Saturday, July 10, 2010

උපවාස කිරීමේ විකල්ප ක්‍රම


අතීතයේ එක්තරා දිනයක, එක්තරා විශ්වවිද්‍යාලයකදී:

ලොකු සහෝදරයා: "සහෝදරවරුනි, අපි මේකට විරුද්ධව උපවාසයක් කරන්න ඕනෙ"

පොඩි සහෝදරයෙක්: "ඒක කොහොමද කරන්නෙ?"

ලොකු: "කෑම කන්නෙ නැතුව ඉන්න ඕනෙ. අපි සනාතන මන්දිරය ඉස්සරහින් නැගිටින්නෙ නෑ ඉල්ලීම් ලබා දෙනකම්"

පොඩි: "ඒ කිවුවෙ ලන්ච් ටයිම් එකේදිවත් කැන්ටිමට එන්නෙ නැද්ද කන්න?"

ලොකු: "තොපිට පිස්සුද බොලව්. #$%&&&***@@@ ."

පොඩි: "අනේ කන්නෙ නැතුව ඉන්න අමාරුයිනෙ. බඩගිනි වෙනවනෙ ?"

ලොකු: "#$%&&&***@@@ ,එහෙනම් තොපි මේකට මොකක්ද කරන්න කියන්නෙ?"

පොඩි: "ඉල්ලීම ලබා දෙනකම් අපි නාන්නෙ නැතුව ඉමු !!!"

අනුග්‍රහය: 
මන්චී !!!
නයිස් අයටයි නෝටි අයටයි

[ 10 - Jul - 2010 ]

23 comments:

ඉලංදාරියා said...

එකත් හොදා ගද දැනෙනකොට නිකම්ම ඉල්ලීම් තික ලබාදෙයි......

පුතා said...

ෂාහ්.. හරි ෂෝක් idea එක මචං...

Anonymous said...

ඒකත් මරු අයිඩියා

C0de BlUe said...

අඩේ මරු අයිඩිය එකනේ , ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ !!! ලොල් !!

GNS said...

මේකට නම් අනුග්‍රහය දෙන්න ලයිෆ්බෝයි තොරගමු..

කතන්දර Kathandara said...

මකරා එදා ඉදල තාම නාල නැහැල්ලු.
තවත් චීන මකරෙක් වෙන මාඕ සේඩොං කාරයත් අවුරුදු 19ක් ද 29ක් ද කොහෙද නෑවෙ නෑ කියනවනේ.

අමුතු.... said...

මේ අද උපවාස කරල ඉවර කරපු එකාත් ඔය ක්‍රමේ භවිතා කරානම් කොච්චර හොඳද...... එහෙනම් මේ TV කාරයෝ ළගට ගිහිල්ල පෙන්නන්නෙ නෑ නේ..... :( :(

Jay said...

මරු අයිඩියා එක..
:D

BLOG ගඩොල් said...

මරු කතාව මචෝ! ආ..ඒක නෙවෙයි, අපි ඊළගට දාන්නෙ පූසන්ගෙ රැවුල්ගස් කපපු හැටි ගැන කතන්දරේ. අර ඔබතුමා එදා ඇහුවෙ...

♠GaŋGster♠™ said...

අඩෝ පිස්සු කොර බන්....නියම අයිඩියා එක.. :) මැක්සා...

Bunny said...

මම මොකක්ද කියන්නෙ ? මුන් එක්ක බැහැනෙ ඔක්කොම කියලනෙ...එක අසාදාරණයි....

Anonymous said...

නියම අදහස.........එතොකොට උපවාස සදහා වඩි ඩෙනෙකුගෙ සහභාගි කර ගන්නත් පුලුවන්නේ.........

මාරයාගේ හෝරාව said...

එදා පටන් ගත්ත වැඩෙ තාම මකරා අඛණ්ඩව කරගෙන යනවා කියලයි ආරංචිය.

ඉන්දික උපශාන්ත said...

ඔව් ඉතින් ඔය උපවාස වලට යෑමම ඇදගෙන නෑමක්නෙ නේද!

Chanaka Aruna Munasinghe said...

@ ඉලංදාරියා

උපවාසය කඩාකප්පල් කරන්න වතුර ගහයි
===========

@ පුතා,sameerausa,හිඟන්නා,Ansh, ♠GaŋGster♠™ , Anonymous

ක්‍රියාත්මක කරලම බලන්න. :D

Chanaka Aruna Munasinghe said...

@ ගයන්ත

මන්චී තමයි නෝටි අයටයි නයිස් අයටයි අනුග්‍රහය දක්වන්නෙ.
ලයිෆ්බෝයි එකටත් කියම සම අනුග්‍රහය දෙන්න කියලා
=================
@ අමුතු....

උන්නැහේට ඒක කරන්න අමාරුයි. කාලෙන් කාලේට උන්නැහේට ඇදගෙන නෑවෙ නැත්තන් අමුතු කැසිල්ලක් හැදෙනවනෙ

Chanaka Aruna Munasinghe said...

@ කතන්දරකාරයා

හා හා, අර පවුල් රැවුල් කතාවට රිටන් එකක් දෙන්න පොටක් හොය හොයා නේද ඉන්නෙ. පරිස්සම් වෙන්න වෙයි වගේ
=========
@ blog gadol

ස්තූතියි. පූසො නාවපු කතන්දරත් ඇති නේද සමහර විට

Chanaka Aruna Munasinghe said...

@ Bunny !

අසාධාරණයි තමයි. අසාධාරණයට විරුද්ධව උපාවාසයක් කරන්න
===========
@ මාරයාගේ හෝරාව

හරි ගියේ නෑ, අලුත් අවුරුද්දටයි පරණ අවුරුද්දටයි හිසතෙල් ගා ස්නානය කරන්න වුනානෙ

Chanaka Aruna Munasinghe said...

@ ඉන්දික උපශාන්ත

ඇදගෙන නෑමක් සහ ඉල්ලන් කෑමක්

Hasitha Gunasinghe said...

බෑන් කී මූන්ටත් ඔහොම සබ්බුවක් තමා දෙන්න තිබුණේ. ඌරෙක් සිංහයෙක්ට චැලේන්ජ් කරලා දිනුවා කියන්නෙත් මෙහෙම හුටපටයක් කරලා නේද ? :)

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

ඔවුමයිනෙ, එහෙම කතාවකුත් තියෙනවා. අපේ ජනකතා වලින් ආදර්ශයක් ගන්න ඕනෙ.

නලිනි චන්දිමා said...

:D වඩා සාර්ථක ක්‍රමයක්!

Chanaka Aruna Munasinghe said...

@ නලිනි චන්දිමා

:D . මේක අර ප්‍රසිද්ධ උපවාසෙ දවස් වල ලියපු පෝස්ට් එකක්.
මේක කියවල වෙන්න ඇති දැන් කට්ටිය වඩා සාර්ථක ක්‍රම අනුගමනය කරන බව තමයි පේන්නෙ.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D