Monday, May 3, 2010

මේ ජීවන කතරේ - සැප දුක සමබර වේ !!!



"බල්ලෝ අපිට හරිම කීකරුයිනේ. බල්ලා අපිව සලකන්නේ උන්ගේ ස්වාමියා කියලා. ඒත් පූසගෙන් කවදාවත් එහෙම සැළකිලි බලාපොරොත්තු වෙන්න එපා. ගෙදර පූසා කොහොමත් ඉන්නේ ගෙදර උගේ, ඌ අපිට ගේ රෙන්ට් එකට දීලා වගේනේ... නැද්ද මං අහන්නේ...

මම ලියපු " ලංකාවට පූසො ගෙනාවෙ කවුද ? "  කියන ලිපියට පැතුම් පුංචිහේවා සහෝදරයා දක්වපු අදහසක් ඒ. ඔය උඩින් තියෙන පින්තූරෙ බැලුවම ඒ කතාවෙ ඇත්තක් නැත්තෙත් නෑ කියල හිතෙනවා.

හැබැයි ඉතින් සමහර අය කිරි, මාලු ඔලු වගේ දේවල් දීල පූසට රෙන්ට් එක ගෙවනවට අමතරව පූසන්ගෙන් වැඩිපුර ලකුණු දාගන්න කියලා අමතර සැළකිලිත් දක්වනවා. හැබැයි ඉතින් ඒ වැඩි සැළකිලි දක්වද්දි පූසන්ගෙ පැත්තෙන් හිතන්නෙ නැති එක තමයි වැරැද්ද. ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුවනම් මේ වගේ අවස්ථාවකදි පූසගෙ නිර්දේශ රාමුවට සාපේක්ෂව තමයි බලන්න ඕනෙ. එහෙම කළේ නැති වුනාම වෙන දේ පේනවා නේද. (පහළ පින්තූරෙන් )


දිය පාරක් ලඟ යාන්තමට රත් වෙච්ච ගල් තලාවක දිගා වෙලා කකුල් දෙක වතුරෙ ඔබාගෙන ඉන්නකොට මාර සනීපයි. හැබැයි ඉතින් ඒ සැප ගල රත් වෙනකම් විතරයි.


[ 03 - May - 2010 ]

9 comments:

ගීතික බුලත්සිංහල said...

මේ කොහෙද කබරගොයා වගෙ දිගා වෙලා ඉන්නෙ ?

හා පැටික්කි (MS) said...

ෂිහ් ඔයාගෙ පූස් කතාවට මට උත්තරයක් තියෙනව.
ඒත් දැන් දාන්න විදියක් නෑ. :( :( :( :( :(
පස්සේ කාලෙක මගේ බ්ලොගේම දාන්නම් අයියේ.......

දුකා said...

පූසෝ නම් මකරා මකරා නම් පූසෝ . . .

උඹලගේ ගමේ පූසෝ ටිකට දෙයියන්ගේම පිහිටයි . . හික්ස්

Unknown said...

අපේ පූසත් මේ පාටමයි

Chanaka Aruna Munasinghe said...

@ ගීතික දිල්රුක්

කබරගොයි උඩුබැලි අතට දිගා වෙලා ඉන්නවා කියල ඇහුවමයි.
ස්ථානය: රත්න ඇල්ල, මහියංගනය
===================
@ හා පැටික්කි (MS)

අනේ ඉක්මනට කියපියෝ. ඒක අහනකම් මට ඉවසිල්ලක් නෑ.හා හා කමක් නෑ. හදිස්සියක් නෑ. ආයෙ මේ පැත්තට පැනපු දවසක ලියන්නකො. ලියපුවම අමතක නොකර මට ඊ ලියුමක් දාල මතක් කරන්න
===================
@ දුකා

මම මකර අධිරාජයානෙ ඉතින්. මියව්වො. බවුවො, තැත්තො , කාක්කො ඇතුළු සියළුම සතුන් මගෙ තමයි ඉතින්
===================
@ වින්ධ්‍යා

මේ පාටමයි කිවුවෙ? නාවල ගත්තට පස්සෙද ? එහෙම නැත්තන් නාවන්න කලින්ද මේ පාට ?

ගීතික බුලත්සිංහල said...

1 ව්‍යවස්ථා සංශෝධනය ආ වැරදුනා කොමෙන්ට් සංශෝධනය. මැරුණ කබරයෙක් වගේ. :p

අනුරාධ said...

එක්කො මූ ගිය ආත්මේ පූසෙක්. නැත්නම් තනිපංගලමෙ කොහේ හරි යද්දි පූස් දිස්ටියක් වැහිලා.

Chanaka Aruna Munasinghe said...

@ ගීතික දිල්රුක්

එහෙම හිතෙන හිතෙන විදිහට සංශෝධනය කරන්න බෑ.
2/3 ඕනෙ.

================
@ අනුරාධ

උඩම තියෙන ෆොටෝ දෙකේ ඉන්නෙ මේ ආත්මෙ පූසලා.
යටම ෆොටෝ එකේ ඉන්න මම මකරෙක්නෙ. මකරුන්ට ගිය\ලබන ආත්ම නෑ

සංකල්ප said...

මේකා මකරෙක් කිව්වට පූසෙක් මයේ හිතේ.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D