Monday, June 8, 2009

මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය !!!





මේක මේ රජ කාලෙ කතාවක්. සමහර අය අහලත් ඇති ඉතින්.

ඔන්න එකමත් එක මහරජ කෙනෙක් දවසක් ගමනක් යනකොට දැක්කලු පාර අයිනෙ හිටපු ඉබ්බෙක්ව. ඉතින් අපේ මහ රජතුමාලටත් නිකන් ඉන්න බැහැනෙ, එතුමාට හිතුනාලු මේ ඉබ්බාව බළල් අතක් කරගෙන අන්දරේව අපහසුතාවයට පත් කරන්න.ඉතින් අපේ මහරජතුමා කරපු වැඩේ මොකක්ද දන්නවද ? එතුමා කරපු වැඩේ තමයි ඉබ්බා ගැන හොඳවයින් තේරවිලි කවියක් ගොතාගෙන රාජසභාවෙදි ඒක ගායනා කරලා අන්දරේට අභියෝග කළාලු පුලුවන්නම් විසඳන්න කියලා.

මහරජ :
දාර දෙකයි එක නම මුල් කර........................තැනුවා
කොන් හතරයි කනු හතරයි ගෙට...................ඇතුවා
පාර තිහක් ගැසුවත් බියකුත්..........................නැතුවා
තෝරාපන් අද මම මගදී..................................දුටුවා

අන්දරේ හරිම හපනානේ. අන්දරේ පටාස් ගාල උත්තරේ කිවුවලු.

අන්දරේ:
දාර දෙකක් එක මැද එක......................ගැවසීය
වටපිට යන කලට කණු හතරෙන්...............යාය
ගෙට ගිය කළට කිසි බියකුත්...............නැතුවාය
මට දැනෙනා ලෙසට මහරජ.................ඉබ්බාය

මේක අහගෙන හිටපු මහරජතුමාගෙ නිළමේ මණ්ඩලයේ සමහරු කිවුවාලු අන්දරේට තෑගි දෙන්න ඕනෙ කියලා. තවත් සමහර නිළමේවරු කිවුවලු අන්දරේ මහරජතුමාට ඉබ්බා කියලා අපහාස කරපු නිසා අන්දරේට දඬුවම් දෙන්න ඕනේ කියලා. බලන්නකො මේ නිළමේ මණ්ඩලයේ සාමූහික වගකීමක් නැති හැටි විතරක් , නේද?

අපේ මහරජතුමාගෙ නිළමේ මණ්ඩලය ගැනත් නොකිවුවොත් අඩුපාඩුවක්නෙ. ඒකෙ දියවඩන නිළමේවරුද , ජාතිය ගොඩනැගීමේ නිළමේවරුද , අර නිළමේවරුද,මේ නිළමේවරුද මෙකී නොකී හැම ජාතියකම වගේ නිළමේවරු හිටියලු. ගජනායක නිළමේ කෙනෙකුත් හිටියාලු. හැබැයි ඒ නිළමේනම් මහරජතුමාට පොඩ්ඩ්ක් විතර විරුද්ධයිලු. රජ කාලෙ ලෝකෙ හිටපු ලොකූම නිළමේ මණ්ඩලය හිටියෙත් අපේ මහ රජතුමාටලු. සාමුහික වගකීමක් නැත්තෙත් නිළමේ මණ්ඩලය ගොඩාක් ලොකු හින්දනෙ.

ඉතින් අපේ මහරජතුමාට කරුණු කාරණා ටිකක් විතර තේරෙන හන්දා එතුමා කරපු වැඩේ නිළමේ මණ්ඩලයේ අදහස් නොසළකා හැරලා අන්දරේගෙන්ම විමසුවාලු අන්දරේ කියපු පිළිතුරු කවියේ තේරුම.

ඉතින් අන්දරේ කිවුවලු,

"පස්වාන්දහසකට බුදුවන්න මහරජතුමනි. මම ඔබතුමාට අපහාස කරන්න නෙවෙයි ඉබ්බා කියලා කිවුවෙ. ඉබ්බා කියන සතාට බොහොම දීර්ඝ ආයුෂ කාලයක් තියෙනවා. ඉතින් ඔබතුමාට ඉබ්බා කියපු එකෙන් මම වක්‍රාකරව අදහස් කලේ , ආයුබෝ වේවා මහ රජාණෙනි !!!" කියන එක කියලා.

ඉතින් රජතුමාට සතුටු හිතිලා අන්දරේට කවට නිළමේ තනතුර දීලා අන්දරේවත් එතුමාගේ නිළමේ මණ්ඩලයට එකතු කර ගත්තලු.

නිමි.



[ 08 - JUNE - 2009 ]


14 comments:

said...

ඒකාලේ මේකාලේ ලොකු වෙනසක් නැහැ රජ්ජුරුවෝ වර්ණනා කලාම නිකම්ම ගොඩ ගියෑකි

Anonymous said...

ආහ් නිළමේ තනතුරක ඕනෙ' වෙලා වගේ ;)

malee_msg said...

රජා හොද වෙලාවට‍ ඉබ්බෙක් ගැන ඇහු‍වේ.. මදුරුවෙක් වගේ සතෙක් ගැන ඇහුවා නම් මොනා කියන්නද?

Chamitha said...

හහ් හහ් හා...... අනර්ඝ උපහාසයක්. Maxxa:D

ශාකුන්තල | Shaakunthala said...

රජ ඉබ්බො කියල ඉබ්බො ජාතියක් ඉන්නවනෙ. අර සිරසෙ පෙන්නුවේ. කඩු කිනිසි අරගෙන ෆයිට් කරන උන් තමා.

Chanaka Aruna Munasinghe said...


@ ම

ඒකනම් ඇත්ත
--------------------
@ chamila_dealwis

මේන් කියල දෙයි නේද නිළමේ තනතුරක් මට :D
--------------------
@ malee_msg

මලී නඟාටත් හිතෙන ජාති. ඔයාවනම් රාජ උපදේශක තනතුරකට හොඳටම ගැලපෙනවා.
--------------------
@ Chamitha

උපහාසයක් නෙවයි ප්‍රශස්තියක්. ආයෙ පාරක් හොඳට කියවල බලන්නකො.

මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය == ආයුබෝ වේවා මහ රජාණෙනි !!!
--------------------
@ ශාකුන්තල

ආ ඔවුනෙ . ඒක මට අමතක වුනා. ඉබ්බො කියන්නෙ මහ නපුරු සත්තු ජාතියක්නෙ බලාගෙන ගියපුවම
---------------------

Akkandi said...

ammoo,lankawe wena dewal paththara walata wada blog walin dena ganna puluwan ne.peya gananaawak blog kiyawanna wenawa. raajya sammana issarath labune mutti allana ayata ne. sammana mokatada...? yahapath dewal liyala yahapath yamakata dayaka wemu. me asaadharana gana norata inna apawa dauwath kireema gena sthuthiye.

Chanaka Aruna Munasinghe said...

@ අක්කණ්ඩි

අක්කණ්ඩියෝ මමත් දැන්නම් ඉන්නෙ නොරට තමයි

උෂාන් කෝදාගොඩ විතාරණ said...

ඔයානං මාරයි අයියේ එල බුවෙක්

බිඟූ said...

ඉබ්බෝ ගොඩාක් කල් ජීවත් වෙනවලු නේද?
අවුරුදු සිය ගානක්...

/බිඟුවා...!

Chanaka Aruna Munasinghe said...

@ උෂාන් කෝදාගොඩ විතාරණ

ස්තූතියි
=================
@ බිඟුවා...!

සිය ගානක් නෙවෙයි සමහර වෙලාවට දෙසිය තුන්සිය ගානක්

Anonymous said...

Excellent.......!!!

Chanaka Aruna Munasinghe said...

@ Ayomi's World

Tnxxx

nipunap said...

මට දැනෙනා ලෙසට මකරා ඉබ්බාය !!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D