Monday, September 7, 2009

පෑනද ? තුවක්කුවද ?





තුවක්කුවට වඩා පෑන බලවත් බව යළිත් ඔප්පු වී තිබේ !!!

තුවක්කු භාවිතා කිරිම නොසළකා හැරිය හැකි සුළු දෙයක් ලෙස තක්සේරු වී ඇති අතරපෑන් භාවිතා කිරීම වසර 20ක් සිරගත කළ යුතු තරම් බරපතල දෙයක් ලෙස තක්සේරු කර ඇත
!!!

තුවක්කු භාවිතා කිරිම නොසළකා හැර තිබෙනවා පමණක් නොව ඉන් ඔබ්බටද ගොස් තිබේ..


යුධ ජයග්‍රහණයේ ගෞරවය කරුණා අම්මාන්ට ලබා දීම , ජනරාල් සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ට කළ බරපතල අපහාසයක් බව මගේ හැඟීමයි.


News Sources:

1. කරුණා අම්මාන්ට ජාතික වීර පට්ටමක් (Read here)
2. තිස්සනයගම් සිරගෙදරට (Read here) & (here)

[ 07 - Sept - 2009 ]

7 comments:

Anonymous said...

කැකිල්ලේ රජතුමාගේ තීන්දු වගේ.
අපේ මහ රජතුමාත් කැකිල්ලේ රජතුමා වගේ වීගෙන වීගෙන එනවදො කොහෙදො

Narada said...

තුවක්කුවෙන් බේරෙන්න BMW කාර් ජාතියකින් හරි කබායන් වලින් පුළුවන්.
ඒත් පෑනෙන් බේරෙන්න නම් පෑන ලියන අත කපන්න හරි යාළු කර/රවටා ගන්න ඕනේ. නැත්තම් ඔය වගේ සිර කුඩු හරි තුවක්කුවෙන් තමා උත්තර දෙන්නේ.

මිගාර said...

කරුණා අම්මාන් දැන් ත්‍රස්තවාදය නියෝජනය කරන්නේ නැහැ. (නමුත් පහුගිය දේට නඩු දැම්මාට ප්‍රශ්ණයක් ද නැත). නමුත් තිසනායගම් තවමත් අර පැත්තෙමයි. මෙතන වෙනස ඒකයි.

Anonymous said...

ඔව් මිගාර කිව්වත් වගේ අම්මාන් දැන් ආණ්ඩුවෙනේ. දැන් දේශප්‍රේමියෙක්. නඩු දැම්මට ප්‍රශ්ණයක් නෑනෙ දේශප්‍රේමියන්ට දඩුවම් කරන්නෙ නෑනෙ.

Chanaka Aruna Munasinghe said...


@ Anonymouse1

හා හා, කට කට
ආයුබෝ වේවා මහ රජානෙණි !!!
-----------------------------
@ බිன்ku-

වෙලාවට මම පෑනෙන් නෙවෙයි ලියන්නෙ.
අපි කී බෝර්ඩ් එකෙන් ටයිප් කරන අයනෙ.
-----------------------------
@ මිගාර

1.දැනට ත්‍රස්තවාදය නියෝජනය නොකරන්නේනම් දිය යුතුව තිබුණේ සමාව පමණි. නමුත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක්, ඇමති කමක් දුන්න පමණක් නොව දැන් ජාතික වීර තත්වයක්ද ආරෝපණය කිරීම ?????

2.තිස්සනායගම්ට ඇත්තේ ලිවුවා කියන චෝදනාව පමණි. මිනීමැරුම්, ආයුධ ජාවාරම්, මරාගෙන මැරෙන ප්‍රහාර මෙහයවීම් චෝදනා නැත. කළ යුතුව තිබුනේ අවවාද කිරීමක්, පුනරුත්ථාපනය කිරීමක් වැනි දෙයකි. වසර 20 ක් යනු too much ය.
--------------------------
@ Anonymouse2

KP ත් කපටියා. තව ටික දවසකින් දේශ ප්‍රේමියෙක් වෙලා විදේශ ඇමතිකමත් ගනියි. හොඳ ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන මනුස්සයනෙ

Anonymous said...

පොඩි නිවැරදි කිරීමක් අර "රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය" හොර එකක් ඒකට කරුණව එංගලන්තෙදි හිරේ දැම්මා හැබැයි ලංකාවෙදි මහ රජාණන්ගෙ "කරුණාවයි".

මිගාර ට තවම තිස්සනායගම් නඩු තීන්දුව හම්බ වෙලා නෑ වගේ

Chanaka Aruna Munasinghe said...


@Anonymouse

ඒක රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය හොර එකක් නෙවෙයි. පාස්පෝට් කන්තෝරුවෙන්ම තමයි නිකුත් වෙලා තියෙන්නෙ. හැබැයි කරුණා අම්මාන්ට එතකොට රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් පාවිච්චි කිරීමේ අයිතියක් නැහැ. ඒකයි ඒක හොර එකක් කියන්න සිද්ධ වුනේ. නැත්තන් ලංකාවෙ ආණ්ඩුවෙම නම ඉවරනෙ.

ඒක හොර එකක්නම් ලංකාවෙදිත් දඬුවම් දෙන්න එපැයි. එංගලන්තෙදි දඬුවම රටට නීති විරෝධී විදිහට ඇතුල් වීමට. ලංකාවෙදි දඬුවම හොර ලිය කියවිලි හැදුවට.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D