මම පොඩි පැටියා කාලෙ පූසට කිවුවෙ ඤායියා කියලලු. හැබැයි අපේ ගෙවල් ලඟ ඉන්න අංකල් කෙනෙක් ඤායියා කිවුවෙ මටලු :) .
ඉතින් ඒ අංකල් අපේ ගෙදර ගාව පාරෙ යනකොට සමහර වෙලාවට අහනවලු කෝ ඤායියා කියල. ඒ අහන්නෙ මම ඉන්නවද කියල. ඉතින් එතකොට ගෙදර අය මට කතා කරල කියනවලු මෙන්න අංකල් අහනව ඤායියා කෝ කියල කියල.
ඉතින් මම දුවගෙන දුවගෙන ඇවිල්ලා , ඇඳන් යටයි කාමර වලයි හැම තැනම හොයල හොයල , අංකල්ට පෙන්නන්න කියල ඤායියාව උස්සගෙන එනකොට අංකල් ගිහිල්ලත් එක්කලු.
පාආවු නේද ? ඤාව් !! ඤාව් !!
ප.ලි
-----
ලංකාවෙ ලංකාවට ඤායියො ආපු හැටි ගැන දැන ගන්න, මේක කියවන්න
http://status-chanaka.blogspot.com/2010/03/blog-post.html
[ 22 - Oct - 2012 ]