Saturday, November 29, 2008

සරසවිය, හිටපු ත්‍රස්තවාදය සහ ජනමාධ්‍ය.


මගේ "ජනතා විමුක්ති පෙරමුණත් හිටපු ත්‍රස්තවාදියෝද?" කියන බ්ලොග් පෝස්ට් එකට මෙන්න මේ වගේ comment එකක් තිබ්බා තව comments ගොඩාරියකුත් තිබ්බා. ඒවා මෙතනින් බලන්න.


මේ ඒක ගැන මගේ අදහස්

මේ වගේ ඇත්ත කිවුවම විශ්ව විද්‍යාල වල ප්‍රතිරූපයට හානි වෙනව කියල මමනම් හිතන්නෙ නැහැ. ත්‍රස්තවාදියො already ඒකට හානි කරල ඉවරයි. මම කියන්නෙ බොරු හිතෙනවනම් පහුගිය කාලෙ පුවත්පත් වල විශ්ව විද්‍යාල ගැන තියෙන ලිපි ටිකක් හොයාගෙන කියවන්න. ගොඩාක් ඒවයෙ තියෙන්නෙ නවකයන්ට වධදීම්, ගහගැනීම්, බැණගැනීම්, තර්ජනය කිරීම්, දේපල වලට හානි කිරීම් වගේ දේවල්. මාධ්‍ය වලින් විශ්ව විද්‍යාල ගැන මවල තියෙන්නෙ ඔය වගේ ප්‍රතිරූපයක්. ඉතින් ඒව කියවන අය හිතන්නෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යයො හැමෝම ඒවට වග කියන්න ඕනෙ කියල.


ත්‍රස්තවාදීන්ගේ අමානුෂික නවක වධය

හැබැයි මේ තියෙන අවාසනාවන්ත තත්වය ඇති කරල තියෙන්නෙ ඉතාම සුළු පිරිසක් විසින්. බහුතරය මේ දේවල් වලට කැමති නැහැ හැබයි මේ බහුතර මතය අර කියපු සුළු පිරිස ත්‍රස්තවාදී ක්‍රම වලින් යටපත් කරලයි තියෙන්නෙ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයො බහුතරයක් ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් වෙච්ච අහිංසකයො. මාධ්‍ය වලින් මේ ඇත්ත තත්වය කියන්නෙ නැති එක ලොකු වැරැද්දක්. එයාල කරන්නෙ සුළු පිරිසකගෙ වැරදි පොදුවේ හැමදෙනා මතම පටවන එක. ඕකයි ඇත්ත.

මේ post එක කියවල ටික දෙනෙක් හරි තේරුම් ගනියි විශ්ව විද්‍යාල වල ඇත්ත තත්වය.

මේ ප්‍රශ්නය තනිතනිව විසඳන්න බැරි එකක්. විශ්ව විද්‍යාල වලට එන්න ඉන්න අය මේ තත්වය කලින්ම දැනගත්තොත් එයාලට පුලුවන් වෙයි මේ ත්‍රස්තවාදයට විරුද්ධව එකමුතුව වැඩ කරන්න.

නැගී සිටිමු අපි අප වෙනුවෙන් ...
නැගී සිටිමු නිදහස වෙනුවෙන් ...

පසුවදන:
මෙතන හොඳ ලිපියක් තියෙනවා " The Fundamental Threat to Sri Lankan University Education " හැබැයි කඩ්ඩෙන් තියෙන්නෙ. වෙලාවක් තියෙනවනම් කියවල බලන්න.


[ 29 - Nov-2008 ]

1 comments:

දිලාන් said...

ඔය ත්‍රස්තවාදය නැතිකරන්න අලුතින් එන අයට විතරක් තනියෙන් බැ.මොකද අලුත් තැනකට ඇවිත් ඒ අය එතන වෙනස් කරන්න ගියොත් ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුලුවන්. එකට සරසවියේ පාලකයන්ගේ සහයෝගය ඔනේ. රැග් කරපු 1ක් අල්ලල පන්ති තහනම් කලාම,ස්ට්‍රියික් කරන අයට බයේ පන්ති තහනම ඉවත් නොකරන පාලනයක් ඔනේ. අලුත් බැච් 1ක් ආවාම, රැග් කරන අයව හොයලා සාදක සහිතව, සරසවියෙන් ඉවත් කරන්න ඔනේ.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D