Saturday, March 20, 2010

මැතිවරණ කාලෙට එක එක අයට එක එක කවි, සින්දු



අසන්නන් වෙනුවෙන් මකර FM® වෙතින්

පූර්ව මැතිවරණ කාලෙට :
=============

නිල් පාට අයට
අපිට කන්න දෙනවනම් , අපිට බොන්න දෙනවනම් අපිට , මොන කෙංගෙඩියද තව අපි ඕනෙ කියන්නෙ ♫♫♫

කොළපාට අයට
සාදුකින් පෙළෙනවුන් දැන්වත් නැගීටිවු. අන්තිම.. සටනට.. සැරසෙවු ♫♫♫

රතුපාට අයට
උනුත් එකයි , මුනුත් එකයි , අපි හැමදා ජොලියෙ ඉන්නවා ♫♫♫

රජුන් තනන්නන් අංක 1 ට -
යෙනවානම් අනේ යෙපි අරන්, යෙන තෙනකට යෙන්න රත්තරන් ♫♫♫

රජුන් තනන්නන් අංක 2 ට
වෝප්පොඩේ වෝප්පොඩේ ♫♫♫


පශ්චාත් මැතිවරණ කාලෙට :
===============

නිල් පාට අයට
මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය. ( aka. ආයුබෝවේවා මහ රජාණෙනි  ) ♫♫♫

කොළපාට අයට
මේ රටේ මිනිස්සූ , තනිකර කෙළින්නෙ පිස්සූ ♫♫♫

රතුපාට අයට
පෙර කලේ තැනූ පැල දැන් දිරාලා, එම කලේ බැඳපු වැට ගොනු කඩාලා  ♫♫♫

රජුන් තනන්නන් අංක 1 ට
යේක තමයි යෙපි කිවුවේ යෙපිව නෙතුව බේ කියලා. ♫♫♫

රජුන් තනන්නන් අංක 2 ට
වෝප්පොඩේ වෝප්පොඩේ ♫♫♫

********************************************************************
 මන්ත්‍රීධුර අහිමිවන හිටපු කැබිනට් ඇමතිවරුන් වෙනුවෙන් විශේෂයෙන්ම  

ගිය පාර උඩින් දින්නෙ මං, මේ පාර ඇපත් නෑනෙ බං. 
සිඤ්ඤෝරේ  සිඤ්ඤෝරේ ♫♫♫
********************************************************************

[ 20 - Mar - 2010 ]


10 comments:

Anonymous said...

සාරධර්ම බලු බල්ලට ගියාවේ.

රජුන් තනන්නන් අංක 1 සහ 2 ගැනනම් සම්පූර්ණයන්ම එකඟයි.
දෙමළ ජාතික සන්ධානය කොයි වෙලෙත් කියන්නෙ එකම සින්දුව. මුස්ලිම් අය වාසි පැත්තට හෝයියා.

Anonymous said...

ආයුබෝවේවා මහ රජාණෙනි ලිපියත් අතිවිශිෂ්ඨයි. එයද ඇතුළුව තවත් ලිපි කීපයක් කියෙවුවා. ඔබේ අදහස් ඉතාම නිර්මාණශීලියි. මට මෙ අඩවිය මෙච්චර කාලයක් මගඇරිලා තිබිලා තියෙන්නෙ. ඔක්කොම ලිපි ටික මුලක ඉඳන් බලන්න ඕනෙ. ලිපිවලට මාතෘකා යෙදීමේදී මීට වඩා ආකර්ශනීය සහ සවිස්තරාත්මක විදිහට මාතෘකා යොදන්න උත්සාහ කරන්න.

චතුරංග රූපසිංහ said...

හී හී

බිඟූ said...

හරිම හිනා තමා..
මකරා කියන එකේ ගැලපීමක් නැතුවාම නෙමෙයි...

තව ටිකක් දැම්මා නම් එල.
මේකට හරියන සින්දු එකසිය ගානට තියෙනවනේ..

එල වැඩේ කොහොම උනත්.


/බිඟුවා...!

sansarasidu said...

අදහස නම් නියමයි... තවත් එකතු කරල ගත්තනම් මරු...
හිහ් හී :D :D

Chanaka Aruna Munasinghe said...

@ Anonymous1

ෂ් ෂ්. Correctly Interpreted.
=======================
@ Anonymous2

ස්තූතියි. ලිපි වලට හොඳ මාතෘකා දාන්න උත්සාහ කරන්නම්
=======================
@ චතුරංග රූපසිංහ

:) :D
=======================
@ බිඟුවා...! & sansarasidu

ඔව් ඔව් ගැලපෙන ඒවා තව ගොඩාක් තියෙනවා. ඒවා ඉතින් කියවන්නන්ට හිත හිතා ඉන්න ඉතුරු කළා.

සමීර ශාකුන්තල said...

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමේදී ඔබ හොරුන්ට හා දූෂිතයන්ට අවස්ථාවක් නොදීමට ප්‍රවේශම් වෙන්න. ගාල්ල දිස්ත්‍රික්කකෙන් තරඟ කරන ගුණරත්න වීරකෝන් මැතිතුමා ඉතාම හොඳ මහත්මා දේශපාලනඥයෙකි. ඔබේ ඡන්දය ගුණරත්න වීරකෝන් මැතිතුමාට ප්‍රකාශ කර අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ දෑත් ශක්තිමත් කිරීමට ඔබේ දායකත්වය ලබා දෙන්න.

මාතෘකාවෙන් පිටවීම ගැන සමා වන්න.

Chanaka Aruna Munasinghe said...

@ Duplicate සමීර ශාකුන්තල

ඔබේ ඉල්ලීම ගැන සළකා බලන්නට පෞද්ගලිකව ලිඛිත email එකකින් දන්වන්න.

Buddhi said...

න මකරෝ මට දැනුයි එන්ඩ හම්බ උනේ, ඔය ඔක්කොම සින්දු ගැල​පෙනවා කියමුකෝ. හැම අවුරුදු 6 කටම පාරක් රැවටෙන අපේ ඡන්ද දායකයන්ටත් හොද සින්දුවක් දාපංකො උඔගේ ඔය FM එකේ.
''බැරි බර කරේ තියං දෙපයට වාරු අරං වගේ කොහොමද?''

Chanaka Aruna Munasinghe said...

@ බුද්ධි

- ඔබේ ඉල්ලීම පරිදි හැම අවුරුදු 6 කටම පාරක් රැවටෙන අපේ ඡන්ද දායකයන්ට මෙන්න එකට 2ක්ම -

1. පාන්දරින් පැරදුණු ඒ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නගී.
2. අහසෙ මාළිගා තැනුවට අපි පොළවෙයි සිටින්නේ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D