Sunday, February 14, 2010

කොටියා ආවෝ !!!


 

ඔන්න තවත් අලුත් අවුරුද්දක් උදා වෙලා. ඒ තමයි චීන අලුත් අවුරුද්ද. අපි අප්‍රේල් මාසෙදි අලුත් අවුරුද්ද සමරන්නෙ සූර්ය මාස ක්‍රමයකට අනුව. චන්ද්‍ර මාස ක්‍රමයකට අනුව සමරන චීන අලුත් අවුරුද්ද සමහර අවුරුදු වලදි ජනවාරි මාසයේදීත් තවත් සමහර අවුරුදු වලදි පෙබරවාරි මාසයේදීත් උදා වෙනවලු. මේ චීන කැලැන්ඩර් ක්‍රමයට අනුව හැම අවුරුද්දකටම අදාල සතෙක්,පාටක් සහ අමුද්‍රව්‍යයක් තියෙනවා. අද, 2010 පෙබරවාරි 14 වෙනිදාතමයි සුදු යකඩ කොටියාගේ අවුරුද්ද සමරන දවස. (අහම්බෙකින් වගේ මේ පාර අලුත් අවුරුදු දිනයත් ආදරවන්තයන්ගේ දිනයටම වැටිලා)

 

චීන සම්භවය ඇති අයගේ ජනගහනය බහුතරයක් වෙන සිංගප්පූරුවෙත් චීන අලුත් අවුරුද්ද ඉහළින්ම සමරනවා. සිංගප්පූරුවේ රජයේ නිවාඩු දින තියෙන්නෙ 11යි. එයින් දින 2ක්ම වෙන් කරලා තියෙන්නෙ චීන අලුත් අවුරුද්දට.  හැම තැනම වගේ රතු පාටින් විවිධ සැරසිලි. මගේ චීන ජාතික යාලුවො කියපු විදිහට ඒ අය රතු පාට වාසනාවන්ත පාටක් කියලලු සළකන්නෙ. ඒකලු  සැරසිලි හැම එකක්ම රතු පාට. ( සමහර විට රතුපාට වාසනාවන්තයි කියන එක  කොමියුනිට්ස්වාදී රතු සහෝදරවරු ඇති කරපු මතයක් වෙන්න ඇති ). චීන අලුත් අවුරුද්ද සඳහා එකිනෙකාට සුභපැතීමේදී පැණි දොඩම් ගෙඩි දෙකක් සහ කාසියක් / හෝ කාසියක් හැඩයට හදපු රසකැවිල්ලක් දෙනවා. (දොඩම් ගෙඩි දෙකක් දෙන්නෙ , වැඩිය කඩන නරක ළමයි හෙම නෙවෙයි හින්දා වෙන්න ඇති).

මේ පාර කොටි අවුරුද්ද උදා වෙන්න කලින් ලංකාවෙ කකුල් දෙකේ කොටියො වඳ වෙලා ගියා. මීලඟ කොටි අවුරුද්ද උදා වෙන 2022 වෙනකොට කකුල් හතරෙ ඇත්ත කොටියොත් ලෝකෙන් වඳ වෙලා යන්න පුලුවන් කියලා සමහර පරිසරවේදියෝ බිය පළ කරනවා.ඒ වෙනකොට කොටියො විතරක් නෙවෙයි මිනිස්සුත් ලෝකෙන් වඳ වෙලා යයිද දන්නෙ නැහැ. 2012 කළු වතුර මකරාගේ අවුරුද්දෙ ලෝක විනාශයක් වෙනවා කියලත් අනාවැකි තියෙනවනෙ.  

වැඩි දුර විස්තර:

Chinese New Year
=============
1.  Chinese New Year - Wikipedia [here]
2.  Chinese Horoscope Color Zodiac Animal Signs [here]

2012
===
1. 2012X7 [here
2. Divaina Article about 2012 [here]

[ 14 - Feb - 2010 ]


8 comments:

Anonymous said...

රතු වාසනාවන්තයි කියන එක කොමියුනිස්ට් කාලෙන් එන එකක් නෙවෙයි මම හිතන්නේ. ඉස්සර ඉඳන් තියෙන එකක්.

Siribiris said...

@ChamilaDeAlwis

ඔබ හරි.එය චීන අයගේ Taoism කියන දර්ශණය/ආගමේ එන එකක්.

kkroxc said...

he he singa koheda inne bun mama inne yewtee

malee_msg said...

හරි ශෝක්.. සිරාවටම 2012 දි මකරා ගේම දෙයිද අපිට?

Chanaka Aruna Munasinghe said...

@ ChamilaDeAlwis, Siribiris

ස්තූතියි,
එහෙනම් වෙන්න ඇත්තෙ මම කියපු එකේ අනිත් පැත්ත. රතු වාසනාවන්ත හින්දා චීන ජාතිකයො රතු සහෝදර වරුන්ට වැඩි කැමැත්ත දෙන්න ඇති :D
=======================
@ kkrox

Mama inne Clementi wala
=======================
@ malee_msg

අනේ මමනම් අහිංසක මකරා, ඇල් වතුරත් උණු කරලා නිවලයි බොන්නෙ. 2012 දි කළු මකරාගේ ජල ප්‍රහාරයෙන් මොනවා වෙයිද කියලනම් මම දන්නෙ නෑ

බිඟූ said...

මේකා නම් රතු කොටියෙක් නේද?
රතු පාට කියන්නේ සරාගී කියන එකනේ.
ඒ කියන්නේ සරාගී කොටියා කියන එකද?

/බිඟුවා...!

Chanaka Aruna Munasinghe said...

@ බිඟුවා...!

රතුපාට කියන්නෙ ආදරණීය පාටක්
මේ ඉන්නෙ ආදරණීය කොටියෙක්.

සංකල්ප said...

මකරා ලෝකේ විනාශ කරලා දායි ද ?

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D