Thursday, February 3, 2011

හා හා හරි හාවෝ ! කැලේ මැදින් ආවෝ !


මතකයිද දන්නෙ නෑ ගිය අවුරුද්දෙ කොටියා ආපු හැටි. ඒ ආපු කොටියා ආපහු යන්නෙ අදයි. කොටියා වෙනුවට වැඩ බලන්න එන්නෙ හාවෙක්.  යන කොටියාට එන හාවාව මුනගැස්සුවෙ මෙන්න මෙ වගේ


තවත් චීන අලුත් අවුරුද්දක් උදා වෙලා. චන්ද්‍ර මාස ක්‍රමයකට අනුව සකස් වෙන චීන කැලැන්ඩරයේ මේ අවුරුද්ද වෙන් කරලා තියෙන්නෙ හාවාට. මේ පාර සැරසිලි වලට හාවො වගෙම හාවන්ගේ ප්‍රියතම ආහාරයක් වෙන කැරට් අලත් යොදාගෙන තියෙනවා. හා මස් තහනමක් සහ කැරට් ප්‍රවර්ධන වැඩසටහනුත් මේ අවුරුද්ද පුරාම ක්‍රියාත්මක වෙනවලු.

ඔබ සැමට සාමය සතුට පිරි 
කැරට් බේරෙන
සුබ අලුත් අවුරුද්දක් වේවා !!

පලි :
===
කවුරුත් පුල පුලා බලා සිටින ජලයට අධිපති කළු මකරාගේ අවුරුද්ද උදා වෙන්නෙ 2012 දි. සමහර අයනම් කියනවා 2012 දි ලෝක විනාශයක් වෙනවා කියලා. ඒ වුණත්
  1. දැනට අංශක 23 1/2 ක් වන පෘතුවි අක්ෂයේ ආනතිය අංශක 45 දක්වා වැඩි වීම.
  2. මුහුදේ ගිලී පවතින අත්ලාන්තිස් මහද්වීපය නැවත මතුවීම
  3. බඩු මිල සුළු වශයෙන් ඉහළ යාම
වගේ සුළු සුළු සිද්ධි කීපයක් ඇරෙන්න 2012 අවුරුද්ද සාමකාමීව පවත්වාගෙන යන බවට කළු මකරා මකර අධිරාජයාට පොරොන්දු වුණා.

[ 03 - Feb - 2011 ]

33 comments:

BLOG ගඩොල් said...

හික් හික්!! බලමුකො පොරොන්දු ඉටුවෙයිද කියලා

සංකල්ප said...

මේකත් අර කලින් කතාවක වගේ කඩවුන පොරොන්දුවක් ද ?

Podi Kumarihami said...

කලු මකරට බැරිද දන්නෑ ඔය 'බඩු මිල' නැත්තටම නැතිකරලා දාන්න. එතකොට අපට ඒ සල්ලිවලට අම්මෝ ගන්න පුලුවන් ජාති. මතක්වෙනකොටත් කටට කැරට් ජූස් එනවා.

මාරයාගේ හෝරාව said...

අම්මෙ යාංතං මං බලාගෙන හිටිය යුගය ආරම්භ වෙයි වගේ...
අර තිබ්බයේ තියෙන බිත්තර ටිකට එහෙම ආයෙත් කාලේ හොඳ වෙයිනේ..?
ඔන්න කිව්වා පුතෝ..මං තොගේ ජෙෂ්ඨ උපදේශක..හරිය..අපි දැහැමින් සෙමින් ලෝකේ පාලනය කොරගෙන යං..

priyantha said...

මකර පොරොන්දු........

``` Outsider``` said...

කවුරුත් පුල පුලා හිටිය කියල කියන්නෙ අපිනම් බලාගෙන හිටියෙ නෑ ඔන්න.

Anonymous said...

2012 දී මකර මස් කෑමත් තහනම් කරන නිසා අපේ මකර අධිරාජ්‍යයාට නිදහසේ දේශපාලනය කරන්න ඇහැක් වේවි!

මුදියන්සේ said...

උඹ පොරොන්දු ඉටු කරොත් මටත් හොහවයින් අක්කරයක් දෙකක් දියන් අර අලුතෙන් මතුවෙන මහද්වීපෙ පොල් වත්තක් පටන් ගන්න

රත්ගමයා said...

මට හිතුනා.....මේක මේ පුන්චි ඡන්දෙට දෙනවා වගේ එකක් නේ......ඉකේයියා....ආවා අපිව අන්දන්න...හොර මකර පැටියා

Kusumsiri Edirappuli said...

ඔය අැත්තමද?

මකුළුවා..... said...

එළ කිරි නේ....මකර අයියේ...බැයිද ඔය කළු මකරව මුණ ගස්සන්න.....?එළියට එන්න කලින්....

Buratino said...

අංශක 23 1/2, අංශක 45 කොරන්ට.. බුදු අම්මියො, මෙන්න මෙයා අපිව නැතිකොරන්ට යන්නෙ..

හරී - පිණිපළස said...

චීන කැලැන්ඩර් ක්‍රමයට පූසන්ට වර්ෂයක් නැද්ද?

Chanaka Aruna Munasinghe said...

@ blog gadol

බලමුකෝ
=============
@ මධුරංග

නෑ නෑ. පූසා ගැන කතාවත් මට හම්බ වෙච්ච ගමන් බ්ලොග් එකේ දානවා. තවම ඒක හම්බ වුණේ නෑ
=============
@ Podi Kumarihami

Banana Flower

Chanaka Aruna Munasinghe said...

@ මාරයාගේ හෝරාව

ඒකට තිබ්බතයට පූර්ණ සූර්ය ග්‍රහණයක් වෙනකම් බලන් ඉන්න එපැයි. ඒකට තව කාලාන්තරයක් බලන් ඉන්න වෙයි
===========
@ priyantha.ඒබී

හී හී..
===========
@ ``` Outsider```

කවුරුත් කියන සර්ව නාමයට Outsidersල අයිති නෑ

Chanaka Aruna Munasinghe said...

@ කලිකාල

මේ දැනුත් නිදහසේ දැහැමෙන් සෙමෙන් මකර රජදහන පාලනය කොරගෙන ඉන්නවනෙ. ආයෙ මොකටද අමුතු දේශපාලනයක්
=============
@ AmilaArt

බෑ බෑ. ඒ මහද්වීපෙ පුරාම පැපොල් වවන්න හිතන් ඉන්නෙ. ඩෙංගු වලට පැපොල් කොල ඉස්ම ගන්න
=============
@ රත්ගමයා

ඉකේය්යා ඈක්කා

Chanaka Aruna Munasinghe said...

@ එදිරි

පට්ටපල් ඇත්ත
===========
@ මකුළුවා......

බෑ බෑ, දැන්ම බෑ
===========
@ Buratheno

අංශක 23 1/2, අංශක 45 වුණාම හොඳ නැද්ද. එහෙම වුනාම මකර නිවර්තනයයි කර්කටක නිවර්තනයයි අක්ෂංශ 45 වෙනකම් උඩටයි පහළටයි යනවා. එතකොට එංගලන්තෙටත් දැනට වඩා ඉර එලිය හම්බ වෙයි (මාස 6ක වරක්, කොන්දේසි සහිතව )
===========
@ හරී - පිණිපළස

ඔය කොටියන්ට අවුරුද්දක් තියෙන්නෙ. ඒ මදැයි. කොටියො මොකෝ කිටියො මොකෝ

Bunny said...

මචං මකරේ.. උබට ශුවර්මද බඩු මිල වැඩි වෙයි කියලා ?

නැත්නම් වෙන ලෝකයක් හොයන් යන්ටෝන.. මේ කියන එව්වාට පෘතුවි අක්ෂයේ ආනතිය අංශක 45 දක්වා වැඩිවෙනවා නම්... බඩු මිල පහත ගියොත් උඩුකිරිඤඤංම ගහයි නේ ?

ඔන්න අපිට හොද කල දසාව :D

Chanaka Aruna Munasinghe said...

@ Pirate Bunny

හාවුන්ට මොකටද වෙනම ලෝකයක්. ඔය හඳ තියෙන්නෙ හාවට තමයි

jhothishalanka said...

මේ මොකද මේ.(පසුව ලියපු අනාවැකි තුනෙන් පළමු අනාවැකිය ලිව්ව එක මම ඇහුවෙ.)

jhothishalanka said...

සමාවෙන්න ඕන මම වලිගෙ පාග ගත්තට පෝස්ට් එක සම්පූර්ණයෙන් කියව්වට පස්සෙ තේරුණා

malee_msg said...

2012 දි කරන්න යන්නේ සුළු වැඩ ටිකක් නිසා මේ අවුරුද්දේ දෙයියනේ කියලා කැරට් අලයක් කාලා කුස‍පුරවගෙන ඉන්න එක හොදයි වගේ.,!

hare :-) said...

ලෝකෙ අංශක 23 1/2ක් ඇලවෙලා තියෙද්දි අපි නන්නත්තාර වෙලානෙ ඉන්නෙ. අනේ මකරො තවත් ඇද කරන්න එපා. පුළුවන් නම් ඔය 23 1/2ත් නැති කරල දාන්ටකෝ...

Rashod Chamikara said...

අපි රැවටෙයි ඔවට.අපි කන්නෙත් කැරට් තමයි.හරිය....
අපි හරිම අහින්සක චන්ඩි හරිය.......


හැමදාම හවස 7ට මගේ Online Radio එක අහන්න ඔබට ආරාදනා කරනවා.
එ සදහා මගේ බ්ලොග් එකට සෙට් වෙන්න.
http://pinthura.info
ස්තුතියි.

Anonymous said...

ඒ බොල මකරෝ, අංසක 45ක් කියන්නේ පොඩ්ඩක් බොල? අපිව වැටුනොත් හෙම?

Chanaka Aruna Munasinghe said...

@ JHOTHISHALANKA

නෑ නෑ. බය වෙන්න එපා, මේකෙන් ඔබතුමන්ලා වගේ අය ලොකු අමාරුවක වැටෙන්නෙ නෑ. පාවිච්චි කරන ගණිත සූත්‍ර වල 23.5 තියෙන තැන් වලට 45 ආදේශ කර ගත්තම හරි
=============
@ malee_msg

ඒක හොඳයි. මේ අවුරුද්දෙ හාවො මොන විකාරයක් කරල තියෙයිද දන්නෙ නෑ
=============
@ hare :-) , prasanna86k

වස්තුවක් උපරිම විස්ථාපනයක් ලබා ගන්නේ අංශක 45 ක ආනතියකින් යුතුව ප්‍රක්ෂේපණය කළොත් බව දන්නෙ නැද්ද ? දැනට තියෙන 23 1/2 හොඳටම මදි
============
@ Cual-Dor-රශෝද්

හා හා ඔන්ලයින් වෑර්ලස් අහන්න එඤ්ඤංකො හවසට හවසට ( අපි රැවටෙයි ඔවට )

hare :-) said...

ඒ කියන්නෙ මේ පාර පෘථිවිය ගානට 45 හරවලා ඊළඟ අවුරුද්දෙ විශ්වයේ අනිත් මුලුලට විසිවෙන්න ප්‍රක්ෂේපණය කරයිද?

හා පැටික්කි (MS) said...

දැන්නෙ දැක්කේ....... මේ අවුරුද්ද හාවාගෙලුද????? මාර වැඩේ කොටි අවුරුද්දේද කකුල් දෙකේ කොටි නැති වුනේ?????

සැමට කැරට් ඉතිරේවා.......!!!!!

Chanaka Aruna Munasinghe said...

@ hare :-)

2012 දෙසැම්බර් 21 වෙනිදා සූර්යයායි,පෘතුවියයි, ක්ෂීරපථයෙ කෙන්ද්‍රයයි එකම සරල රේඛාවකට එනවා. මේක දුර්ලභ පිහිටීමක්. සාමාන්‍යයෙන් මේ තුන පවතින්නේ ත්‍රිකෝණයක. ඒ වෙලාවෙදි ඇතිවෙන බල සමතුලිතතාවයේ බිඳවැටීම නිසා පෘතුවිය විශ්වයේ අනිත් කෙළවරට විසි වෙලා යන්න නියමිතයි. ඒ විසිවීමේදී වැඩිම දුරක් ලබා ගන්න පෘතුවි අක්ෂය අංශක 45 කින් ආනත කරන්නඕනෙ.

අයිසැක් ඇසිමෝව්ගෙ දෙවන පදනම කියවපු කට්ටියනම් දන්නව ඇති විශ්වයේ අනිත් කෙළවර තියෙන්නෙ කොහෙද කියලා.

===============
@ හා පැටික්කි (MS)

එක හා තඩියෙක්නම් දැනුයි දැකල තියෙන්නෙ. අනිත් හා තඩියා දැකලම නැද්ද කොහෙදො. කොටි අවුරුද්දෙ කොටියා නැති වුනේ දඟ වැඩ කරපු හින්දනෙ. ඒක පාඩමකට අරං හා පැටවු , පැටික්කියො, තඩියො, තඩික්කියො ඔක්කොම දඟ නොකර ඉන්න තරමට තමයි හොඳ

බිඟූ said...

බිඟුලන්තය වහාම ක්‍රියාත්මක වන පරිදි කලු මකරා අත් අඩංගුවට ගන්නට නියම කරනවා. මේකා බොරු ප්‍රචාර කරමින් මිනිසුන් නොමග යනව බැවින් අන් අයට කිසිදු කලබලකින් තොරව සිටින මෙන් ඉල්ලා සිටිනවා

හරී said...

සුලු කියන්නෙ කීයකින් විතරද?

Chanaka Aruna Munasinghe said...

@ බිඟූ...!

එහෙම කොහොමද වෙන රාජධානිවල අභ්‍යන්තර කටයුතු වලට අත පොවන්නෙ.
============
@ හරී

සාමාන්‍ය කැල්කියුලේටරයකින් සුළු කර ගන්න පුළුවන් ප්‍රමාණයේ සුළු ගණන් වලින්

pavithra weerapperuma said...

\\බඩු මිල සුළු වශයෙන් ඉහළ යාම//
යැකගයි. අනික් ඒව මොනාද..??? 23°30¹ ක තියෙන එක 45° දක්වා වැඩිවෙන්න...?? එක කලාවකින් ඔය ආනතිය වෙනස් වෙන්න අවුරුදු මිලියන ගානක් යනව. අනික් ඔහොම වෙනස් උනොත් ඉතින් කොහොමත් ලොක විනාසෙ තමා. ඇයි ඔය කෝනේ මත ජෝතිශ්‍යනය විත්‍රක් නෙවෙ රැදිල තියෙන්නෙ. පෘතුවියෙ ගුරුත්වජ ත්වරනයත් ඔය කෝණෙ මත රදා පවතින්නෙ. ඉතින් ඔය කෝනෙ වෙනස් උනා කියන්නෙ ගුරුත්වජ ත්වරනය වෙනස් වෙනව. ඒකියන්නෙ වායු ගෝලීය පීඩනේ වෙනස් වෙනව. ඒකින් අව පීඩනයක් ඇති උනොත් පෙනහලු පුපුරයි. අධි පීඩනයක් ඇති උනොත් පෙනහලු අකිලිලෙයි. හික්ය.

මං සැරේකුත් කිවුව වගේ... ඔහොම විනාස වෙන්නෙ සුරන්ගනා ලොක.. :P

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D