Thursday, June 23, 2011

භූත ගුණේගේ තුන්මස් සමරුව

.

මහා වීර දේශ බන්ධු භූත ගුණේ දැයෙන් සමු ගත්තෙ මීට මාස තුනකට කලින්. භූත ගුණේ ගැන අහල නැත්තන් සඳරු ලියපු භූත ගුණේගේ ජීවිත කතාව  කියවලා ඉන්න .

වල් අලි පහරකට ලක්වෙලා දැයෙන් සමුගත්තත් භූත ගුණේගේ කතාව එතනින් ඉවර නෑ. මෙන්න ඊට පස්සෙ වෙච්ච දේ.

===

භූත ගුණේගේ මරණය දැනිලා
සක්කර පස්සත් උණු වූවා.
ප්‍රයිවට් රියදුරු මාතලි කැඳවා
ගුණේව ගෙන එන්නට කීවා

සක් ආරක්ෂක භටයින් සමඟින්
මාතලි ලක් දෙරණට ආවා
වදෙන් පොරෙන් දෙව් රියට නංවලා
ගුණේව දෙව්ලොව ගෙන ආවා

දෙව්ලොව වටපිට විසිතුරු දැකලා
ගුණේගෙ ඇස් දෙක උඩ ඉඳුනා
මාව ගෙනාවේ කොළොම් පුරේටද ?
ගුණයා දෙයියෙක්ගෙන් ඇහුවා

නෑ බොල ගුණයෝ මේකයි දෙව්ලොව
දෙයියා ගුණේට පැවසූවා
කොළොම් පුරෙත් මේ වාගෙම වෙන්ටැති
භූත ගුණේ තනියම හිතුවා

පවස නිවන්නට අමුර්ත බඳුනක් 
භූත ගුණේ වෙත පිරිනැමුණා
රා පොල් කට්ටක් මීට සැපයි මට
ගුණයා හෙමිහිට මිමිණූවා

ෆේෂල් කරලා හැඩ වැඩ දමලා
ගුණේට දිව සළු ඇන්දවුණා
මේව එල්ලගෙන ඉන්නේ කොහොමද
භූත ගුණේ දත් මිටි කෑවා

අමුර්ත උගුරක් බීගෙන යනකොට
ගුණේට ඒකේ රස වැටුණා
දෙව්ලෝ කෙළියත් නරකම නැහැ නොවැ
භූත ගුණේ ටික ටික සිතුවා

දෙවියෙක් විලසට දිවුරුම් දෙන්නට
සක්දෙවි ගුණේව කැඳවූවා
අලුතින් දෙවි වන ගුණේ දකින්නට 
දෙවිවරු සබයට රැස් වූවා

සක්කර පුත්තර වයිමා දෙයියා
ගුණේට මල් මාලා දැමුවා
නැණ විකලව ගිය මහබඹ රාජා
ගුණේට හව් ආ යූ කිවුවා

පස්ස කූල් වුණ සක්කර දෙයියා 
සබයේ මුලසුන වාඩි වුණා
අම්මාපල් මම දෙයියෙක් වෙනවා
ගුණයා දිවුරුම ලෙස කීවා

බිම්බර දහයක් ඒ මහ මරසෙන්
මිලිටරි ආචාරය පෑවා
දේව සභාවේ දෙවියෙක් විලසට
භූත ගුණේ අබිසෙස් ලැබුවා !

ලක්වැසියන් සියළු  
දෙනාටම 
දේශබන්ධු  භූත ගුණේ 
දේව පිහිටාරක්ෂාව ලැබේවා !!!

[ 22 - Jun - 2011 ]

36 comments:

කතන්දර Kathandara said...

-මීට
දිව්‍යලෝකයේ වාර්තාකරු
මකරා

Bindi said...

මකරෙක් වෙච්ච හන්දම හොඳයි. දෙව් සභාවට හොම්බ දාලා ඕක දැනගන්න

හිස් අහස said...

ෂා පට්ටයි . මෙන්න බූත ගුනේට ආයෙමත් පන දීලා ...නියමයි නියමයි. කාටද ආඩම්බර ? මටනේ ...!

ආඩම්බර බූතගුනේ වගේ ඩයල් එකක් එකක් හිටපු ගමේ ජීවත් වෙන මට මාර ආඩම්බරයි

හැබැයි පුතෝ මූ වල කජ්ජ ගහලා දැන් අවුරුදු විස්සකටත් වැඩියිලු . මගේ සීය තමයි කතාව කීවේ

එල කිරි කවි ටික මකරෝ . මම කැලේ

Buratino said...

දෙව්ලොව කලබල.. :)

``` Outsider``` said...

ලංකාවේ අයියල කැන්දන් ගිය රගේ තේරෙයි සක්කරයට ඉක්මණින්ම...
මරු කවි ටික...

සංකල්ප said...

භූත ගුණේ දෙයියන්ගෙම පිහිටයි. දැන් තිස්තුන් කෝටියයි එකකුයි දෙවිවරු ඉන්නවා නේ. නියමයි. කාලයටක් අයියනායක දෙවියෝ කියලා කිව්වා වගේ භූත ගුණේ දෙයියෝ කියලත් කියයි.

කිඩෝ said...

අඩෝ මේ මකරෝ බූත ගුණේගෙ කැත්තත් ඌත් එක්කම දිව්‍යලෝකෙට ගියාද නැත්තං ඌට කැත්තට වඩා එලකිරි බාන්ඩයක් ලැබුනද...

ප.ලි.
අද වනවිට කකුල් 4 අලි පමනක් නොව කකුල් 2 අලින්ද සීඝ්‍රයෙන් වදවී යන්නේ උන් බූත ගුණේට කෙලෙව්ව නිසාවෙනි...

Anonymous said...

හික්... මේක නම් සුපිරි....

Podi Kumarihami said...

ෂා....ලස්සන කවි ටික. මම නම් හිතුවේ ඔය සමහරුන්ට කවි ලියන්ට බෑ කියලනේ. දැන් බලාගන යනකොට හැමෝටම කවි ලීව හැකි...

භූත ගුනේ දේව පිහිට සිංගප්පුරු දේශවාසීන්ටද අඩු නැතුව ලැබේවා...:D

නචියා said...

එළ කවි ටික. භූත ගුණේ ගැන ආයෙත් කියෙව්වා. තවත් තියනවද ඉදිරියට...

ප්‍රාර්ථනා said...

ඔන්න එහෙනම් භූත ගුණේ දෙවියෙක් වුන හැටි..:D

ලකී සිරි said...

භූත ගුණේගෙ දෙක සුපිරිය. පළවෙනි එකත් හොඳ ය. භූත ගුණේ ගෙ තුන තිබුනොත් තවත් හොඳ ය..
කැත හිතින් නොබැලුවොත් හතරත් ලිවිය හැක..

- නිල් අහස - said...

බලාගෙන ගියාම භුත ගුනෙත් මාර වාසනා වන්තයෙක් ..නොවැ.
මම කිව්වේ දිව්‍ය ලෝකෙ ගිය එක ගැන නෙවෙයි. මකරෙක්ගේ මේ තරම් ලස්සන පද වැලකින් උපහාර ලබන්න තරම් වාසනාවන්ත උන එක ගැන.

Nalin said...

We can find new reason for Rajarata Kidney issue getting help from භුත ගුනෙ.As to we get GOD Natha help to prove arsenic in soil scientifically.

Chanaka Aruna Munasinghe said...

@ කතන්දර Kathandara

නෑ නෑ. භූත ගුණේගේ දිවුරුම් දීමේ උත්සවයට ශක්‍ර දෙවියන්ගේ ආරාධනයෙන් මමත් සහභාගි වුණා. මකරු ඉන්නෙ දිව්‍ය ලෝකෙ නෙවෙයි මනුස්ස ලෝකෙ
========================
@ Bindi

භූත ගුණේගේ දිවුරුම් දීමේ උත්සවයට ශක්‍ර දෙවියෝ මකර අධිරාජයාටත් ආරාධනා කළා
========================

Chanaka Aruna Munasinghe said...

@ හිස් අහස

අවුරුදු 20 වුණත් මාස තුනක් වුණත් දිව්‍ය ලෝකෙට ඒක මහ ලොකු කාලයක් නෙවෙයි.

දැන් සඳරුගෙ අයියත් ලොක්කෙක් වෙච්හි එකේ නරකද භූත ගුණේ වෙනුවෙන් දේවාලයක් හැදුවනම්. එහෙම කළොත් ඔය වල් අලි කරදරේ සහමුලින්ම දූරීභූත වෙලා යාවි

Chanaka Aruna Munasinghe said...

@ Buratheno

හී හී, ඒක තමයි . කිසි සැලැස්මක් නැතුව ගහෙන් ගෙඩි එන්නා වගේ මනුස්සයෙක්ව දිව්‍ය ලෝකෙ අරන් ගිහින් කරකවල අතැරියම මේ වගේ නොවී තියෙයියැ
===================
@ ``` Outsider```

නෑ නෑ. එහෙම වෙන එකක් නෑ. ලංකාවෙ අයියල කොහේ ගියත් රටෙ නම්බුව තියනවා
===================
@ මධුරංග

අලි කොටි ප්‍රශ්න වලට විසඳුම් ගෙනෙන අලුත්ම දෙවියා දේශ බන්ධු භූත ගුණේ දිව්‍ය රාජයා

Chanaka Aruna Munasinghe said...

@ කිඩෝ

ගුණේගෙ කැත්ත ගැන අමතක වුණා නොවැ. මතක් වුණානම් ඒක ගැනත් හොයල බලන්න තිබ්බා. අපි භූත ගුණේ දෙයියගේ දිව්‍යාභරණ වලට කැත්තක් දාමු. සඳරුට කියමු භූත ගුණේ වෙනුවෙන් ඉදි කරන්න නියමිත දේවාලෙ කැත්තක් තැන්පත් කරන්න කියල.

ප.ලි
-----
භූත ගුණේ දෙයි හාමුදුරුවන්ගෙ උදහස හින්දයි කොටි නැත්තටම නැති වුණේ. අලින්ටත් තව ටික කාලෙකින් ඒ සෙතේම තමයි

Chanaka Aruna Munasinghe said...

@ prasanna86k

ස්තූතියි.
============
@ Podi Kumarihami

භූත ගුණේ දෙවි පිහිටෙන් දැන් අපිටත් කවි ලියන්න ඇහැකි
============
@ නචියා

සඳරු භූත ගුණේ දේවාලයක් හැදුවම ආයෙ ඒ ගැන ලියාවි. ඊලඟ කොටස සඳරුගෙන්

Chanaka Aruna Munasinghe said...

@ ප්‍රාර්ථනා

භූත ගුණේ විතරක් නෙවෙයි, ඕනෙම කෙනෙක් දෙවියෙක් වෙන්නෙ ඔහොම තමා
================
@ Luckey

භූත ගුණේගේ එක නැත්තන් දෙක කොහොමටත් නැත. ඒක නිසා සඳරු ලියපු භූත ගුණේගේ ඇත්ත ජීවිත කතාව 2ට වඩා සුපිරිය. භූත ගුණේ 3 මග එනවාය. ඒ සඳරුලාගෙ ගමේ භූත ගුණේ දේවාලයක් ඉදිවී එහි අනුහස් පෑමට පටන් ගැනීමන් පසුය

Chanaka Aruna Munasinghe said...

@ - නිල් අහස -

ස්තූතියි. නිල් අහසට බූත ගුණේ දේව පිහිටයි ආරක්ෂාවයි
=================
@ Nalin

භූත ගුණේ දෙවියො බලා කියා ගන්නෙ අලි කොටි ප්‍රශ්න ගැන. ආසනික් ගැන බලන්න නාථ තෙවියො ඉන්නවනෙ

Bunny said...

දැන් දේශබන්ධු භූත ගුණේ මොණා සම්බන්දවද වැඩ කරන්නෙ ?
අර මොලේ නැති උන්ට ගනදෙයියෝ මොලේ දෙනවා වගේ
දේශබන්ධු භූත ගුණේ ටත් පොස්ට් එකක් තියේද ? :D

jhothishalanka said...

ෂහ්..මකරත් හොද කවි කාරයෙක්නේ..හැබෑට භූත ගුණේගේ දිව්‍ය ලෝකේ ආයුදෙත් කැත්තද?

පූසා said...

භූත ගුණේ 2!
යකඩෝ මට දැන්නොවැ මතක් වුනේ අපි චෙස් අතක් ඇද ඇද නේද හිටියේ :o

Anonymous said...

කවි ටික නියමයි. පින්තූරයත් මරු!!

පබලු said...

නව පණක්...

Observer said...

අගේ ඇති කවි ටික.

වන්නි said...

අඩේ අරකටම දෙවෙනි නෑ බං. සුපිරි. මෙන්න පහක්.. පචාස්!!!

Chanaka Aruna Munasinghe said...

@ Bunny

භූත ගුණේට පැවරුණේ අලි, කොටි කටයුතු. ආයෙ කං කොට හාවන්ගේ කන් දික් කරන එකත් භූත ගුණේටමයි පැවරුණේ
===================
@ JHOTHISHALANKA

භූත ගුණේගේ දිව්‍යලෝකෙ ආයුධේ මොකක්ද කියල හරියටම දැන ගත්තහැකි සඳරුලගෙ ගමේ භූත ගුණේ දේවාලය ඉදි වුණාට පස්සෙ
===================
@ පූසා

මෙන්න අපේ චෙස් අත අන්තිමට නවත්තපු තැන. පූවට කම්මැලිනම් Diplomatic Draw එකක් දාමු

http://status-chanaka.blogspot.com/2011/06/blog-post_13.html?showComment=1308239615932#c7849937168412351935

Chanaka Aruna Munasinghe said...

@ arunishapiro

ස්තූතියි. පින්තූරෙනම් සඳරුගෙ භූත ගුණේ Part -I වලින් තමයි ඉස්සුවෙ
===============
@ පබලු

ඔවු මහ බලගතු දිව්‍යාත්මයක්
===============
@ Observer

ස්තූතියි
===============
@ වන්නි

ස්තූතියි, පචාස්!!!

Buddhi said...

කවි ඔක්කොම එළ. අන්තිම එක පට්ටම!!

Chanaka Aruna Munasinghe said...

@ බුද්ධි

ස්තූතියි :D . චූටි මහත්තයගෙ කතාවක් ලඟකදි දැක්කෙ නෑ. මැරියන්ගෙන් බ්ලොග් ලියන්න සම්බාධකද

BLOG ගඩොල් said...

හික් හික්!! ලොවෙත් නෑ මකරෝ. එළම කවි පන්තිය

Chanaka Aruna Munasinghe said...

@ blog gadol

ස්තූතියි

Anonymous said...

මේකේ නියම ව්‍යංගාර්ථයක් තියන‍වා. මොකක් හරි කරලා ජනප්‍රිය වෙච්ච මෝඩයෙකුට ඇමතිකමක් දෙන සීන් එකක් වගේ එකක් මට මැවුණේ.

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

ව්‍යංගාර්ථයක් හිතාගෙනනම් නෙවෙ ලීවෙ. බොලේ එහෙම ව්‍යංගාර්තත් හිතන්න ඇහැකි නේද?

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D