Monday, September 28, 2009

හැකියාවට රැකියාවක්



ළඟදීම කැබිනට් සංශෝධනයක් සිදු වෙන්නට නියමිතයි කියල අරෙහෙන් මෙහෙන් ඇහෙනවා. විදේශ ඇමති කමට අලුත් මූණක් ගේනවාත්ලු. කවුද දන්නෙ නැහැ අලුත් කෙනා. 

මට නිකමට හිතෙනවා KP අංකල්වත්දෝ? හෝ? කියලා. මොනවා වුනත් හොඳ විදේශ සම්බන්ධතා ජාලයක් තියෙන මනුස්සයෙක්ලුනෙ. ඔච්චර බෑ බෑ කියද්දිම මැලේසියාවෙ ඉඳන් බලෙන්ම එක්කරගෙන ආවෙ හැකියාවට රැකියාවක් දෙන්නද කවුද දන්නෙ ?

ශක්‍රයාගෙ පුතා වයිමා ආවත් ,
සුදුස්සාට සුදුසු තැන ලැබීම නවත්තන්න බැරිලු !!
[ 28 - Sep - 2009 ]

4 comments:

Chrishi said...

aththa thama kathawa ! arakshaka amathi karuna lu !

Chanaka Aruna Munasinghe said...

@ Chrishi

කැබිනට් ප්‍රකාශක කම දයා මාස්ටර්ට වෙන්නැති.

දුකා said...

උඹ යෝජනාවක්ද කරන්නෙ . . . හික්ස්

Chanaka Aruna Munasinghe said...

@ දුකා

විදේශ ඇමති කමට ගැලපෙන්නෙ හොඳ ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් තියෙන කෙනෙක් නේද?

අනික සාමාන්‍යයෙන් දේශපාලනයෙදි වෙන දෙයක්නෙ ඕක. පලු යන්න බැනපු කෙනෙක්ව අපේ පැත්තට ගත්තම එයා අපේ හිටපු අයටත් වඩා හොඳ වෙනවනෙ.

මුලින් ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙනවයි කියන්නෙ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D