Friday, April 24, 2009

මුදල් ගෙවා ප්‍රචාරය කිරීම


අපේ දේශපාලක මාමලට නැන්දලට කොහෙන්ද ඔච්චර සල්ලි කියන එක ලොකු ප්‍රශ්නයක්නෙ. ඔන්න මමනම් හේතුව හොයා ගත්තා. දැකල ඇතිනේ මේ දවස් වල හෝ ගාල දැන්වීම් යනව එකේ. ඒ දැන්වීම් වලින් පස්සෙ කියනව නේද "එම දැන්වීම මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී" කියලා. ඒ කියන්නෙ ඒ දැන්වීමෙ පෙනී සිටීම වෙනුවෙන් පෙනී සිටින කෙනාට මුදල් ගෙවනවා කියන එක නේද?


සමහරුනම් කියනවා ඒක එහෙම නෙවෙයි කියලා. ඒ වුනාට ඒක එහෙම නෙවෙයිනම් කියන්න ඕනෙ "එම දැන්වීම මුදල් ලබාගෙන ප්‍රචාරය කරන ලදී" කියල නේද? එහෙමත් නැත්තම් "එම දැන්වීම මුදල් ගෙවා ප්‍රචාරය කරවන ලදී" කියල නේද?

අනේ මන්දා




[ 24 - APR - 2009 ]

Align Center

9 comments:

malee_msg said...

අනේ මන්දා මකර මාමේ.. මට ඔවා දකිනකොට හිතෙනවා අපේ ටෙලිවිෂන් වල යන අනිත් දැන්වීම් සේරම සල්ලි ගන්නේ නැතුව විකාෂය කරන ඒවාද කියලා..

Narada said...

ණයට ප්‍රචාරක කලා වෙන්න බැරිද?

said...

හැබෑටම මුදල් දීලද?
චෙක් දීල වෙන්න බැරිද බන්

අපි වෙනුවෙන්නේ ඔච්චර සල්ලි විසි කරන්නේ
පවු අප්පා

budhajeewa said...

හෙහෙ..

මකරටත් මාර එව්ව නෙව හිතෙන්නෙ..

සිරා කතාව..

යූත්මැක්ස් said...

මකර චින්තනය... හහ් හහ් හාාා...

Sasika Nanayakkara said...

මටත් හිතුනා යකෝ ඔච්චර ඇඩ් දාන්නේ කොහෙ‍ාමද කියලා.සින් එක දැන්නේ තේරැනේ.
මම ලබන පාර ඡන්දේ ඉල්ලනවා ඇඩ් වලින් ගානක් හොයා ගන්න.
මගේ ලකුණ - මල
මගේ අංකය - 5

පොඩ්ඩා said...

එතකොට මචං වෙන Add දාන්නෙ නිකංද?
කාවද? බං මේ රවට්ටන්න හදන්නෙ
උන් ඔක්කොම එකතුවෙලා අපිව අන්දනවා
අපිත් අඳිනවා....

Chanaka Aruna Munasinghe said...

@malee_msg, -බිNku-,ම ,පොඩ්ඩා

ඔයාලටත් මට වගේම සිංහල තේරෙනවා පොඩ්ඩක් මදි වගේ නේද ?

අනිත් ඒවා මුදල් ලබාගෙනනෙ (අදාල රූපවාහිනී ආයතනයට ) ප්‍රචාරය කරන්නෙ. මෙවුව එහෙම නෙවෙයි "මුදල් ගෙවා ප්‍රචාරය කරණ ලදී".

ගානකුත් හම්බ කරගෙන ප්‍රචාරයකුත් ගන්න කැමති අයට ඔන්න වැඩේ.
---------------------------------
@Supun Budhajeewa

මකරට හිතෙන්නෙ මකර එවුවා. මාර එවුවා හිතෙන්නෙ මාරයන්ට
---------------------------------
@යූත්මැක්ස්

ස් ස් , චින්තනය කියන්නෙ Copyrighted වචනයක්, එව්වා පාවිච්චි කරන්න අපිට තහනම්
---------------------------------
@සසික නානායක්කාර

ඔයාට විතරයි සිංහල තේරිලා තියෙන්නෙ.
ආයෙ ඡන්දයක් ආපුවහම කීයක් හරි හොයා ගන්න බලමු.
හැබැයි කීයක් හරි හොයා ගන්න ගිහින් වැරදිලා හරි කවුන්සලේට තේරී පත් වුනොත් මොන දෙයියන්ට කියන්නද ?
---------------------------------

Sasika Nanayakkara said...

@Chanaka Aruna Munasinghe
කව්සලෙට තේරැනොත් නම් මලාට යන්නැ..මොකද මට ලොකු සහොදර සහොදරියෝ පරම්පරාවක් හරි නැයෝ පරම්පරාවක් හරිනැති හින්දා අපි වගේ අය ගිහින් වැඩක් නැති නිසා තව ගානක් අරගෙන ලැයිස්තුවේ එම සුදුසුකම් සපුරපු හොද මැරයෙක් හොයලා මිනිහට චන්ස් එක දෙනවා.
එක මාරම සිම්පල් පැලැන් එකක් හැබැයි මම පක්ශයයි අංකේයි නම් මලාට මාරැකරන්නැ...

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D