Tuesday, January 6, 2009

අගවිනිසුරු තුමා වෙත ( ඉන්දියාවේ )


1974 දි කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට පවරා දීපු ගිවිසුම අහෝසි කරලා කච්චතිවු දූපත ආපහු ඉන්දියාවටම පවර ගන්න කියල ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දියානු රජයට නියෝග කරල. ජයලලිතා ඇන්ටි දාපු නඩුවක තීන්දුවක් විදිහටලු මේ නියෝගය නිකුත් කරල තියෙන්නෙ.

source : DailyMirror ( read the article here)

කොටින්ට මුලතිවුත් නැති වුනාම වෛකල්පිත (මනඃකල්පිත ) ඊළාම් රාජ්‍යය කච්චතිවු වල පිහිටුවන්නවත්ද මන්දා ?



හොඳයි ඉන්දියානු ආණ්ඩුව 1974 ගිවිසුම අහෝසි කරා කියමුකො ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරලවත්. එතකොට ඒක ආදර්ශයට අරගෙන, 1947 දි ඉන්දියාවට නිදහස දීපු ගිවිසුම අහෝසි කරන්න කියල එංගලන්තෙ සුප්‍රීම් කෝටුව එළිසබත් මහ රැජිනට නියෝගයක් දුන්නොත් එහෙම මොකෝ වෙන්නෙ.



ඉන්දියාවේ අගවිනිසුරු තුමනි,
මේ ඔබේ අවධානය පිණිසයි !!!

[ 06 - Jan - 2009 ]

5 comments:

malee_msg said...

හප්පා... මාර සිද්ධියක‍්නේ..එතකොට ඊළග යුද්ධය මග එනවාද?

budhajeewa said...

එළ එළ !

ඕක විතරයි අඩුවකට තිබුනේ.

අඩු ගානෙ මම හරි එංගලන්තෙට ගිහිං එහේ සෙරෙස්ටාදිකොරන නඩුවක් දානවා 1947 ඒ ගොල්ලො ඉන්‍දියාවට නිදහස දුන්නු නිසා ලංකාවට හරි කරදරය, ඒක නිසා ඉන්‍දියාව ආපහු එංගලන්තෙට පවරගන්නය කියල.

ම.ම.ගි said...

හෆොයි!

Sam said...

අලංකාර කතාව. කටේ මසුරන් දාන්න වටිනවා.

Chanaka Aruna Munasinghe said...

මසුරන් එපා.
ඩොලර් ??

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D