.
භූත ගුණේගේ මරණය දැනිලා
සක්කර පස්සත් උණු වූවා.
ප්‍රයිවට් රියදුරු මාතලි කැඳවා
ගුණේව ගෙන එන්නට කීවා
[ 22 - Jun - 2011 ]
මහා වීර දේශ බන්ධු භූත ගුණේ දැයෙන් සමු ගත්තෙ මීට මාස තුනකට කලින්. භූත ගුණේ ගැන අහල නැත්තන් සඳරු ලියපු භූත ගුණේගේ ජීවිත කතාව කියවලා ඉන්න .
වල් අලි පහරකට ලක්වෙලා දැයෙන් සමුගත්තත් භූත ගුණේගේ කතාව එතනින් ඉවර නෑ. මෙන්න ඊට පස්සෙ වෙච්ච දේ.
===
සක්කර පස්සත් උණු වූවා.
ප්‍රයිවට් රියදුරු මාතලි කැඳවා
ගුණේව ගෙන එන්නට කීවා
සක් ආරක්ෂක භටයින් සමඟින්
මාතලි ලක් දෙරණට ආවා
වදෙන් පොරෙන් දෙව් රියට නංවලා
ගුණේව දෙව්ලොව ගෙන ආවා
දෙව්ලොව වටපිට විසිතුරු දැකලා
ගුණේගෙ ඇස් දෙක උඩ ඉඳුනා
මාව ගෙනාවේ කොළොම් පුරේටද ?
ගුණයා දෙයියෙක්ගෙන් ඇහුවා
නෑ බොල ගුණයෝ මේකයි දෙව්ලොව
දෙයියා ගුණේට පැවසූවා
කොළොම් පුරෙත් මේ වාගෙම වෙන්ටැති
භූත ගුණේ තනියම හිතුවා
පවස නිවන්නට අමුර්ත බඳුනක්
භූත ගුණේ වෙත පිරිනැමුණා
රා පොල් කට්ටක් මීට සැපයි මට
ගුණයා හෙමිහිට මිමිණූවා
ෆේෂල් කරලා හැඩ වැඩ දමලා
ගුණේට දිව සළු ඇන්දවුණා
මේව එල්ලගෙන ඉන්නේ කොහොමද
භූත ගුණේ දත් මිටි කෑවා
අමුර්ත උගුරක් බීගෙන යනකොට
ගුණේට ඒකේ රස වැටුණා
දෙව්ලෝ කෙළියත් නරකම නැහැ නොවැ
භූත ගුණේ ටික ටික සිතුවා
දෙවියෙක් විලසට දිවුරුම් දෙන්නට
සක්දෙවි ගුණේව කැඳවූවා
අලුතින් දෙවි වන ගුණේ දකින්නට
දෙවිවරු සබයට රැස් වූවා
සක්කර පුත්තර වයිමා දෙයියා
ගුණේට මල් මාලා දැමුවා
නැණ විකලව ගිය මහබඹ රාජා
ගුණේට හව් ආ යූ කිවුවා
පස්ස කූල් වුණ සක්කර දෙයියා
සබයේ මුලසුන වාඩි වුණා
අම්මාපල් මම දෙයියෙක් වෙනවා
ගුණයා දිවුරුම ලෙස කීවා
බිම්බර දහයක් ඒ මහ මරසෙන්
මිලිටරි ආචාරය පෑවා
දේව සභාවේ දෙවියෙක් විලසට
භූත ගුණේ අබිසෙස් ලැබුවා !
ලක්වැසියන් සියළු
දෙනාටම
දේශබන්ධු භූත ගුණේ
දේව පිහිටාරක්ෂාව ලැබේවා !!!