Friday, October 8, 2010

අවුල් පාර්ලිමේන්තුව



කුඤ්චනාද කරනවා කියන්නේ අලියා කෑගහනවා කියන එකට. ඒ වුණාට අශ්වයෙක් කෑගහන එකට කුඤ්චනාද කරනවා කියල කියන්නෙ නෑ. අශ්වයා කෑ ගහන එකට කියන්නෙ හේෂාරවය කරනවා කියල. බවුවොනම් බුරනවා, කුකුල්ලු නම් කෙකර ගානවා, නයාල පිඹිනවා. ගෙම්බලා බක බක ගානවා.

මේ හැම වචනෙකකම අදහස ශබ්ද කරනවා කියන එක වුණාට ශබ්ද කරන්නෙ මොන සතාද කියන එක අනුව යොදා ගන්න වචනෙ වෙනස් වෙනවා. සිංහල භාෂාවෙ විතරක් නෙවෙයි ඉංග්‍රීසි භාෂාවෙත් මේ වගේ වචන තියෙනවා.

විවිධ වර්ග වල සත්තු කණ්ඩායම් හඳුන්වන්න පාවිච්චි කරන ඉංග්‍රීසි වචන ගොඩාරියයි. කූඹි රංචුවක්නම් an army of Ants , මාලු රංචුවක්නම් a school of fish , පූසො සෙට් එකක්නම් a clan of cats, කුරුල්ලෝනම් flock, මුවෝ, හරක් , බැටලුවෝ වගේ අයට herd. හාවොනම් warren එහෙම නැත්තන් nest. නයාලට  pit.  කිඹුලලට bask.  මේ වගේ වචන ගොඩාරියයි (වැඩි විස්තර ).

කොහොම හරි සත්තු අතරින් කණ්ඩායමක් සඳහා වන උත්තරීතරම වචනෙ අයිතිය හම්බ වෙලා තියෙන්නෙ බකමූණලට.  බකමූණල රංචුවකට කියන්නෙ A Parliament of Owls කියලා.

මේ තියෙන්නෙ අවුල් පාර්ලිමේන්තුවක්
ඒ කියන්නෙ අවුල් ව්‍යවස්ථාදායකය
එතකොට අර උඩින්ම තියෙන පින්තූරෙ 
තනියම ඉන්න බකමූණා කවුද ?
ඒ තමයි අවුල් විධායකය !!!

[ 09 - Oct - 2010 ]

33 comments:

Pahan said...

මකරටත් හිතෙන දේවල්.

Buddhi said...

අවුල් මනසකින් ලියැවුනු අවුල් කතාවක්.:D

මාරයාගේ හෝරාව said...

මකරු..මකරු...කෝ එතකොට උන් ටික..?

h said...

පිස්සු හැදෙයි... අවුල් විධායකේ බ‍ය වෙලා වගේ නේ...

Anu said...

පාර්ලිමේන්තුව ඉතිං කො‍හොමත් අවුල් තමා. :D lol

තීර්ථ යාත්‍රිකයා said...

ඇත්තටම මකරයියා මාර ක්‍රියේටිව් විදිහට හිතල හොයල ලියනවා...
අලි සෝයි ආ

Anonymous said...

http://www.picturethisgallery.com/Artists/Gustafson,%20Scott/Parliament_of_Owls_y_Scott_Gustafson.jpg

Anonymous said...

එලට හිතලා තියෙනවා :D

Hasitha Gunasinghe said...

මකරයියේ කට කට කට, කට පරිස්සමෙන්..............

Anonymous said...

අනේ හැබෑට ඒකෙත් හැටි.

Arosha Uduwerella said...

කථාව නම් හොඳයි නමුත් මේ කාලේ හැටියට භයානක කථාවක්...........!!!

Thameera said...

එතකොට මකරු රංචුවකට කියන්නෙ?

Lishan Puwakovitage said...

මරු සහෝ..! කාලෙකට පස්සේ හිතන්න දෙයක් තියෙනවා..! ඇත්තටම මේ බකයන් ගේ හා අපේ පාර්ලිමේන්තුවේ මොනතරම් සමාන කම් තියෙනවද?

Anonymous said...

අර ලිස්ට් එකේ තාව පාලිමන්ට් එකක් තියනවා... ඒක අර ෂැඩෝ පාලිමන්ට් එක වෙන්ටැ :D :D

sorry.com said...

කට කට, කට පරිස්සමෙන්.......කාලේ හැටියට භයානක කථාවක්..

කතන්දර Kathandara said...

Well said!

Anonymous said...

mona unath aththa kiyala thiyenawa
"owl parliment"

Rachintha Jayawardhana said...

ela ela

BLOG ගඩොල් said...

nice work bro!

Chanaka Aruna Munasinghe said...

@ පහන්

මකර අධිරාජයා කියන්නෙ ඉතින් සියළු සතුන් ගැනම හිතන කෙනෙක්නෙ.
===============
@ බුද්ධි

නෑ නෑ අවුලක් නෑ
===============
@ මාරයාගේ හෝරාව

මකරු රංචු නැත. වරකට එක ලෝකයක සිටින්නේ එක මකරෙක් පමණි

Chanaka Aruna Munasinghe said...

@ h

නෑ නෑ අවුල් විධායකේ බය නෑ. එයා මහ නපූඌරු බකමූණෙක්නෙ. ඉතින් ඇයි එයා කාටවත් බය වෙන්නෙ.
================
@ Anu

මේක ඇවිල්ලා කැලෑ පාර්ලිමේන්තුව .අවුල් නැති පාර්ලිමේන්තුත් තියෙනවාලු ඒරොප්පෙ පැත්තෙ
===============
@ තීර්ථ යාත්‍රිකයා

හෙවුවෙවත් හිතුවෙවත් නෑ. අහම්බෙන් හම්බ වුනා, ඉබේටම හිතුණා

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

මේකට දාන්න පින්තූරයක් හොයද්දි ඔය පින්තූරෙත් දැක්කා. ඒ වුනාට ඒක චිත්‍රයක්නේ. පාර්ලිමේන්තුවක ඇත්ත ෆොටෝ එකක් හොයද්දි ඔය දාල තියෙන එක හම්බ වුණා. ස්තූතියි
===============
@ Nadun Ranaweera

ස්තූතියි
==============
@ Hasitha

බකමූණන්ට තියෙන්නෙ හොටවල්නෙ. කටවල් නෙවෙයි

Chanaka Aruna Munasinghe said...

@ sameerausa

ඒකනෙ බලන්නකෝ ඒ පාර්ලිමේන්තුවෙ හැටි විතරක් . නේද ?
===============
@ Arosha Uduwerella

හප්පොච්චියේ මේ කාලෙ බකමූණෝ ගැන ලියන එකත් භයානකද ? මම හිතුවෙ ඉබ්බො ගැන ලියන එක විතරයි භයානක කියලා
===============
@ Thameera

මකරු රංචු නැත. වරකට එක ලෝකයක සිටින්නේ එක මකරෙක් පමණි

Chanaka Aruna Munasinghe said...

@ Lishan Puwakowita

හ්ම්ම් හ්ම්ම්ම්.
=============
@ කාංචන දිනූක

ආ ඒ අනිත් පාර්ලිමේන්තුව ඇවිල්ලා කපුටන්ගේ පාර්ලිමෙන්තුව. ඒක කළු පාර්ලිමෙන්තුවක් (කළු කඩ වගේ )
==============
@ sorry.com

අනේ මටනම් තේරෙන්නෙ නෑ ඇයි බකමූණෝ ගැන කතා භයානක කියලා. ඔන්න ඉබ්බෝ ගැන කතානම් භයානකයි තමයි.

Chanaka Aruna Munasinghe said...

@ කතන්දරකාරයා

Thank you KK
=============
@ Anonymous

මකරු බොරු කියන්නෙ නෑ
=============
@ මුචලින්ද

TNX U. නයාල රංචුවකට කියන්නෙ pit
=============
@ blog gadol

Thank you. බළල් රෑනකට කියන්නෙ clan

මකුළුවා..... said...

නියමයි නේ මකරෝ......වදින්න ඕන තැනටම හොඳට ගහලා තියෙනවා.....

Chanaka Aruna Munasinghe said...

@ මකුළුවා......

අනේ මම බකමූණන්ට ගල් ගැහුවෙ නෑ.
පඳුරකට ගහපු ගලක් බකමූණෝ 2න්නෙකුටම වැදිලා.

මකුළුවො රෑනකට කියන්නෙ Cluster කියලා.

සංකල්ප said...

මකරටත් පුදුම දේවල් හිතෙන්නේ.

Chanaka Aruna Munasinghe said...

@ මධුරංග

මට නෙවෙයි. ඉංගිරිසි භාෂාවෙ ඔය වචන හදපු අයට

malmi said...

මෙයාල මොන මොන සද්දෙ දාල කෑගැහුවත් මට නම් හිතෙන්නෙම අකුරු පුංචි වැඩියි කියලා.

Chanaka Aruna Munasinghe said...

@ malmi

Ctrl + '+' ඔබල අකුරු ලොකු කරල බලන්න :)
ස්තූතියි ප්‍රතිචාරයට :)

Anonymous said...

අපූරුයි.. රස වින්දා..

නදී said...

මගෙ බාන් අවුලුත් මේකට ඇඩ් කරමු.එයා පියරුත් දාගන ලෑස්ති වෙලා ඉන්නෙ.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D