Thursday, September 24, 2009

සෙන්තොස (Sentosa) දී දැකපු සත්තු


සෙන්තොස කියන්නෙ සිංගප්පූරුවෙ සංචාරකයො ආකර්ශනය කරන ප්‍රධානම තැන් වලින් එකක්. අපිට Semester එක මැදදි හම්බ වෙච්ච සතියක නිවාඩුවෙදි අපි සෙන්තොස ගියා. මේ ඉන්නෙ එහේ හිටපු / තිබ්බ සත්තු කිහිප දෙනෙක්.

 
සිංගප්පූරුවෙ ලොකුම Merlion. පේනවා නේද දත් ? 
මේ ඔලුව ගලවගෙන ආවනම්
සීගිරියෙ කකුල් දෙකට නියමෙට ගැලපෙයි.
(සංස්කෘතික කටයුතු ඇමති තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි

මැටි හරකෙක්. 
මෙහේ ඇත්ත හරක් නැතුව ඇති මම හිතන්නෙ

4D Cinema එකේදි,
මේ වගේ මකුළුවො ඇඟ දිගේ නගින එකනම් හරිම හයානකයි

 
පනින රිලවුන්ට පාලමුත් බැඳලා.
ලංකාවෙ රිලවු මෙහේ අයට වඩා ගොඩාක් ලස්සනයි

 
 මැඩගස්කර පිඹුරෙක්.
මෙයා මට උම්මා දෙන්නත් හැදුවා

 මේ මාලුවාගෙ ඔලුව අලියෙක්ගෙ වගේ නේද ? 
( කන් දෙකකුත් තිබ්බනම් )

යෝධ කකුලුවෙක්

ඩොල්ෆින් නඟාලා ටිකනම් හරිම හුරතල්

 
 මකරු ගින්දර පිඹින්නෙ මෙහෙමයි


තව ෆෝටෝ තියෙනවා, මෙතනින් බලන්න

[ 24 - Sep - 2009 ]


5 comments:

Anonymous said...

මැටි හරකා කියලා තමන්ම කියා ගන්න එක හරි නෑ නේද? :D

ගිනි පිඹින එක මරු

උෂාන් කෝදාගොඩ විතාරණ said...

මෙයා මාර බුවෙක් හරකගෙ වල්ගෙටත් ගේම ‍දීල
මකරෝ පිඔුරෙක් හරි ඔයාට උම්ම දුන්න එක ගැන සන්තෝශ වෙයන් (අපිට වගේ ඔයාට උම්ම දෙන්නෙ කවුද :P )

Narada said...

"මැටි හරකා කියලා තමන්ම කියා ගන්න එක හරි නෑ නේද? :D"
ඒක තමා කියන්න ඇත්තේ මෑන්.

ගිනි පිඹින ඒක මරු.

Quoted from Chamila.

said...

"මැටි හරකෙක්. "
කොයි එකාද?

Chanaka Aruna Munasinghe said...

@ chamila_dealwis, -බිன்ku-

අනුන්ට කියන එක ඊට වඩා හොඳ නැහැනෙ. ගිනි පිඹින එක ඉතින් හැම වෙලේම හැම තැනම නැහැ.
--------------------------
@ ushan

හැබෑමයි, මලයා කියනකම් හරකාගෙ වලිගෙ අඩුපාඩුවක් තියෙනව කියල මම දැක්කෙම නැහැනෙ. හරකෙක් දැක්කම වලිගෙ දිහා බොහොම සැළකිල්ලෙන් බලනවා වගේ.

ආ උම්ම ඔයාට උම්ම දෙන්නත් ගොඩාක් අය ඉන්නවා වගේ
--------------------------
@ ම

ඔය මැටි වලින් හදල තියෙන එකානෙ.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D