනම් ඒක ජාල සම්බන්ධතාවයේ සම්පූර්ණ කලාප පළලම පාවිච්චියට ගත්තාට කමක් නැහැ (100% ම නෙවෙයි ). හැබැයි එහෙම පාවිච්චි කර කර ඉඳිද්දි තවත් TCP ප්‍රවාහයක් ඒ ජාලය තුළම පටන් ගත්තොත් අර කලින් එක එයාගේ කලාප පළල භාවිතය හැකි ඉක්මනින් තිබුනායින් 1/2කට අඩු කරලා අලුත් කෙනාටත් ඉඩකඩ ලබා දිය යුතුයි. මේකට කියන්නේ අභිසරණය (Convergence) කියලා.
BIC, CUBIC දෙකම මේ අභිසරණයේදී ඉතාම ප්‍රමාදයි. බෑ බෑ කිය කියා හෙමීට හෙමීට තමයි අභිසරණය වෙන්නෙ. එහෙම වෙලත් 50% ට නෙවෙයි අන්තිමටම අභිසරණය වෙන්නෙ. ඉතින් එහෙම වෙනකොට පෙරහැරේ වැඩි හරියක් ගිහිලා ඉවරයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඉතින් ජාලයේ BIC, CUBIC වර්ග වල TCP සම්බන්ධතාවයක් කලින් පටන් අරන් තිබුණොත් දෙවෙනියට එන අසරණයාට හුලං. දෙවෙනියට එන කෙනාත් BIC, CUBIC වර්ගයේම වුනත් එයාටත් ඒ සැළකිල්ලම තමයි. හැබැයි දෙවෙනියා වෙනත් වර්ගයක කෙනෙක්නම් තත්වය වඩාත් දරුණුයි. අපායට ගියත් කලිං යන්න කියන්නෙ ඕකනෙ!!!
Linux වල BIC & CUBIC වල තත්වෙ ඔහොම වෙද්දි Microsoft එකේ බිල් මාමාගේ TCP එක තමයි දැනට තියෙන හොඳම සහ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී TCP වර්ගය විදිහට පිළිගැනෙන්නේ. බිල් මාමගෙ TCP එකේ නම CTCP (Compound TCP). [ බිල් මාමගෙයි කියල කිවුවට ඒකෙ නිෂ්පාදන ගෞරවය ලැබිය යුත්තේ Microsoft සමාගමේ ආසියානු පර්යේෂණ කණ්ඩායමට ]. මේ CTCP කියන එක පළවෙනියටම Windows Vista වලදි පෙරනිමියෙන් හඳුන්වා දුන්නා. දැන්නම් XP වගේ බිල් මාමගෙ පරණ පෙට්ටි වලටත් CTCP පැලැස්තර (patches) ඇවිත් තියෙන්නෙ.
Linux වල කරන්න වැඩ ඕනෙ තරම්නෙ. ඒක හින්දා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න කැමති ඕනෙම කෙනෙකුට Linux වලදිත් CTCP පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි CTCP එක බිල් මාමගෙ හින්දා වල CTCP පෙරනිමියෙන් හඳුන්වා දෙන්නනම් ලැජ්ජයි වගේ ඇති.
ඔබ ප්‍රජාතන්ත්‍ර විරෝධීනම් අන්තර්ජාලයට දත්ත මුදා හරිද්දී(uploading) Linux පාවිච්චි කරන්න . ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන Linux පරිශීලකයෙක්නම් බිල් මාමගෙ CTCP එක ගැන පොඩ්ඩක් සළකලා බලන්න. මමනම් දාගෙන ඉන්නෙ BIC. මම ඉතින් අධිරාජයනෙ ;-). මම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නෙ අහවල් එකකටද ?
වැඩි දුර විස්තර දැන ගන්න කැමති අය පල්ලෙහායින් References යටතේ දාල තියෙන පර්යේෂණ පත්‍රිකා අරගෙන කියවන්න.
References
[1] . Kashif Munir, Michael Welzl and Dragana Damjanovic - "
Linux beats Windows or the Worrying Evolution of TCP in Common Operating Systems" {
download link}
[2]. Stephen Hemminger - "
TCP testing – Preventing global Internet warming" {
download link}
[ 04 - Oct - 2009 ]