Saturday, February 6, 2010

මහ මැතිවරණය 2010: මනාප ක්‍රමය වෙනුවට අමනාප ක්‍රමයක්



 

ඔන්න ඉතින් ජනාධිපතිවරණයනම් ඉවරයි.  ඒ වුනාට මැතිවරණනම් ඉවර නෑ. පාර්ලිමේන්තු මහ මැතිවරණයකුත්  ළඟදීම පවත්වන්න නියමිතයි. 

"කැමති කෙනෙක් කැමති විදිහට මැතිවරණ තියන්න" කියල මැතිවරණ කොමසාරිස්තුමා වාචිකව අවසර දුන්නනෙ ( මේ බලන්න ). ඒක නිසා මෙදා පාර මහ මැතිවරණෙ පැවැත්වෙන්නෙ මට ඕනෙ හැටියටයි. 

ජනාධිපතිවරණ වලදි අහෝසි කරන්න කතා කරන්නෙ විධායක ජනාධිපති ක්‍රමය. ඒ වගේ මහමැතිවරණ වලදි කතා කරන්නෙ මනාප ක්‍රමය අහෝසි කිරීම ගැන. මොකද මනාප ක්‍රමය හින්දා එකම පක්ෂෙ අයත් මනාප වලට පොර කනවනෙ. හැබැයි ඉතින් ඔය අහෝසි කරන්න කතා කරන අය ඒක කරන්නෙ නැහැනෙ. ඒක නිසා මේ පාර මහ මැතිවරණයේදි මනාප ක්‍රමය මමම අහෝසි කරනවා.  ඒ වෙනුවට මම හඳුන්වා දෙනවා අමනාප ක්‍රමයක්.

යෝජිත අමනාප ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි. ඡන්ද දායකයන්ට පුළුවන් තමන් කැමති පක්ෂයේ සළකුණ ඉදිරියෙන් හරි ලකුණක් දාල තමන්ට කැමති පක්ෂයට ඡන්දය ප්‍රකාශ කරන්න. ඊළඟට කරන්න ඕනෙ ඒ පක්ෂයේ තමන් අකමැතිම අපෙක්ෂකයන් තුන් දෙනාගේ අංක ඉදිරියෙන් කතිර ලකුණු දාලා ඒ අයට අමනාපය ප්‍රකාශ කිරීම. අන්තිමේදි වැඩිම ඡන්ද ගන්න පක්ෂ වලින් අඩුම අමනාප ගත්ත අපේක්ෂකයො පාර්ලිමේන්තුවට තේරී පත් වෙනවා.

මේ ක්‍රමයෙදි අපේක්ෂකයන්ට  තමන්ගෙ පක්ෂ සළකුණ ප්‍රසිද්ධ කරන්න වෙනවා. හැබැයි තමන්ගෙ අංකය පුළුවන් තරම් රහසිගතව තියාගෙන. කොහොමද ටිකිරි මොළේ !

පසු සටහන්
=======

1. මැතිවරණ කොමසාරිස්තුමාම මහ මැතිවරණයත් පවත්වනවාලු. ( බලන්න ). ඒක නිසා මේ පාර මහ මැතිවරණයේදි අමනාප ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ

2. පහු ගිය දවස් වල තිබ්බේ මැතිවරණයක් නෙවෙයිලු. එහෙම කිවුවෙ අපේ සචි අක්කා . මේක මූණු පොතේදි වෙච්ච සංවාදයක් (බලන්න)


සචි අක්කා :
තිබුණේ ජනාධිපතිවරණයක් මිසක් මැතිවරණයක් නෙමෙයි!!!!!!! (මැතිවරණය කියන්නේ මන්ත්රීවරුන් තෝරන චන්දය. ඕක අද හුඟක් දෙනා පටලගන්නවා. කොටින් ම 'ජනාධිපති මැතිවරණය' කියලා තමයි පත්තර වලත් යන්නෙ. හරිම විහිළුවක්!!)

මම: 
එතකොට Election වලට කියන සිංහල වචනෙ මොකක්ද ?

සචි අක්කා :
චන්දය එහෙම නැත්නම් වරණය (තේරීම) 
මැතිවරණය = මන්ත්රීවරුන් තේරීම
ජනාධිපතිවරණය = ජනාධිපති තේරීම

මැතිවරණ කොමසාරිස් ට ඒ නම ලැබුණේ 1978 න් ඉස්සර තිබුණේ මැතිවරණ පමණක් නිසා...

මම:
හෆොයි දැන් කට්ටිය කියයි මැතිවරණ ප්රචණ්ඩක්රියා එකක්වත් වෙලා නැහැ කියලා :D. එතුමා ඕක දන්නවනම් ස්වාධීන මැතිවරණ කොමිසම පත් කරන්න බය වෙන්නෙත් නෑ.

මේවත් බලන්න
=========




[ 06 - Feb - 2010 ]


9 comments:

Anonymous said...

Election commissioner suffering from the deseas called Demenzia. This is the best conclusion we can come to after listening to his talks between 20.01.2010 to 05.02.2010.i am not doctor but his age may have contributed.How do we expect a eair election under the leadership of a sick man.He must resign ASAP.

Anonymous said...

As voters we our tusk is to "JUST" put a vote for him or his party and help him to do a peaceful election...
Don't publish things like this Ayya, Then you'll also be a Traitor...
:P

බිඟූ said...

හා හා...

ඔය කොයි එක උනත් මකරෝ, අන්තිමට අපි පරාදයි. ඉල්ලපු අය දිනුම්,
ඒක හින්දා ජන්ද වැඩ වලදී කොරන වැඩ පරිස්සමින් කොරන්න ඔනෑ.
නැත්තම් මකර වලිගේ කපලා දාවි සුටුස් ගාලා...

/බිඟුවා...!

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

හා හා , අපේ මැතිවරණ කොමසාරිස්තුමාට මොකුත් කියන්න එපා. අපේ මැතිවරණ කොමසාරිස්තුමා තමයි ලෝකෙ හොඳම මැතිවරණ කොමසාරිස්
-----------------
@ upulpp

තේරුණා මදි අයුබොවන්ඩ ?
------------------
@ බිඟුවා...!

වලිගෙට ජීවිත රක්ෂණයක් අරන් දීල තියෙන්නෙ

Sandun Dasanayake said...

කොච්චර හොඳයි කියලා යැව්වත් දියවන්නාව තරණය කරපු ගමන් මුන් ඔක්කොම නරක් වෙනවනේ. මම හිතන්නේ භූමි දෝශයක් වෙන්න ඇති.

දුකා said...

ade meka mama dakke nahane . . niyama post eka malayo . .. .
niyamai . . .. maxa . . .

Chanaka Aruna Munasinghe said...

@ දසයා

ඔව් ඒක ඇත්ත. අපි හොඳම අය තෝරල යැවුවත් එතනට ගිය ගමන් නරක් වෙනවනෙ
=================
@ දුකා

Tnx, Tnx :D

Unknown said...

හෆොයි මම නම් ඔව්වා කතා කරන්නේ නෑ,හොඳම යාලුවා මාව ඩිවෝස් කලානේ

Lawrence Permit Application said...

Thanks for this!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D