Monday, September 7, 2009

අපි නොදන්න බෝලිං




"අපි නොදන්න චෙස් " කියලා සමහරු කට කහනවට කියනවා අහලා ඇති නේද ? "අපි නොදන්න චෙස් " කියන එකෙන් ගම්‍ය වෙන අදහසනම් මම දන්නේ නැහැ. මම චෙස් දන්නවා . ඒ වුනාට මම බෝලිං නම් දැනගෙන හිටියෙ නැහැ.

අපේ විශ්ව විද්‍යාලයේ චෙස් කණ්ඩායම පහුගිය සෙනසුරාදා විනෝද චාරිකාවක් ගියා. ඒ චාරිකාවෙ එක අංගයක් තමයි බෝලිං සෙල්ලම් කිරිල්ල. එතන හිටපු අනිත් හැම දෙනාම මීට කලින් බෝලිං සෙල්ලම් කරලා තිබ්බ අය. මම ඒ සෙල්ලම යන්තම් උඩින් පල්ලෙන් TV එකේ දැකලා විතරමමයි.

කොහොම හරි ඉතින් බෝලෙ රෝල් කරන විදිහ අහගෙන මමත් බෝලිං සෙල්ලම් කරන්න පටන් ගත්තා. පළවෙනි වටයේ උත්සාහයන් දෙකේදිම ලකුණු 0 යි. කමක් නැහැ පළවෙනිම පළවෙනි පාරනෙ කියල හිත හදාගෙන දෙවෙනි වටයේදිත් උත්සාහ කළා. ඒ පාරත් ප්‍රතිපලය 0 යි. තුන්වෙනි වටයේදිත් කොච්චර උත්සාහ කළත් බෝලෙ ගියේ කැලේට. වට 3ක් ඉවර වෙලා අනිත් අය ලකුණු ගොඩාක් අරන් තියෙද්දි මම 0යි හින්දා ටිකක් විතර ලැජ්ජත් හිතුනා. නොදන්න බෝලිං වලට ගියේ මොන මෝඩ කමටද කියලත් හිතුනා.




හතරවෙනි වටයේ පළවෙනි උත්සාහයේදිත් ප්‍රතිපලය 0යි . බෝලෙ කැලේ. හැබැයි දෙවෙනි උත්සාහය යන්තම් හරි ගිහින් බෝලෙ ඉලක්කෙට වැදුනා. ඔන්න එතකොට තමයි මට තේරුනේ සෙල්ලම.

පස්වෙනි වටයේදී මම STRIKE එකක් ගත්තා. (පොලු 10 ම පළවෙනි පාරෙන් වැට්ටවීම ) දක්ෂ කමනම් නෙවෙයි වාසනාව. බින්දු 3 කින් පටන් ගත්ත මම කොහොම හරි අන්තිමට 3 වෙනියාත් වුනා. මාවන් අතපත්තුගෙ ටෙස්ට් ක්‍රිකට් ආරම්භයත් ටිකක් විතර ඒ වගේ නේද ?

මේ තියෙන්න ලකුණු පුවරුව.
අන්තිම පේලියෙ මුලටම තියෙන්න මගේ 0 හැට්ට්‍රික් එක





මේ බෝලෙ 11 lbs බරයි . ලේසි වැඩක්නම් නෙවෙයි.
අන්තිමට මගේ ඇඟිලි වලට හොඳ ගනන්.
ඒකයි මේ බ්ලොග් පෝස්ට් එක ඊයෙ ලියන්නෙ නැතුව අද ලියන්න වුනේ ;-)



[ 07 - Sept - 2009 ]


14 comments:

Thameera said...

ඕකට කියන්නෙ බෝලිං කියල දැනගත්තෙත් දැන්. ටීවී එකේ දැකල තිබුණට සෙල්ලම් කරල නැහැනෙ. එල එල, එහේ ඉඳන් ලෝක වාර්තාවක්ම තියන්නකෝ.

උෂාන් කෝදාගොඩ විතාරණ said...

උත්සාහවන්තයා ජයගනී කිවුවලු :D

Sach said...

Dude, I don't think it's 11Kg heavy! It's 11 lbs, I think because the highest weight ball allowed for a ball is 11lbs.

ඉන්දික said...

නියමයි නියමයි~!

Chanaka Aruna Munasinghe said...


@Sachintha

Yes 11 lbs. Corrected
But there were 15 lb balls too

Siribiris said...

ගමේ ඉදන් වාසිටි ආව, කොලු ගැටයෙක්, කැරම් ගහනවා වගේ, ඇඟිලි දෙකක් එකට අතුල්ලලා පෙන්නලා කිව්වලු, අපි නොදන්න චෙස් කියලා. එදා ඉදන් කවුරු හරි නොදන්න මගුලක් ගැන පාරම් බානකොට ඔහොම කියනවා.

said...

මකරා එහෙනම් බෝලිංනුත් ගැහුවා නේ

Chanaka Aruna Munasinghe said...


@ තමීර

අම්මෝ ලෝක වාර්තාවක් . මම මෙහේ ආවෙ බෝලිං සෙල්ලම් කර කර ඉන්න නෙවෙයි. කමක් නැහැ පෞද්ගලික වාර්තාව අලුත් කරන්න බලන්නම්කො.
------------------------
@ ushan

:D
------------------------
@ ඉන්දික

තැන්කූ තැන්කූ
------------------------
@ LazyOwl

තැන්කූ, "අපි නොදන්න චෙස්" කියන එක කියලා තිබ්බට ඒක කියන්න හේතුව දැනගෙන හිටියෙ නැහැ. බලාගෙන යනකොට නොදැන "අපි නොදන්න චෙස්" කියන එකත් අපි නොදන්න චෙස්ම වෙලා
----------------------
@ ම

ගැහුවා නෙවෙයි , පෙරලුවා

malee_msg said...

හස්පටසිරි... මකරා අයියණ්ඩිට ගිය කලක් බොලේ...!!!

Chanaka Aruna Munasinghe said...


@ malee_msg

මලී නඟාටත් කවද හරි හොඳ කලක් යයිනෙ බොලේ

Jeew said...

ඕක ඔච්චර බර නම් ඔය ටෙනිස් බෝලයක් වගේ එකක් ගන්ඩ තිබුණනේ... හික්.. හික්..

Chanaka Aruna Munasinghe said...

@ jeew

ටෙනිස් බෝල වලින් කරන්නෙ වෙන වෙන සෙල්ලම්නෙ. මේ සෙල්ලමට බරට බරේ බෝලයක් ඕනෙ

Jay said...

මේක ලේසි වැඩක් නෙමෙයි. මමත් Excel World එකේ ප්ලේ කරලා තියේ.
:)

Chanaka Aruna Munasinghe said...

@ Ansh Lucky Sri Jay

ජිල් බෝල ගහන තරම් ලේසි නෑ තමයි

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D