Sunday, September 13, 2009

යුෂ්මතා,මම සහ Pen Drives (3 in Oneනම් කතා)



1 වෙනි කතාව

මේක අපි විශ්ව විද්‍යාලයට ගියපු අලුතම වෙච්ච දෙයක්. ඒ කාලෙ අද වගේ තාක්ෂණය දියුණු නැහැනෙ. අරෙහෙ මෙහේ DATA උස්සගෙන යන්න අපි හැමෝම වගේ ගාවෙ තිබ්බෙ හම ගියපු Floppy Disks 2ක් 3ක්. ඔය අතරේ අපේ එක යාලුවෙකුට කොහෙන්දො මන්දා පිටරටක නෑදෑයෙක්ගෙන් Pen Drive එකක් තෑගි හම්බ වෙලා. 128MB ද කොහෙදෝ. ඉතින් 1.44MB වලට කොටු වෙලා හිටපු අපිට ඕක නිකන් මැජික් වගේ. ඉතින් අපි සෙට් එකම ගියා මේ අලුත් ගැජට් එකේ මැජික් බලන්න. ආ ආ අමතක වුනා අපේ මේ යාලුවගෙ නම නොකියා කතන්දරේ විතරක් කියන එක හොඳ නැහැනේ. අපේ මේ යාලුවගෙ නම ඩන්ස්ටන්.

ඉතින් අපි ගියා ඩන්ස්ටන්ට අලුතින්ම හම්බ වෙච්ච Pen Drive එක බලන්න. ඒක හොඳ ලස්සන තෑගි ඔතන කොලේකින් එහෙම ඔතලා "A gift to Dunston" කියලා එහෙමත් ගහල තිබ්බා. ඉතින් අපේ ඩන්ස්ටන් එයගෙ තෑග්ග උණු උණුවෙම පැකිං කඩලා, එයාට තෑග්ගත් එක්ක හම්බ වෙලා තිබ්බ ලියුමෙ තිබ්බ උපදෙස් අනුව Pen එක Computer එකකට ගැහුවා(LAB එකකදි). USB Devices port එකට ගහන්න පුළුවන් එක පැත්තකට හරවල විතරයි කියලා තේරුම් ගන්නත් සෑහෙන වෙලාවක් ගියා ඉතිං.

ඒක නෙවෙයි වැඩේ මෙන්න එක ගහපුවම ඒකෙ Volume Label එක කිංස්ටන් කියලා පෙන්නනවා. අපේ යාලුවට පොඩ්ඩක් විතර අප්සට්. මොකද එයගෙ නම ඩන්ස්ටන්නෙ. එයාගෙ නෑයා එයාට කියල එවල තිබ්බෙ Pen එකේ Warranty එක ගෙ නමට අරන් දුන්නා කියලා. ඉතින් අපිත් හිතුවෙ මේ Volume Label එක Warranty එකට සම්බන්ධ මොකක් හරි එකක් කියලා. එයා කිවුවා එයගෙ නෑදෑයට වැරදිලා වෙන්න ඇති නම පොඩ්ඩක් වැරදියට දාලා, පස්සෙ කතා කරලා බලන්න ඕනෙ කියලා. හැබැයි ඉතින් ඒක Brand Name එක කියලා චුට්ට වෙලාවකින්ම අපිට අහු වුනා. ගැජට් එක ඉස්සෙල්ලා බලල ඉවර වෙලානෙ ඒකෙ පැකිං, මැනුවල් එහෙම බලන්නෙ :D


Volume Label එක වෙනස් කරන එක මහ වැඩක් නෙවෙයි කියලා පස්සෙ ඉගෙන ගත්තා. ඒ වුනාට Volume Label එක මාරු නොකරපු කිංස්ටන් Pen එකක් දැක්කාම අපේ ඩන්ස්ටන් එදා අප්සෙට් ගහපු අප්සෙට් ගැහිල්ල තවමත් මතක් වෙනවා.

~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~
!~!~

2 වෙනි කතාව

මේක මම කොහෙදිදො අහපු කතාවක්, කවුද කිවුවෙ කියලා මතක නැහැ.

උසාවියෙදි නඩුකාර හාමුදුරුවො මුස්ලිම් ජාතික විත්තිකාරයෙක්ගෙන් ඇහුවලු
"යුෂ්මතා වැරදිකරුද නිවැරදිකරුද ? " කියලා.

එතකොට විත්ති කාරය කිවුවලු,
"ෂනේ ෂනේ මම යුෂ්මතා නෙවෙයි , මම මුස්තෆා , යේකනෙ මම මේ රාලාආමිලාටත් කිවුවා මම යේක කලේ නෑ කියලා. කෝ ඇවුවෙ නෑනෙ. ෂරි ෂරි, යේක දෙන් කමක් නෑ, දෙන්වත් මේ රාලාආමිලට කියන්නකෝ මාව යවලා යුෂ්මතාව අල්ලලා කූඩුවට දාන්න කියලා " .

~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~

3 වෙනි කතාව

පළවෙනි කතා දෙකම අනුන්ගෙ නම් ගැනනෙ. මේ කතාව මගේ නම ගැන. මම මෙහෙට ආපු අලුතම එක චීන ළමයෙක් දවසක් මට "හලෝ චා" කිවුවා. ඉතින් එයත් එක්ක ටිකක් කතා කරනකොටත් එයා දිගටම මට කියන්නෙ චා චා කියල. එයගෙ යාලුවෙකුට මාව අඳුන්වල දුන්නෙත් චා කියලා. ඉතින් මට නිකං මොකක්දෝ වගේ වැඩිය අඳුරන්නෙත් නැති කෙනෙක් එහෙම චා චා කියල කතා කරන කොට.

ඉතින් මම කිවුවා මට චාණක කියන්න කියලා. පස්සෙ තමයි තේරුනේ, එයා හිතලා තියෙන්නෙ Chanaka කියන්නෙ මගෙ සම්පූර්ණ නම කියලා. එයා මගේ මුල් නම චීන ක්‍රමේට අකුරු තුනේ හතරේ කෑලි 2කට කඩලා චා නකා (CHA Naka ) කියලා. තව දෙයක්, චීන නම් වල වාසගම( පවුලේ නම ) ලියන්නෙ මුලටමලු(ඉංග්‍රීසියෙන් ලියනකොට ඔක්කොම කැපිටල් අකුරු වලින්ලු ලියන්නෙ) . පෞද්ගලික නම ලියන්නෙ දෙවෙනියටලු. ඉතින් කෙනෙක්ට සාමන්‍යයෙන් පෞද්ගලික නමෙන් කතා කරන්නෙ නැල්ලු හොඳටම යාලු වෙනකම්.ඒකලු මට නකා නොකියා චා කිවුවෙ :D

ඉතින් එයා මගේ සම්පූර්ණ නම අහල පුදුමත් වුනා.හැබැයි මගෙ නමෙ තියෙන්නෙ කෑලි 3 යි. ලංකාවෙ තියෙන කෑලි 15, 16 නමක් දැක්කොත් එයාට මොනවා හිතෙයිද මන්දා.

පස්සෙ මට හිතුනා හැම චීන නමටම එකම නම තියෙන 4ක් 5ක් වත් අඩුම තරමෙන් ඉන්න ඕනෙ කියලා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ චීන ජනගහනයයි , ඉංග්‍රීසි අකුරු 2,3,4 වලින් හදන්න පුලුවන් උපරිම සංයෝජන ගාණයි.

චීන නම් ගැන කියන කොට මතක් වුනේ, මට ලඟදි ඊමේල් එකක් ආවා, අපේ එක එක නිළමෙලට චීන විදිහට කියන නම් සෙට් එක (උදා: ආපදා කළමනාකරණ =>Sun Bun , තැපැල් => Lium kium , කෘෂිකර්ම => Wawan Kan, ආරක්ෂක => Sune Sun, පශු සම්පත් => Gon Kang ..... වගේ සෙට් එකක්)

~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~!~

ඉතින් ඔයගොල්ලොත් නම් ගැන කතා දන්නවනම් කියන්නකො බලන්න..


[ 13 - Sept - 2009 ]

28 comments:

Anonymous said...

දන්නේ නැති අයත් චා කියද්දි නම් ටිකක් අප්සට් තමයි :D

Chanaka Aruna Munasinghe said...


@chamila_dealwis

ඒකනෙ, මේ කොන්ඩෙ බැඳපු නැති චීනෙක් චා චා කියනකොට මට මොකදෝ මොකදෝ හිතුනා

Siribiris said...

මරේ මරු. " ආරක්ෂක => Sune Sun, පශු සම්පත් => Gon Kang" තමයි හොදම හරිය.

අමිල said...

Gon Kang තමා ආතල්ම එක

Anonymous said...

Udema hoda post ekak kiyawanna labuna Thnks

Chanaka Aruna Munasinghe said...


@ Neyomani Yashodha

ඔයා කෙල්ලො පරිස්සම් කර ගන්න ඔහොම එකක් දාන්න මෙච්චර කල් බලා හිටියෙ ඇයි. මම දැන් ටික කාලෙක් ඉඳන් බ්ලොග් එක ලියනවා. බ්ලොග් සටහන් ශතකයකට කිට්ටු වෙන්නත් ළඟයි . ඉතින් කලින් පෝස්ට් එකකට මේ එක දාන්න තිබ්බනෙ. මෙච්චර කල් ඔයා කොහෙද හිටියේ ?

දුකා said...

එල කිරි බ්ලොග් පෝස්ට් එකක් . . . ඩන්ස්ටන් කිංස්ටන් වෙලා . . . යුෂ්මතා මුස්තෆා වෙලා චානක චා වෙලා . . . . අනේ මකරෝ ඔයිට වැඩිය නම් චා වෙන්න යන්න එපෝ . . .(විහිලුවට කීවේ . . .)

UPEKSHA DISSANAYAKE said...

නේයෝ අක්කාගෙ කතාව ඇත්ත මාත් අනුමත කරනවා එක මොකද එයා කෙල්ලන්ට ඇම දාන මකරෙක් තමා

Unknown said...

මටත් මේයා චැට් එකට ඉන්වට් කරලා තිබුනා මම ඒ අරධනාව සතුටින් පිලිගත්ත නමුත් කොච්චර කිවත් මෙයා එන්නේ වැරදි පාරක බව එක දවසින්ම තේරුනා කරදරෙන් බෙරෙන්න බැරි තැන චැට් එක බොලොක්කලා

උෂාන් කෝදාගොඩ විතාරණ said...

හොද වෙලාවට ඔයාට චීන ළමයා චා චා කිවුවෙ
චී චී කිවුවනම් මාර වැ‍ඩේ

Anonymous said...

මේ ගෑණු ලමයි කස්ටියම වයඹ පලාතෙන් වගේ.

Anonymous said...

@makara

Is this true these girls are saying.? Hope not. Act wisely and responsibility. It's useless how much you get qualified unless you are not disciplined. Wish u all the best.

Chanaka Aruna Munasinghe said...


@ All

ඔය මාතෘකාවට අදාල නැති Comments දාල තියෙන ගෑනු ළමයි කට්ටියව මීට කලින් කවුරු හරි දැකල එහෙම තියෙනවද ? මම අහන්නේ කාගේ හරි බ්ලොග් එකක මීට කලින් Comment කරනවා දැකලා තියෙනවාද ?

අලුතින් 4 5ක් හදන්න ගොඩාක් මහන්සි වෙලා වගේ. පවූ

--------------------------------
@ 1st Anonymouse below ushan

නෑ නෑ කට්ටිය බස්නාහිර පළාතෙ. මම බැලුවා මේ අඳුරන්නෙ නැති නංගිලාගෙ IP ටික

Chanaka Aruna Munasinghe said...


@ LazyOwl , අමිල

තව ඔය වගේ අමාත්‍යංශ වලට චීන විදිහට කියන නම් සෙට් එකක්ම තිබ්බා. මම ඒ ඔක්කොම දැම්මෙ නැහැ. ඒ ඊ මේල් ඒක ළඟදිම 2 3න් පාරක්ම හම්බ වෙයිනෙ හැමෝටම වගේ :D
--------------------------
@ Dhanujie

Thank you !!
--------------------------
@ දුකා

හී හී, අපි ඉතින් හොඳ මකරුනෙ(ළමයිනේ, එහෙම චා වෙන්නෙ නැහැ
--------------------------
@ ushan

චී විතරක් නෙවෙයි චූ කියලත් චීන නම් තියෙනවා. මට මෙහේදි හම්බ වුනා Holman කියල නම තියෙන කෙනෙකුත්. ආයෙ හම්බ වුනා Gamage කියල නම තියෙන කෙනෙකුත් ( ගමගේ නෙවෙයි ගැමේජ්, මම ඒත් බැලුවා මේ සුද්දට කොහෙන්ද ගමගේ කෑල්ලක් කියලා :D )
---------------------------
@ ගෑනු ළමයි

Better to send a complain E-mail to Sinhala Bloggers Union group rather than posting comments here. Because not everyone reading my blog & comments :D.

Here after I don't answer you

Anonymous said...

මකරගේ කලින් පොස්ට් එකෙන් කාට හරි තදට රිදිලා තියෙනවා වගේ :D

malee_msg said...

හික් හික්...හෆොයි..!!! හනේ ලංකාවේ කොහොම හිටිය මකර රජෙක් ද මේ පිට රට ගිහිං චා වෙලා තියෙන්නේ.. ඒ ගැන මගේ බවලත් කණගාටුව..

Chanaka Aruna Munasinghe said...


@ malee_msg

එහෙම චා වුනේ නැහැ. මම මකරා කියලා දැන ගත්තම චීන අයගෙන් හරියට සැළකිලි.

ඔයාට බවලත් කණගාටුවක් තිබ්බට බලන්නකො මේ බවලත් ගෑණු ළමයි වගයක් කිසිම කණගාටුවක් නැතුව දාල තියෙන හැටි.

ගෝමස් said...

අනේ මේ සංකෘතික පොලීසියෙන් පැනපුන් පවිත්‍රලා ටික කොහෙන් පාත් වුනාද මම දන්නේ නෑ. අවුලක් වුනානම් පෝස්ට් එකක් දාන්න ( සාක්කි එක්ක ) නංගිලා.. එතන අපි ඇවිල්ලා මකරව නැති කරලා දාන්නම් හැබැයි මකර අධිරාජ්ජයේ ඉඳගෙනම මකරට ගොන් පාට් දාන එකනම් කැතයි. ඒක ඔය නංගිලාගේ පවිත්‍රත්වයටත් නවනිංගිරාවක්. දැන් මාත් පැණිහැලුවා කියලනම් කියන්න එපා. පැණි හලන්නෙ කොහොමද? Profile Not Available නෙ

Chanaka Aruna Munasinghe said...

@ chamila_dealwis

කලින් ලිපියට වයඹ පැත්තෙන්නම් තවම උත්තරයක් නැහැ.
මේ ගෑනු ළමයින්ගෙ IP එකනම් තියෙන්නෙ කොළඹ.
--------------------------
@ ගෝමස්

ස්තුතියි, මමත් දැක්කා Profile Not Available කියලා. බොරුවක් කරනකොට අහු වෙන්නෙ නැති වෙන්න කරන්න දන්නෙම නැති ළමයි කට්ටියක්. පවූඌඌඌ

Narada said...

නංගී, පැණි හලන්න ඔයාලා නිකං මුට්ටියක් වගේ හිටියද? ඔහොමත් ඉන්නවා නම් කලින් නැතිබග වෙලා නැද්ද? අනේ ෂෝයි, තව තව ක්මෙන්ට් දාපං අපිට දැන් කියවන්න comedies නැති වෙලා තියෙන්නේ.


මකරෝ, මොන ගෑණු ප්‍රාණයක් විශ්වාස කලත් මේ Anonymous නපුසංකයන් ගණං ගන්න එපා. කොළඹේ වයඹයාට රිදෙන්න ඇතිනේ පැත්ත යන්න වැදුණාම.

Chanaka Aruna Munasinghe said...

@ -බිன்ku-

අපොයි මේ, මෙතන කොමෙන්ට් දාන්න කියන්න එපා. ඕනෙනම් ඔබතුමාගෙ පෝස්ට් එකකට දම්මව ගන්න .

මට වයඹ ට රිද්දවන්න ඕනෙ කමක් තිබ්බෙ නැහැ. මම ඒ පෝස්ට් එකේ යටින් දාපු කොමෙන්ට් එක මකලා දාල නොදන්නවා වගේ ඉන්න හදපු හින්දයි මට මගේ කලින් පෝස්ට් එක ලියන්න වුනේ.

කොහොම වුනත් වයඹේ අදාල පෝස්ට් එකට දැන් නිවැරදි කිරීමක් වැටිලා තියෙනවා. දැන් ප්‍රශ්නෙ ඉවරයි.

මේ නංගිලා ටික තම තමන් ලියපු කොමෙන්ට් තමන්ම මකපුදෙන් කැමතිනම්.

malee_msg said...

මකරො මම දැක්කා.. ඕව්වා ගෑණු නම් විතරයිනේ.. ඉතිං මං සද්ද නැතුව හිටියා.. කතා කරලා වැඩක් නැහැනේ වෙන්නේ මොකක් උනේ මොකක්ද කවුද කරන්නේ කියලා පැහැදිලි‍යිනේ.

Unknown said...

:D

Narada said...

සමා වෙන්න මකරෝ, මේ වැඩ නිසා මට නිකං මල පැන්නා. වැරද්දක් පෙන්වුවාව මේ වගේ මානසික වැඩක් කරන ගත්තායැයි තරහට කිව්ව දෙයක්. හැකි නම් මා දැමු මේ ක්මෙන්ට් දෙක මකන්න.

Chanaka Aruna Munasinghe said...

@බිன்ku-

නෑ නෑ, ඔයාගෙ කොමෙන්ට් එක මකන්න එපා.
ඒක එහෙමම තිබ්බදෙන්
මගේ උදවුවට දාපු කොමෙන්ට් එකක්නෙ.
ඒකට ගොඩාක් ස්තුතියි.

මලී නඟා කිවුවා වගේ සද්ද නොකර හිටියම ඉවරයි. කතා කරලා වැඩක් නැහැනෙ. අපි කලබල වෙලා සද්ද කරන්න ගත්තොත් වෙන්නෙ අපි විසින් ඒ අයට ආතල් එකක් දෙන එක.

--------------------------
@ Ruwanthi

:-p

Hasitha Gunasinghe said...

අපේ මකරයියාට චා වැඩක් නේ වෙලා තියෙන්නේ....... :) මකරා කියලා කිව්වා නම් ඉවරනේ...........................

බොස් said...

චා චා!සුනේ සුන්!

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

ඒකනේ , මේ චීනුන්ට තේරෙන්නෙ නැති හැටියක්.
================================
@ බොස්

නෑ නෑ. සුනේ සුන් වෙන්නේ නැතුව බේරා ගත්තා

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D