Sunday, March 1, 2009

මකර රජදහනේ ජාතික ක්‍රීඩාව


අපේ රටේ උත්සන්න වෙලා තියෙන යුධ මානසිකත්වය ගැන බ්ලොග් පෝස්ට් ගොඩාක් ලඟදි කියෙවුවා.
ඉතින් ඒක ගැන මගේ අදහසත් කියන්න එපායැයි.

මගේ යුධ මානසිකත්වය උත්සන්න වුනාම මමනම් කරන්නෙ චෙස් සෙල්ලම් කරන එක. මම විතරක් නෙවෙයි නැපෝලියන් අධිරාජයා, ජෝෂප් ස්ටාලින් ජනාධිපතිතුමා එහෙමත් යුද්ධ අතරෙදි මානසික ඒකාග්‍රතාවය ගොඩනගාගන්න අරමුණින් චෙස් ක්‍රීඩා කරල තියෙනවලු.


ඉන්දියාවේ ගුප්ත අධිරාජ්‍යයේ රජ කුමාරවරු දෙන්න්නෙක් අතර ඇතිවෙච්ච යුද්ධයක් මුල් කරගෙන තමයි චෙස් ක්‍රීඩාවෙ මූලික අවස්ථාව බිහි වෙලා තියෙන්නෙ කියල කියනවා.ඒ මුල්ම ක්‍රීඩවෙ නම චතුරංග. චතුරංග ක්‍රීඩාවෙ ඉන්නෙ අලි, අශ්ව ආදී සේනා.
පසුකාලීනව මේ ක්‍රීඩාව බටහිරට සංක්‍රමණය වුනාම ක්‍රීඩාවට ක්‍රිස්තියානි මුහුණුවරක් ලැබුණා කියලයි කියන්නෙ. වර්තමාන චෙස් ක්‍රීඩාවෙ ඉන්න නයිට්වරු බිෂොප්වරු වගේම රජතුමාගෙ ඔලුවෙ තියෙන්න කුරුස ඔටුන්නත් බටහිර සංස්කෘතියෙන් ආපු දෙවල්ලු.



රජ සිටු මැතිවරු..

ඔන්න මම මෑතකදි සෙල්ලම් කරපු මට ආස හිතිච්ච චෙස් තරඟ දෙකක් . මෙතනින් බලන්න

[ 01 - Mar - 2009 ]

3 comments:

Anonymous said...

මටත් මේ එකම දේ කියවලම ඇති වෙලා හිටියෙ.
අපි ඉතින් අපේ මතයම හරි කියල හිතාගෙන අනික් මත වලට විරුද්ධ වෙමින් බැන බැන ඉන්නවා විතරයි. අපිත් අදිමුකො මකර අධිරාජයත් එක්ක චෙස් අතක්.. නරකද වැඩේ..
(අනික අධිරාජයෙක් එක්කනේ)

Unknown said...

:( හනේ මං පොඩි එකාට ඔය සෙල්ලම තේරෙන්නේ නැහැ නේ

Chanaka Aruna Munasinghe said...

@ අමිල
අදිමු අදිමු
-------------------------------
@ Sakuni

අනේ පවු පොඩි එකී.
බෝනික්කි අක්කියෙක් හොයාගෙන සෙල්ලම් කරන්න
මේ යුද්ධ සෙල්ලම් පොඩි ළමයින්ට හොඳ නැහැ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D