Sunday, January 3, 2010

බනින්න පෙර සිතා බලනු (එක එක අය කියපු කතා - 02)



මූණු පොතේත් මැතිවරණ උණුසුම හොඳටම ඉහළ නැගලා.මේ දවස් වල අලුතෙන් එකතු වෙන දේවල් වලින් වැඩි හරියක් දේශපාලනීකරණය වෙලා. ප්‍රධාන අපේක්ෂකයන්  දෙන්නාටම සහාය පළ කරන Status Messages, Photoes වගේ දේවල් නිතරම  වගේ බිත්තියට අලුතින් එකතු වෙනවා. ඒවාට දෙගොල්ලොම කරන Comments හින්දා ඇතිවෙන වාද විවාද ගොඩයි. ඒ වාද විවාද අතරෙ මම දැකපු අපූරු දෙයක් මේ. 


SF ට සහයෝගය පළ කරන අපේ යාලුවෙක් ඉන්නවා උපුල් කියලා. එයා පහුගිය දවසක මහින්ද චින්තනයේ (2005 දී නිකුත් කරපු 1 වෙනි මහින්ද චින්තනය) තියෙන ඉටු නොකරපු කරුණු රාශියක් (විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කිරීම, උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති වගේ දේවල් ගොඩාරියක් ) ෆොටෝස් විදිහට මූණුපොතට එකතු කළා. 


මෙන්න ටික වෙලාවකින් MRට සහයෝගය පළකරන අය මේ ෆොටෝස් වලට දිගට හරහට බැනලා Comments කරනවා. අපිට තේරුනා MR ගෙ කට්ටිය හිතල තියෙන්නෙ මේවා මේ SF ගෙ පොරොන්දු කියල,ඒකයි මේ පලු යන්න බනින්නෙ කියල.ඉතින් අපිත් පූසො වගේ  ඉඳගෙන MRගෙ කට්ටිය ලවාම  මහින්ද චින්තනය ට හොඳටම බන්නවා ගත්තා. :D


MRගෙ කට්ටිය මහින්ද චින්තනය ගැන දක්වපු අදහස් වලින් තෝරාගත් අදහස් කීපයක් මේ.

[M = MR Supporters]
[S  = SF Supporters]

=====
මේවගේ කිසි විශේෂත්වයක් නෑ.ඕවා කියන්නෙ චන්දෙ වෙනකම් විතරයි.මේ වගේ පොරොන්දුනම් සිද්ධාලේප වෙද මහත්තයත් දුන්නා.
=====
S: මේ දේවල් ටිකම MR පොරොන්දු වුනොත් එයාට ඒවා කරන්න පුළුවන්ද? 
M: එයා එහෙම පොරොන්දු දීල නැහැ. දෙන්නෙත් නැහැ 
=====
මේවා මීට වඩා පැහැදිලි කළානම් නරකද?මේවා ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද?කොහොමද දන්නෙ නැහැ මේවා කරන්නේ
=====
දැනට තියෙන කොමිෂන් වලට අමතරව තවත් මේ වගේ ඒවා පත් කරන එක අලි මදිවට හරක් වගේ වැඩක් නේද?
=====
M: SF මේවා කරනවමයි කියන්නෙ කොහොමද ?
S:එතකොට M 100%ක් ෂුවර් එකටම කරනවමයි කියනවද මොනව හරි.
M:කවුරු කොහොම කිවුවත් MR අද වෙනකම් කරනව කියපු හැම දේම කරා.
S:කොහොමද එහෙම කියන්නෙ
M:මහින්ද චින්තනේ කියවල බලන්න එතකොට තේරෙයි
=====
මෙයා හදන්නෙ මෙතනට ජාතිවාදය දාලා මුස්ලිම් අයගෙ චන්ද කඩා ගන්න.
=====
ane machan... u ppl must b talking about SF.... patta joke he is... do u think it is possible to give mati promises as such... who on earth can provide free education to all... they must be talking about education Privatization then..... okatada positive kiyanne.
=====
මෙයා කතා කරන්නෙ හැම දේම ඉබේ පහළ වෙනවා වගේනෙ.ඕවා ඉතින් උපාසක අම්මලවත් විශ්වාස කරන්නෙ නැහැ. ඒ වුනාට උඹලා විශ්වාස කරනවනෙ
=====
දෙයි දෙයි, මේවා දෙයි. බලාගෙනම හිටපල්ලා
=====
S: මේකම MR කිවුවනම් හිනා වෙන්නෙ නැහැ නේද
M: MR මෙහෙම කරන්න බැරි දේවල් කියන්නෙ නැහැනෙ
=====
M: මේවා ටික හොයා ගත්තෙ  COMICS Book එකකින්ද ?
S: මේවා COMICS කියන්නෙ මොන පදනමකින්ද
M: COMICS වලට COMICS නොකියා පදනම් දාල වැඩක් තියෙනවද ?
=====

මේ කියන ෆොටෝ ඇල්බම් එක  මෙතනින් බලන්න. ඕකෙ මහින්ද චින්තනයට බැනල Commentsදාල තියෙන හැම කෙනාම මූණු පොතේදි MR ට සක්‍රීයව සහයෝගය දක්වන අය.සමහර අය හැම විනාඩි 5කට 10කටම සැරයක් විතර මොකක් හරි ෆොටෝ එකක්,ලින්ක් එකක් වගේ දාල ප්‍රචාරණයටත් දායක වෙනවා.


ඉතින් මම මේ කට්ටියගෙන් ඇහුවා මහින්ද චින්තනේ කියවල තියෙනවද කියලා.කට්ටියම කියවලත් තියෙනවලු.පහුගිය දවස්වල කට්ටියම පතුරු යනකම් බැන්නේ මහින්ද චින්තනයට කියලා ඔන්න දැන්වත් දැන ගනිත්වා!  :D



මේක හාස්‍යජනක දෙයක් වුනාට,අපේ රටේ ඡන්දදායකයො කොයිතරම් දුරට ප්‍රතිපත්ති මත පදනම් වෙලා එක්  එක් අපේක්ෂකයන්ට සහයෝගය දක්වනවාද කියල බලන්න මේ ක්‍රමය යොදල හොඳ Research එකක් කරන්නත් පුළුවන් වෙයි.

එක එක අය කියපු කතා - 01



[ 03 - Jan - 2009 ]


17 comments:

පහන් said...

හපෝයි දෙයියනේ. මූ නං මාර මකරෙක් තමා.

Sam said...

අන්න මොලේ තියෙන කොල්ලෙක්.

Rachintha Jayawardhana said...

එල එල..මකරා අයියේ !

Unknown said...

කාර්ය බහුල වෙලාවක උණත් මේ සටහන දැමීමට ඔබ කාලය වෙන් කිරීම ගැන ස්තූතියි.The Loose change in the Chinthanaya! කියල නම් කරපු ඔය අල්බමයට පැය 12ක කාලයක් ඇතුලත ප්‍රතිචාර 300කටත් වඩා ලැබුණ, දින 2ක් ඇතුලත ප්‍රතිචාර 500 ද ඉක්මවූවා, මේ නෝට් එක දැම්මට පස්සෙ නම් සමහරු ප්‍රතිචාර ඩිලීට් කරන්න පටන් අරන්,

Narada said...

මට නම් පෙන්න බැරිම සීන් එකක් තමා ඔය වගේ අපේ රටේ හැම ඒකාම වගේ (අරයාගේ මෙයාගේ කියලා නෑ, කාගේත්, විශේෂයෙන්ම ප්‍රධාන පෙළ අපේක්ෂයන්ගේ එහෙම) නිකං පොත්තට වගේ වැඩිදුර නොහිතාම "කඩේ" යෑමයැයි කියන ඔය වැඩේ කරනවා. කමක් නෑ කියමුකෝ ඒකත්, ඒත් එපාම වෙන කාරණාව වෙන්නේ විරුද්ධ අපේක්ෂයාට කැමැතියි කියලා දැන ගත්ත ගමන්, එයා මුකුත් නොකිව්වා වුණත් එයාට හරහට පරහට පහර දෙන ඒකයි. තමු තමුන්ට කැමැති කෙනාට කැමැති වෙන්නත් බැරි අපේ රටේ හැටි.

එක් සහෝදරියෙක් පසුගියදාවක ප්‍රධාන අපේක්ෂයෙකුට සහය දෙන අය දේශප්‍රේමීයෝ කියලා කියා තිබුණාම මම ඇහුවා යම් දේශපාලකයෙකුට සහයෝගය දැක්වීම හෝ එවැන්නක් දේශප්‍රේමීත්වය තීර්ණ කරනවාද කියලා. මම දෙපැත්තටම තියා කිසිදු අපේක්ෂයෙකුට සහයෝගයක් හෝ පක්ෂපාති බවක් දක්වන්නේ නෑ, ඒත් මම එසේ ඇසුවට පිළිතුරු දීම වෙනුවට ඒ අපේක්ෂයාට කැමැති වීම හා අනෙක් අපේක්ෂයාගේ හා ඔහු වඩා සිටිනා පුද්ගලයින්ගේ වැරදි කියමින් මා බහුලවම අසන, මා දන්නා, මා එක්වන කරුණු තිබුණත් ඇයගෙන් මා ඇසුවේ හෝ කිව්වේ අපේක්ෂයෙකු ගැනම නොවන නිසා (මා ඇසුවේ දේශප්‍රේමය ගැන පමණයි) මම නැවන වැඩි පිළිතුරක් දෙන්නට ගියේ නෑ.

කිසිදු ප්‍රශ්නයක් විචාරන්නට තබා අපක්ෂපාතීව කිසිවෙකුට කැමැති නොවී සිටින්නට මට ඉඩ නොදෙන හැටි!

GNS said...

පිස්සු කොර.. උෟරගෙ මාළු, ඌරගෙ ඇගේම තියල කපන්නෙ.. XD

Unknown said...

ඔය දේ සිද්ධ වෙන අතරෙ අපි ස්ටේටස් අප්ඩේට්ස් වලිනුත් මේ ගැන ඉගි කලාට කට්ටියගෙ චෝදනාවල අඩුවක් නම් උණේ නෑ!

ඒකෙන් පේනව මේ අය අවට සිදුවෙන දේ වලට කොපමණ සංවේදීව ඉන්නවද කියන එක!
මේ තමන්ගේ නිරුවත හෙලිඋණා කියල ඔය කොමෙන්ට් කරපු කිසිවෙක් තම අවිචාරවත් මතය වෙනස් කරන එකක් නෑ, ඒත් මේ රටේ ඡන්ද දායකයන්ගෙ දේශපාලන අවබෝධය මෙයින් එලට පැහැදිලිවෙනව!
අමතක කරන්න එපා ඔය කොමෙන්ට් කරපු හැමෝම වාගෙ උසස් අධ්යාපන කටයුතු වල නියැලෙන ප්රබුද්ධ ඡන්ද දායකයො...

Anonymous said...

" අම්බලමේ පිනා ..
වලං කඳක් ‍ගෙනා ..
ඒක බිඳපි ගොනා..
ඒකට මට හිනා.. "

දුෂාන් said...

SF නැවේ කවුරැ අාවත් මේ රට ගොඩගන්න බෑ මිනිස්සු තමන් ගැන විතරක් හිතනකම්.ඔක්කමට කලින් මිනිස්සු එක හදාගන්න ඔන.එදාට මේ රට දන්නෙම නැතිව ගොඩ යයි.

කිරිමාමා said...

මේකට තමා 'නිපුණ' පුරවැසියන් නැතිකම කියන්නෙ.

Dila said...

මේක තමයි වස‍රේ විහිලුව

@බින්කු

ඔබ කියන කතාවට මමත් සම්පූර්නයෙන්ම එකගයි
මමත් සමග වැඩක‍රන හුගක් දෙනෙක් හිතන්නෙත් ඔය විදියට, ඒ අයට අනුව විපක්ෂ අපේක්ෂකයට සහාය දැක්වීම කෙසේවෙතත් ආන්ඩුවේ වැරැද්දක් පෙන්වීමත් අපාගතවෙන පාපකර්මයක්, මට තවදුරටත් ඔවුන්සමග එකට වැඩකිරීමට ඇතිනිසා එ පිළිබද වාදවලට නොයා නිහඩව සිටීමටයි මට බොහෝවිට සිදුවීතිබෙන්නේ .

මේයිනුත් ඇගහිරිවැටෙන කෘන වන්නේ මොවුන්ගේන් බොහෝමයක් අවුරුදු 25 ත් 30 අත‍ර අයවීමත් ජාතික සහ අන්තර්ජාතික විශ්ව විද්යාලවල උපාධිධාරීන් වීමත්, මේකෙන් මටනම් හිතෙන්නෙ මේ පවතින දේශපාලන සංස්කෘතිය තවත් ප‍රම්ප‍රාවක‍ට වෙනස්විමක් නැතිබවයි.

දුකා said...

niyama wade ban ubala karala tiyenne . . hik hik

Anonymous said...

එල මක‍්රෝ ඔහොම යමු ඔහොම යමු !!

Kasun said...

ela, :)

malee_msg said...

හික් හික්..!

Chanaka Aruna Munasinghe said...

@ All

ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි. වැඩ ගොඩාරියයි හින්දා මගේ ප්‍රති-ප්‍රතිචාර දාන්න බැරි වුනා. සමා වෙන්න.

සංකල්ප said...

මේකාන්ම මකර දෙයියෙ. නියම කතා ටික නේ මකරයියේ.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D