Saturday, September 12, 2009

වයඹ හොල්මන්

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මෙම සටහනේ අන්තර්ගතය ගැන නිවැරදි කිරීමක් සටහන අවසානයේ ඇත. මුලින්ම ලියූ ලිපිය ඒ ආකාරයෙන්ම තබා ඇත.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



ෂර්ලොක් හෝම්ස්ට ලංකාවෙදි කෙළවෙච්ච හැටි ටික කාලෙකට කලින් ලොකු මල්ලි ලියල තිබ්බා ( මෙතනින් කියවන්න ) . ලොකු මල්ලි කියන විදිහට සූර වීර ෂර්ලොක් හෝල්ම්ස්ට ගේම දුන්නේ අපේ චන්දන මෙන්ඩිස් අංකල්. ඔන්න චන්දන මෙන්ඩිස් අංකල්ටත් දිට්ඨ දම්ම වේදනීය කර්මය පල දීල. චන්දන අංකල්ටත් වඩා සූර වීරයෙක් වයඹ පළාතෙන් පහළ වෙලා .

"මම දැන් හෙළුව රැකගෙන බස්වහර සකසමි" කියන මාතෘකාව යටතේ ලියලා තියෙන බ්ලොග් සටහනක් වයඹ විත්ති වල තිබුණා දැක්කා (මෙතනින් කියවන්න). කියවලා බැලුවම ඒක (පළවෙනි වාක්‍යයෙන් පස්සෙ ඉතුරු ටික ) අපේ චන්දන මෙන්ඩිස් අංකල්ගෙ "නරලොව හොල්මන්" කතා මාලවෙ කතාවක සම්පූර්ණ ෆොටෝ කොපියක් . පොත් අංක 1 ද? 2 ද? 3ද ? කියලනම් මතක නැහැ.

ඉතින් මම ඊයෙ ඕක දැකලා කොමෙන්ට් එකක් දැම්මා "චන්දන මෙන්ඩිස් අංකල්ගේ නරලොව හොල්මන් වලින් උපුටා ගත්තා කියලත් පෝස්ට් එකේ සඳහන් කළානම් නේද හොඳ ?" කියලා. මෙන්න අද උදේ බලනකොට ඒ කොමෙන්ට් එක අතුරුදහන්.

පවූවූවූ නේද අර වයසක චන්දන අංකල් ????

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
නිවැරදි කිරීමක් :

සමා වෙන්න ලොකූ පටලැවිල්ලක් වුනා. නරලොව හොල්මන් ලිවුවෙ චන්ද්‍රා අනගිරත්න අංකල් . මටත් පොඩ්ඩක් හොල්මං , ගල්පොතට ස්තූතියි නිවැරදි කතුවරයාව මතක් කරලා දුන්නාට. මම ඔය පොත් සෙට් එක කියෙවුවෙ ගොඩාක් කාලෙකට කලින්. මම ඔය අංකල්ලා දෙන්නගෙම පොත් කියවල තියෙනවා ඒකයි කතුවරයාව පැටලුනේ.

ඒත් චන්ද්‍රා අංකලුත් වුනත් පවු නේද ?


[ 12 - Sept - 2009 ]

20 comments:

Anonymous said...

හපෝයි. !!!

ඊට කලින් එකත් කොපි ද දන්නේ නෑ.

Anonymous said...

මෑන් Amazon ඇඩ් ටිකකුත් ඩාගෙන හොන්ද ඇන්දිල්ලක් අන්දන්න ගිහින් තියෙන්නෙ. මම ඒත් බැලුවා මෑන්ස් මොකඩද මේ Amazon ඇඩ් පුරවගෙන කියල. මේ තියෙන්නෙ බඩු

https://affiliate-program.amazon.com/gp/associates/join/landing/main.html

bandara herath said...

මේකට තාමා අයියේ පැහැදිලි ඊර්ෂ්‍යාව කියන්නේ මේ ලෝකේ මොනවද කොපි නැත්තේ ඔයා ඔය අනුංගේ කූඩ අස්සේ අතදාන්නේ නැතිව මොනව හරි දෙයක් ලියන්න තරහ වෙන්න එපා මේහෙම කියනවට අල්ලපු ගෙදර ටිකක් බලනවද ඔයාගේ කොපියක් නැද්ද කියලා

bandara herath said...

අනේ බං උඹ වගේ ගොන් තඩියෙක් යකෝ හොද නැත්තන් තව පොස්ට් ලියලා මොකටද ප්‍රචාරය කරන්නේ මාකටින් පැත්තේන් බැලුවොත් මේක තොපි දෙන්නාගේම කපටි කමක් නැත්තන් උබ මහ රජ ගොනේක් බං දැන්වත් උඹෙ මොලේ පෑදේවා කියලා මම ප්‍රර්තනා කරනවා බායිවේවා

Chanaka Aruna Munasinghe said...


@ chamila_dealwis

කලින් එකත් දැකල පුරුදුයි පුරුදුයි වගේ ගතියක් තිබ්බා.
ඒත් කොහෙදිද කියලා මතක නැහැ. මේක නම් නරලොව හොල්මන් 1,2 හරි 3 හරි තියෙනවා කියලා ෂුවර්ම ෂුවර්.
----------------------------
@ Anonymouse

ආ Amazon වලත් Adsense තියෙනවද ? අදයි දැනගත්තෙ
----------------------------
@ බණ්ඩාර

කවුරු හරි කෙනෙක් ලියපු එකක් උපුටාගෙන පළ කරනකොට ඒ ලිපිය මුලින් ලියපු කෙනාව මතක් කරලා එයාගෙන් උපුටා ගැනීමක් කියලා එයාට නිසි ගෞරවය ලබා දෙන්න ඕනෙ. බ්ලොග් කරුවන් ලියන දේ නිසි ගෞරවයක් ලබා නොදී උපුටා ගැනීම වගේම අනුන්ගේ දේවල් බ්ලොග් කරුවන් විසින් නිසි ගෞරවයක් ලබා නොදී උපුටා ගැනීමත් වැරදියි. ඒක පෙන්වා දුන්නා එච්චරයි.

( මෙතනනම් පොත් ප්‍රකාශකයාගේ අයිතිය ගැන නීතිමය පැත්තකුත් තියෙනවා )


මට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න වුනේ මම ඒ බව කියලා කලින් දාපු කොමෙන්ට් එක මකලා ප්‍රතිචාරයක් නොදක්වා හිටපු හින්දයි.

Anonymous said...

bandara herath

නිකන් ණයට කහින්නේ නැතුව ඉන්නවද? මැටි හරක් දැන ගෙන හිටියෙ නැතුවට සාමාන්‍යයෙන් references දුන්නේ නැත්තන් plagiarism කියලයි ගනන් ගන්නේ. සැර වැඩි ද මන්ද.

Chanaka Aruna Munasinghe said...


@ Anonymouse

ණයට කහින්න එපා කියලා කිවුවෙ මටද ? බණ්ඩාරටද ?

Anonymous said...

බණ්ඩාර මහත්තයට

Indranama said...

@ bandara herath
කතාකරන්නවත් දන්නෙ නෑ වගේ. මුලින් පොඩ්ඩක් ඒක ඉගෙන ගත්තනං තමයි හොඳ. මුලින් "අයියේ" කියල පස්සෙ "යකෝ" "ගොන්තඩියෝ" කියනවා :P
මුල් ලේඛනය සඳහන් නොකර පිටපත් කිරීම, විශේෂයෙන් තමන්ගෙ නිර්මාණයක් වගේ ප්‍රසිද්ධ කිරීම හොරකමක් මහත්තයෝ. දන්නවද ඒ බව?

Anonymous said...

නරලොව හොල්මන් ලියුවේ චන්ද්‍ර අනගිරත්න මහත්තයා නේද අයියේ ?

Chanaka Aruna Munasinghe said...


@ All

නිවැරදි කිරීමක් :

සමා වෙන්න ලොකූ පටලැවිල්ලක් වුනා. නරලොව හොල්මන් ලිවුවෙ චන්ද්‍රා අනගිරත්න අංකල් . මටත් පොඩ්ඩක් හොල්මං , ගල්පොතට ස්තූතියි නිවැරදි කතුවරයාව මතක් කරලා දුන්නාට. මම ඔය පොත් සෙට් එක කියෙවුවෙ ගොඩාක් කාලෙකට කලින්. ඒකයි කතුවරයාව පැටලුනේ.

ඒත් චන්ද්‍රා අංකලුත් පවු නේද ?

දුකා said...

කොපි කිරීම කමක් නෑ නමුත් මකරා කියනවා වගේ කාගෙන්ද කොපි කලේ කියන්න තරම් සදාචාරසම්පන්න වෙන්න ඕන . . . !

Chanaka Aruna Munasinghe said...

@ දුකා

ස්තුතියි

සරදියල් said...

@ makara
ඔය bandara herath කියන කෙනා ගැන් මන් හොදට දන්න්වා. මිනිහ කැ ගහන එක පුදුමයක් නෑ මොක්ද මගෙත් ඔය බ්ලොග් කොපි කිරිල්ල උනා. අන්තිමට් හොයද්දි ඕක ක‍රපු බුවා තම්යි මිනිහා.
see dis link
http://saradiyal.blogspot.com/2009/05/duplicate.html

Indranama said...

@සරදියෙල් අයියා
අම්මටසිරි.. මේ ඒ යකාද? :D
එහෙනං ඉතිං අහන්නත් දෙයක්යැ කොපි කරන අයගේ අයිතිවාසිකම් ගැන කතා කරන එක :P

සරදියල් said...

@ ඉන්ද‍රේ
ඔවු බන්.... මිනිහා තමා. මගෙ ඒවා දාල තිබ්බ් බ්ලොග් වලින් 1 තාමා http://tagosakanto.blogspot.com/
මෙක මිනිහගෙ එකක්

කට්ටිය 1 එකතු වෙලා සින්හල බ්ලොග් කොපික‍රන්නන්ගේ සංගමය කියල 1 හදයිද දන්නේ නැ... :D

Chanaka Aruna Munasinghe said...

@ සරදියල්, ඉන්ද‍රේ

අහා එහෙනම් මේකයි සෙල්ලම. මෙයාල මේ කොපි කරන්නන්ගෙ සංගමයක උදවියනෙ. මෙතනදි තොප්පි විකුණන්න එන්න ඇත්තෙත් සංගමයට ආදායම් උපයා ගන්න වෙන්නැති

Indranama said...

හෙහෙ...
මම මේ කමෙන්ට් එක දැම්මට පස්සෙ කවුද එකෙක් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යකා නටනවා... :P
කවුද දන්නෑ නේද? :D

Chanaka Aruna Munasinghe said...

@ ප්‍රවීන් ඉන්ද්‍රනාම

කවුද යකා ? බණ්ඩාර මහත්තයද ? නැත්තන් ගෑණු නම් ටිකක් තියෙන ළමයි කට්ටියද ?

Indranama said...

වෙන කවුද ඉතිං? ඔය කොපි කරන කේස් වලට සම්බන්ධ කෙනා තමා :D මම කණෙං පෙන්නන්නං :D

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D