Friday, December 11, 2009

එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ



මේ ඉන්නෙ අපේ අක්කගෙ දෝණි බබා නවෝදා යි එයාගෙ හා පැටියා හැරී යි. හැබැයි මේ කතන්දරේ මේ හා පැටියා ගැන නම් නෙවෙයි, වෙන හා පැටියෙක් ගැන.

ඔන්න නවෝදා පොඩි කාලෙ එකමත් එක දවසක මම එයාට කතන්දරයක් කියල දෙන්න පටන් ගත්තා.  (එතකොට එයා මේ ෆොටෝ එකේ ඉන්නවාට වඩා චූටියි, මමත් එතකොට දැනට වඩා චූටියි ;-)

"ඔන්න එකමත් එක රටක හාවෙක් හිටියලු"
 
"ලොකු හාවෙක්ද ?"
 
"ඔව් ඔව් ලොකුම ලොකු හාවෙක්"
 
"එපා එපා පොඩි හාවෙක් ගැන කියන්න"
 
"ඒ හාවා කන්නෙ නැතුව ඉඳලා කෙට්ටු වෙලා හිටියෙ"
 (එයා කෑම කන්න හොර වෙනකොට අපි  කියනවා කන්නේ නැතුව හිටියොත් කෙට්ටු වෙලා පොඩි වෙනවා, එතකොට ඉක්මනට ලොකු වෙන්න බැරි වෙයි කියලා.  ) 

"නෑ නෑ පැටියා හාවෙක් ගැන අ... අ.. අ..  :'(  :'(  :'( "  

"ආ හරි, ඒ හාවා පොඩි පැටියා කාලෙ කතන්දරයක් කියන්නද?" 

"හා :D :D :D "

ඔයින් මෙයින් කියන්න ඕනෙ මොන වගේ හාවෙක් ගැනද කියලා එකඟතාවයකට ආවට පස්සේ මම කියන්න හිටපු  කතන්දරේ කියන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ මගේ හිතේ තිබ්බෙ අර "ලෝකෙ පෙරලෙනවෝ" කියල දුවපු හාවා ගැන කතන්දරේ. ඔය කතාවට ඉතින් ඕනෙ හාවෙක්වා දා ගන්න පුළුන්නෙ. මම ඉතින් හාවා කියල තියෙන තැන් වලට හා පැටියා කියලා ආදේශ කරලා කතන්දරේ කිවුවා. එයත් හොඳට අහගෙන හිටියා.

මෙන්න කතන්දරේ කියලා ඉවර වුනාට පස්සෙ බේරිල්ලක් නෑ. ඒ හාවා ලොකු වෙච්ච හැටියි කන්නෙ නැතුව ඉඳලා කෙට්ටු වෙච්ච හැටියි ගැනත් කියන්නලු. මමත් ඉතින් කිවුවෙ අර කන්නෙ නැතුව ඉඳලා කෙට්ටු වෙච්ච ලොකු හාවගෙම චූටි කාලෙ ගැන කතන්දරයක්නෙ. 

කොහොම හරි අන්තිමට කොහෙවත් හිටපු නැති හා පැටියෙක් ලොකු වෙනකනුයි කන්නෙ නැතුව කෙට්ටු වෙනකනුයි ගැන හිටිවන කතන්දරයක් කියන්න වුනා.

පොඩි අයට කතන්දර කියල දෙන්න යද්දි හරිම පරෙස්සමෙන් !


[ 11 - Dec - 2009 ]

12 comments:

Anonymous said...

සිරාවට බං.. මටත් ඔහොම වැඩක් උනා.. පත්තරේක බැටරි ඇඩ් එකක් දාල තිබ්බා.. ඒකෙ ඒ සමාගමේ හදන බැටරි වර්ග ටික දාල තිබ්බා.. චූටි මල්ලිය අහනව මේ බැටරි මොනාටද දාන්නෙ කියල.. ලොකු ටෝච් එකට , පොඩි ටෝච්.... කියල දුන්නම ආයෙ ආයෙ අහනව.. බැරිම තැන මම පත්තර පිටුව හැංගුව :D

Chrishi said...

මකරැ ගැන කතාවක් කියලා දෙන්න තිබුනා නේ !!

malee_msg said...

මට නම් වැඩිය පොඩි අයට කතා කියා දෙන්න සිද්ධ වෙලා නෑ.. ලොකු දෙයක්.. මං පොඩිම පොඩි බබාලට ආස උනාට එයාලා වද දිදි අනම් මනං අහනවට පොඩ්ඩක් වත් ආස නැහැ.

දුකා said...

he he he . . .ane makaro .. ubatath wena wada ammapa. ..

chanux said...

මේ පොඩි උන්ට කොච්චර කිව්වත් ආයෙ අහන එක තමයි ලොකුම වදේ. පොඩි උන් එක්ක කත කරොත් infinite loop වල පැටලෙන නිසා, මම නම් පුළුවන් තරම් අඩු වචන ප්‍රමාණයක් අපතතේ යවල shape වෙන්න තමයි බලන්නෙ,

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

හී හී, මේකෙ මට හංගන්න පත්තර පිටුවක්වත් නෑනෙ.
මම ඇඳ යට හැංගුනොත් තමයි ඉතින්.
----------------------
@ Chrishi

හාවෙක් ගැන කියල මෙහෙමනම් මකරෙක් ගැන කිවුවොත් කොහොම තියෙයිද ? මකරෙක් ලොකු වෙලා කෙට්ටු වෙනකම් කියන්න වුනානම් කොහොමද ?
-----------------------
@ malee_msg

හී හී, තව ටික කාලයක් යද්දි බබාලට බත් කව කව කතන්දර කියල දෙන්න වෙයි :-p
-----------------------
@ දුකා

ඒකනෙ, බලන්නකො ඒකෙත් හැටි. මටමමමමයි වෙන්නේ
-----------------------
@ chanux

මේකෙදි මම variables declare කරන කොටම වරද්දගෙනනෙ
Runtime Error :D

Bunny said...

අනේ මකරො..!! මන් ගැන කියලා දෙන්න තිබ්බනෙ ;)

Chanaka Aruna Munasinghe said...

@ Bunny !

ඇයි ඔයත් කන්නෙ නැතුව ඉඳල කෙට්ටු වෙලාද ?

Bunny said...

අනේ නෑ මකරො කාල වැඩි වෙලා දැන්නම් මහත් වෙලා :) දැන් big bugs bunny වෙලා ;)

Bindi said...

මගේ යාලුවෙක් ගේ බබෙක්ට ස්නොව් වයිට් කතාව කියල අන්තිමට ඒකි ඇහුවලු ''ඉතින් පිය රජතුමා කැමති වුනාද ඔය වෙඩිමට''

මගේ චුටි බනීට හාව කිඹුලෝ ඉන්න ගඟෙන් එගොඩ වෙච්ච කතාව කියද්දී එයා අහනවා හාවට බෝට්ටුවක් තිබ්බේ නැද්ද කියල . ඕවගේ කතා නම් අනන්තයි

Sujeewa Kokawala said...

මරණ තර්ජන මධ්‍යයේ කතන්දර කීමට සිදු වෙලා ඉන්න තාත්ත කෙනෙක් තමයි මාත්. ඇයි තුවක්කුව ඔළුවට එල්ල වෙලා තියෙද්දී අඳින චිත්‍ර.

රියලිටි ෂෝ කාලේ, පුරවැසි මාධ්‍ය කරණයේ යුගයේ හැදෙන පොඩි එවුන් ඉල්ලන්නේ උන්ට ඕනා විදිහට කස්ටමයිස් වෙච්ච කතා මිස අපි වගේ ඔහේ කට ඇර ගෙන අහගෙන ඉඳලා පාඩම් වෙච්චා නොවේ. චාටර් කතා වලට එස් එම් එස් අඩුයි.

"ඈ හෑ හෑ එක කියන්න එපා හෑ හෑ" තමයි එන්නේ

Chanaka Aruna Munasinghe said...

@ Bunny !

හා තඩියා :)
==========
@ Bindi

හික්z , පොඩි අයට කතන්දර කියා දීම මරු :)
==========
@ Sujeewa ඛොකවල

:) "ඈ හෑ හෑ එක කියන්න එපා හෑ හෑ" , ඕකනම් මටත් වෙලා තිබේ :)

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D