Friday, December 25, 2009

එක එක අය කියපු කතා

මේ දවස්වල හැම දෙනාම වගේ කතා වෙන්න ජනාධිපතිවරණය ගැන.මේ තියෙන්න ඒ ගැන එක එක අය කියපු කතා



එක්කෙනෙක් "පළමුවත් දෙවනුවත් තෙවනුවත් මවුබිම". ඒ කියන්නෙ රටට තුනයි , හතර වෙනියට තමයි හොරා කන්නෙ. අනිත් කෙනා "මට පෙර රට". ඒ කියන්නෙ රටට එකයි ඊලඟට මට. එතකොට කවුද වැඩියෙන් හොඳ ?


---------------------------------------------

"තාරුණ්‍යයට හෙටක්". ඒකත් අර බාලගිරි අද නෙවෙයි හෙට වගේද?

---------------------------------------------

"දෙවෙනි මෙහෙයුම", අපොයි එක මෙහෙයුමක් ඉවර වෙනකල් මෙච්චර කල් පටි තද කරගෙන හිටියා. තවත් එකක් පටන් ගත්තද? 


---------------------------------------------


SF = Swine Flue


---------------------------------------------


ජනාධිපති අපේක්ෂකයන්ගේ ඇඳුම සුදෝ සුදු කරවන රෙදි සෝදන කුඩු වර්ගය මොකක්ද?


---------------------------------------------


පිටි මිල අඩු කළේ අපිට කන්න නෙවෙයි. පෝස්ටර් අලවන්න පාප්ප හදන්න ඕනෙ හින්දා


---------------------------------------------


වැඩිපුරම සංවේදී කවුද කියලා දැනගන්නනම් දෙන්නවම කොනිත්තලා බලන්න වෙයි කවුද වැඩිම  සද්දෙන් ඌයි කියන්නෙ කියලා.


---------------------------------------------


A: සිරස සුපර් ස්ටාර් වලටත් පොදු අපේක්ෂකයෙක්ව දාන්න ඕනෙ
B: ඇයි  O/L වලට පොදු විභාග අපේක්ෂකයෙක් ? 
C: ඇයි පොදු විවාහ අපේක්ෂකයෙක් වෙන එකත් මරු වැඩේ


---------------------------------------------


මට ඔය පොදු අපේක්ෂක කම දුන්නානම් මම භාර ගන්නෙත් නෑ ප්‍රතිෂේප කරන්නෙත් නෑ.


---------------------------------------------


Generals Should contest for General Elections
Presidential Elections are for Presidents


---------------------------------------------


මහ රජතුමාගේ අපේක්ෂාව කුමක්ද?
සක්විති රජ වීම (සක්විති රණසිංහ ගැනයි මේ කියන්නේ)


---------------------------------------------


"දරු දැරියන්ගේ අපේක්ෂාව කුමක්ද?"

A: ටොෆී, චොකලට්, අයිස්ක්‍රීම්, සෙල්ලම් බඩු
B:දරුවන්ගේ අපේක්ෂාවනම් දැරියක්. දැරියන්ගේ අපේක්ෂාව දැරියකගෙන්ම අහන්න ඕනෙ.
C:දරුවන් පොඩි කාලෙ අපේක්ෂා කරන්නෙ කාර්, දැරියොනම් බෝනික්කො හැබැයි ලොකු වුනාම දරුවො බෝනික්කො, දැරියො කාර්


---------------------------------------------

ලංකාවෙ මැතිවරණ හරීම නිදහස් හා සාධාරණයි

ලෝකෙ වංචනිකම මැතිවරණය ගැන මෙතනින් කියවන්න

[ 25 - Dec - 2009 ]

13 comments:

Anonymous said...

මේක කියවලා විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. :)

පොතේ ගුරා said...

හික්zz... උපරිමයි!

බිඟූ said...

එලනේ මල්ලී....


/නිශාන්ත

කතන්දර Kathandara said...

ආතල් කතා ටික.
මේ ටික එකතු කරලා දෙබසක් වගේ දාලා "මානි ගේ තීරුව" වගේ එකක් කරන්න තිබුනා.

කකා.

Ravimal said...

මරේ මරු...

Anonymous said...

හැරවුමක ඇරඹුම .... ? දැන් කොහෙට ද හැරවෙන්නේ :D

ගිය පාර මට මතක විදිහට රට පෙරට...

ඇයි අනිත් පිළ
බෙදුම්වාදයට පරාජයක් හැකියාවට රැකියාවක් සහ තවත් මොකක්ද එකක් :D

malee_msg said...

උපරිමයි... දැන් බලකායවලුත් හෙන ගොඩයි.. නිල් බලකාය.. sfබලකාය අනේ මන්දා තව ටික කාලෙකින් මේ රටේ බලකායෝ විතරයි ඉතුරු වෙන්නේ රටට වැඩක් කරන එකෙක් නෑ

Rachintha Jayawardhana said...

එළනේ

BuLa said...

mewa dekala pana palayan labana pereda

සඳුන් රත්නායක said...

තාරුණ්‍යයට හෙටක්-තාත්තාට රටක්

කොහොමහරි අපිට වෙලා තියෙන්නෙ නුසුදුස්සන් රොත්තක් අතරින් හොඳම විකල්පය තොරන්න
හපොයි dont

Anonymous said...

නියමයි... එල එල...

Chanaka Aruna Munasinghe said...

@ All

ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි. වැඩ ගොඩාරියයි හින්දා මගේ ප්‍රති-ප්‍රතිචාර දාන්න බැරි වුනා. සමා වෙන්න.

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

Tnx

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D