Tuesday, November 25, 2008

නොවැම්බර් 26 මහවිරු සමරුව

මේ ඉල් (නොවැම්බර්) මාසෙ ප්‍රසිද්ධ මහවිරු සමරු දෙකක්ම තියෙනවා.එකක් ජනතා විමුක්ති පෙරමුණේ ඉල් මහ විරු සමරුව. අනික නොවැම්බර් 26 වෙනිදට පවත්වන කොටින්ගෙ එක. මේ දෙකටම ජනමාධ්‍ය වලින් සැළකිය යුතු ප්‍රචාරයක් හම්බ වෙනව. ඒ ඉතින් එයාල ත්‍රස්තවාදියො හින්ද වෙන්න ඇති. මේ රට ඉතින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ත්‍රස්තවාදී ජනරජයනෙ.(මේ බ්ලොග් post එක කියවල බලන්නකො ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ත්‍රස්තවාදී ජනරජය ගැන වැඩි විස්තර දැන ගන්න )

හැමෝම වගේ නොවැම්බර් 26 වෙනිදට කොටි ගැන කතා කරන්නෙ හරියට එදා දවස කොටින්ගෙ වගේ. කොටින්ගෙ වීරයො නෙවෙයි නොවැම්බර් 26 වෙනිදට අපිට සමරන්න අපේම වීරයෙක් ඉන්නව කියල ගොඩාක් අයට අමතකයි.ඒ තමයි වීර මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවේ තුමා. එතුමා 1817 සිංහලේ නිදහස් සටනට නායකත්වය දීපු ජාතික වීරවරයෙක්.


වීර මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවේ තුමා
අවාසනාවකට වගේ එදා නිදහස් සටන සාර්ථක උනේ නැහැ. ඉංග්‍රීසි අධිරජ්‍යවාදීන් එතුමාව 1818 නොවැම්බර් 26 වෙනිදා ඝාතනය කළා. ඉතින් අපි හෙට දවසෙ කොටින්ට chance එකක් නොදී ,වීර මොණරවිල කැප්පෙටිපොළ තුමාගෙ අභාවයේ 190 වෙනි සංවත්සරය සමරමු.හොඳයි නේද?


[ 25 - Nov-2008 ]

10 comments:

Manoj colambage said...

වටිනා කියන අදහසක් .
ක්‍රියාත්මක කරන්න බැරිකමකුත් නෑ
උත්සාහ කරල බලමු.

anonymous blogger said...

මේ වාගේ දින ගැන, සිද්ධීන් ගැන ඇති නොදැනුම ජාතිකභාමානයෙන් හීන නිවට රටවැසියන් බිහි කරනවා. කාලෝචිත ලිපියක්.

සරත් ගුණතුංග said...

මතක් කිරීම ගැන ස්තුතියි

නිලන්ත පියසිරි said...

වීර කැප්පෙටිපොළ මහ දිසාවේ තුමා නමින් වීර දිනය සැමරීම හොඳ අදහසක්.

Anonymous said...

බොහෝ රූපවාහිනී හා FM නාලිකා කොටි ත්‍රස්තයන් හා "සුපර් ස්ටාර්" බලූන වලට හුළං ගහනව මිසක් ජාතික වීරයො ගැන වගේ වගක් නෑ

Anonymous said...

එකක් ජනතා විමුක්ති පෙරමුණත් ත්‍රස්තවාදියෝද ???

Chanaka Aruna Munasinghe said...

ජනතා විමුක්ති පෙරමුණ හිටපු ත්‍රස්තවාදියෝ.
දැන්නම් ටිකක් අහිංසකයි

amal ishantha said...

ජනතා විමුක්ති පෙරමුණ හිටපු ත්‍රස්තවාදියෝ.

ඒ කථාවට නම් විරුද්ධයි පුතෝ

Anonymous said...

Good thoughts CHANAKA! Keep up your patriotic feelings! But only keeping them-up is NOT enough! We have to WORK for SRI LANKA as TRUE SRI LANKANS!

Anonymous said...

ජනතා විමුක්ති පෙරමුණ හිටපු ත්‍රස්තවාදියෝ.

ඒ කථාවට නම් විරුද්ධයි පුතෝ

ඔව්. ඔව්. එකේ හිටියේ උපාසක මහත්තුරු. ඒ දවස් වල අපිට නවගුණ වැල එක අතකිනුයි ගල් කටස් එක එක අතකිනුයි අරගෙන ඇවිල්ලා බණ කියලා එවෙලෙම දිවිය ලෝකෙට යන්න ඩෝං කියලා පත්තු කළේ. කොච්චර ගුණ යහපත් මහත්තුරුද?

සිංහලයො කවද්ද ත්‍රස්තවාදීන් උනේ. ඔක්කොම ජඩ වැඩ කළෙ පර දෙමළු මිසක. ඔක්කොම දෙමළු මරලා දැම්මම ප්‍රශ්නේ ඉවරයි. නැත්ද?

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D