Tuesday, July 20, 2010

බබ්බුන්ගේ කතා



බබ්බුන්ගේ පාරිභාෂික ශබ්ද මාලාව ටිකක් අමුතුයි. බල්ලා නෙවෙයි බව්වා, හරකා නෙවෙයි තැත්තා . ඔය වගේ වචන ගොඩාරියයි. සමහර වචන ඒ ඒ බබ්බුන්ටම ආවේණිකයි. ඒ වචන නොදැන බබ්බුත් එක්ක ගණුදෙනු කරන එකත් හරි අමාරු වැඩක්. පොඩ්ඩ බැරි වුනොත් අඬනවනෙ.

ඔන්න එකමත් එක දවසක ගෙවල් කීපයක කට්ටිය අපේ ගෙදර ආවා. එක එක වයස් වල චූටි බබ්බුත් කීපදෙනෙක්ම හිටියා. ඉතින් ඔය බබාල ඔක්කොමට එකම මේසෙ බයියං කන්න ලෑස්ති කලා. අතින් කන්න පුළුවන් බබාලට අතින් , එහෙම බැරි බබාලට අම්මලගෙ අතින්. බබ්බුත් හරි කැමති වුණා එහෙම එකට වාඩි වෙලා කන්න.

ඔන්න ඉතින් වැඩේ නැගල ගියා. වෙනදට කන්නෙ නැති බබාලත් අනිත් බබාලත් එක්ක තරඟෙට කනවා. ටිකකින් එක බබෙක් කාලා ඉවර වෙලා තරඟෙන් ඉවත් වුණා. "ආ පුතා , කාල ඉවරද? එන්න මම ජොජෝ දෙන්නම්" කියල ඒ බබාගෙ අම්ම ඒ බබාව එක්කන් ගියා.
 
ඕක දැකපු තව බබෙක්ගෙ මූණ හොඳටම ඇඹුල් වුනා. 

"අම්මි මට ජොජෝ ඕනෙ"

"ජොජෝ නෑ පුතේ , බත් කාල ඉන්නකො , මම බම්බා ගෙඩියක් දෙන්නම්"

 "නෑඈඈඈඈ ජොජෝ තියෙනවා"

"කවුද කිවුවෙ?, ජොජෝ හැදුවෙ නෑ පුතේ

ඒ බබාගෙ අම්මා දැක්කෙ නෑ තව බබෙකුට ජොජෝ දෙන්නම් කියලා එක්කගෙන ගියපු එක. ඉතින් මේ බබා අසාධාරණයට විරුද්ධව අඛණ්ඩව සටන් කරනවා.

පස්සෙ තමයි පටලැවිල්ල තේරුම් ගියේ. එක බබෙක් ජොජෝ කියන්නෙ වතුර වලට. අනිත් බබා ජොජෝ කියන්නෙ දොදොල් වලට. අන්තිමට හැමෝටම බම්බා ගෙඩිය ගානෙ දීල තත්වය සමනය කර ගත්තා .
==================
 
බබ්බුන්ගෙ භාෂාවෙන් අපි කතා කරන්න ගියාම සමහර විට අපිටත් නොහිතන අකරතැබ්බ වෙනවා.

එකමත් එක රටක හිටිය හා පැටියගෙ කතන්දරේ කියල දීපු නවෝදයි මමයි දෙන්නම දැනට වඩා චූටි කාලෙ එකමත් එක දවසක මම එයාව වඩාගෙන ඇවිද ඇවිද හිටියා.

ඔන්න ඔය අතරෙ අපි හිටපු හරියෙන් පූසෙක් ගමනක් යන්න එනවා. මම නවෝදාට පූසව පෙන්නුවා.

"අන්න කිටියෙක්"

"නෑඈ.. පූඌ...සෙක්"

ඉතින් මමත් සෙකන්ඩ් වෙන්න කැමති නෑනෙ.


"කිටියෙක්ක්ක්ක් ..."

"නෑඈඈ ... පූඌඌඌ.....සා කියල කියන්නෙ"  (එහෙම කියන ගමන් මගේ මුණත් කෙනිත්තුවා)

"කිටිය කියලත් කියනවා"

"නෑඈඈ"

"එහෙනම් ආපහු ගියාම අම්මගෙන් අහමුකො"

ඔන්න ඉතින් අපි ආපහු ගියාට පස්සෙ

"අම්මා, පූසා කොටියෙක්ද ?? පොඩි මාමා කියනවා පූසා කොටියෙක්ලු"


[ 20 - Jul - 2010 ]

22 comments:

h said...

අඩේ ඇත්තටම එහෙනම් මේ කොටිය කියන එකද දන්නෙ නෑ කිටිය වුණේ...

Anonymous said...

ලස්සනට ලියල තියෙනවා කතාව... මේක කියෙව්වම මටත් කතා දෙක තුනක් මතක් උනා..ඉඩ ඇති වෙලාවක ලියන්නම්

Unknown said...

එල කතාව..

හා පැටික්කි (MS) said...

පොඩි මාම ඉපදුනු දවසේ ඉඳන් කිටීල එක්කද ගණුදෙනු කලේ???????

මං අදමයි ඔය තැත්ත කියන වචනේ ඇහුවේ. හරක්ට බුම්බ කියනව, චක්ක කියනව,දෙකම එකතු කරල බුම්බ චක්කත් කියනව නම් අහල තියනව.

දැන් ඩොක්ටර්ස්ල බනිනව ඔය අමුතු ශබ්ධ කෝශයට. දැන් කියන්නෙ සූටි කාලේ ඉඳම්ම හලි වචනෙට හුලු කලන්න කීල............ :)

මාරයාගේ හෝරාව said...

ඇයි තව කතාවක් තියෙනවා නේද..
අර ඇන්ටි කෙනෙක් බඛෙක් එක්ක බාබා භාෂාවෙන් කතා කරන්න ගිහින් නෝන්ඩි වෙච්ච..?

Anonymous said...

හරිම ෂෝයි පෝස්ට් එකක්!!! සමනලිටත් තිබුනා චූටි කාලෙ සෝක් වචන මාලාවක්.... පුලුන් = පුලං, වැලමිට=මොලමිට..... :D
තවත් ගොඩක් වචන තිබුනා...... ඒත් පොඩ්ඩන්ගේ කතා අහන් ඉන්න හරිම සුන්දරයි..... සමනලීගේ මල්ලිට චූටි කාලේ "ක" කියවෙන්නේ නෑ ඒ වෙනුවට කියවුනේ "ත" ඉතින් එයා කතා කරද්දි තාත්තා=කාක්කා උනා... කෑම=තෑම උනා..... හරිම ෂෝයි....

පිස්සා පලාමල්ල said...

ලේසි නැහ පොඩි උන් එක්ක ගනු දෙනු....

කතන්දර Kathandara said...

වයස හරි වගේ නිකං බබ්බු ගැන කතා ලියන්න හිතෙන්නේ...!!!

Chanaka Aruna Munasinghe said...

@ h

ඒකනම් හරියටම දන්නෙ නෑ. කොටියෙක්ගෙනුයි කිටියෙක්ගෙනුයි අහල බලන්න වෙනවා හරියටම දැනගන්නනම්. කොහොම වුණත් කිටියොයි කොටියොයි දෙගොල්ලොම එකම පවුලෙ අය.වැඩි විස්තර සඳහා මේක බලන්න.

http://status-chanaka.blogspot.com/2009/02/blog-post_09.html

Chanaka Aruna Munasinghe said...

@ sameerausa

ස්තූතියි, අපිත් එන්නම්කො බබා කතා කියවන්න
==============
@ වැම්පයර්

ස්තූතියි
==============
@ හා පැටික්කි (MS)

මමත් චක්කා කියන වචනෙනම් ඇහුවමයි. බුම්බා කියන වචනෙනම් අහල තියෙනවා ඉඳල හිටලා. ඒ වුනාට අපිට වැඩිපුරම හිටියෙ තැත්තෝ.

දොත්තලලට පිච්චු. බබාල වුණාම බබාල විදිහට කතා කරන්න ඕනෙ.

Chanaka Aruna Munasinghe said...

@ මාරයා

අනේ ඒ කතාව මම දන්නෙ නෑ. බබෙක් එක්ක බබා භාෂාවෙන් කතා කරපු හුරතල් ඇන්ටිගෙ කතන්දරේ කියන්නකො අපිටත් දැනගන්න
=================
@ punchisamanalee

අපේ මාමගෙ පොඩි පුතාටත් ඔය කයනු තයනු ටැපලෙන ලෙඩේ තිබ්බා. එයා කූඹින්ට කිවුව තෑඹි කියල.

සමනල් භාෂාව ගැන ලිපියක් ලියන්නකො අපිටත් ඉගෙන ගන්න

Chanaka Aruna Munasinghe said...

@ පිස්සා පලාමල්ල

ඔව් ඔව්. පිස්සටත් අත්දැකීම් තියෙනව වගේ. කියමුකො බලන්ඩ අපිටත් අහගෙන ඉන්න
===============
@ කතන්දරකාරයා

කතන්දර කාරයා පවුල රැකගන්න පල්ලං පොලු දාන වයසෙ වුනාට අපිනම් තවම බබා වයසෙ

Anonymous said...

අර මලුවගේ අගේ ඉන්න මෑක්කා ගෙ කතාව වගේ කොහෙන් හරි ඉවර වෙන්නෙ බලල් තඩියෙක් ගෙන් ම තමඉ..........කොහොම වුනත් ලස්සන කතාව.........

Bunny said...

හික් හික් හික් :D මාත් පොඩි කාලෙ වතුරවලට කිවෙ දෝ කියලලු :D :D හික් හික් හික් මරු කතාව :D

Chanaka Aruna Munasinghe said...

@ Anonymous

මාලුවන්ගෙ ඇඟේ මැක්කො නෑ

ඔවුමයිනෙ. කොටියා කියන්නෙ තඩී බළලෙක් තමයි. ඒ වුණාට කිටියා තරම් හුරතල් නෑ. ස්තූතියි ප්‍රතිචාරයට
====================

@ Bunny !

හා හා, ඔය එළියට එන්නෙ හා භාෂාවෙ වචනත්

හා පැටික්කි (MS) said...

හිහ්............ චක්ක කියන්නේ හරක් එලවන්නේ චක් චක් ගගා නිසයි........

වතුරවලට දෝ, ජෝ,
සපත්තු වලට පත්තු,
බල්ලොන්ට බවුව,
ගින්දරවලට දයිය පුච්චු,ඔය අපේ පුංචිගේ බබාගේ බාසවේ ඉතිරි වචන. චක්ක නම් ගොඩක් වෙලාවට අහල තියනව........

Hasitha Gunasinghe said...

තෝයි කතාව. තව කතාවක් කියන්නකෝ, නැත්තම් තලහයි ඕන්

Chanaka Aruna Munasinghe said...

@ හා පැටික්කි (MS)

බෝ, බූවං = වතුර
පපං = පපඩම්
දයියා කියනව මිරිස්/සැර/උණු කියන තේරුම් වලටත්
බෲම් = පොදුවේ ඔක්කොම වාහන

තව වචන තියෙනවා.

=====================
@ Hasitha

කවුද කවුද මේ තූති බබා. අඬන්න එපා බබෝ දැන් දොයියන්නකො. මතක් වුණාම/නිවාඩු පාඩු වෙලාවක ආයෙ කතන්දරයක් කියන්නම්කො

Jay said...

මරු කතාව..

Chanaka Aruna Munasinghe said...

@ Ansh Lucky Sri Jay

ස්තූතියි

Gayan Tharaka said...

තා මතල අයිය. බබ්බා කතා කියනවා තෝයි ආ..

Chanaka Aruna Munasinghe said...

@ ගයාන් තාරක

බබා කතාව වුණාට මේක ලියල තියෙන්නෙ ලොකු අයට කියවන්න ලොකු අයගෙ භාෂාවෙන්. මම ඒත් බැලුවා කවුද මේ බබා භාෂවෙන් comment දාපු හුරතල් බබා කවුද කියල. බලනකොට නාකි හුරතල්නෙ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D