Saturday, August 14, 2010

රොබින්හුඩ්, කඩුකාරයෝ සහ ජෙනරාල්වරු



රොබින්හුඩ්ගෙ කතන්දරේ කියන්නෙ මම කැමතිම කතන්දර වලින් එකක්. මෑතකදී අළුත්ම රොබින්හුඩ් චිත්‍රපටියක් තිරගත වුණා. ඒකෙ රොබින්හුඩ් චරිතයට රඟපෑවෙ පරණ ජෙනරාල්වරයෙක්. ඒ තමයි කඩුකාරයා(Gladiator) චිත්‍රපටියේ හිටපු රෝම අධිරාජයාගේ අකටයුතුකම් වලට විරුද්ධව සටන් කරපු ජෙනරාල් මැක්සිමස් .

කොහොම වුණත් ජෙනරාල් මැක්සිමස්ගෙ චරිතයට වඩා මම කැමති රොබින්හුඩ්ගේ චරිතයට. රජවරුන්ගේ අකටයුතුකම් වලට විරුද්ධව කරන සටනකදි හමුදා නීතියට යටත් ජෙනරාල් වරයෙකුට වඩා කැළෑ නීතියට යටත් ,හ(ර්)න් කෙනෙකුගෙ පිහිටාරක්ෂාව ලබන රොබින්හුඩ් කෙනෙක් වඩාත් සුදුසුයි කියලයි මට හිතෙන්නෙ. ඒ කිවුවෙ ලංකාවෙ හැටියටනම්  අයියනායක දෙවියන්ගෙ පිහිටාරක්ෂාව ලබන සරදියෙල් කෙනෙක් ??

මේ තියෙන්නෙ ජෙනරාල් මැක්සිමස් කොටියෙක් එක්ක සටන් කරන දර්ශනයක්.
හැබැයි මේක ජෙනරාල් කොටියට අතට අත දෙන දර්ශනයක් කියලත් කෙනෙකුට කියන්න බැරිකමක් නෑ. බලන්නකො දෙන්න අත් අල්ලගෙන ඉන්න අපූරුව

[ 14 - Aug - 2010 ]

31 comments:

෴ හසියා ෴ said...

මගෙත් කැමතිම කතා පෙලක් තමයි ඔය රෙබින් හුඩ්සීරීස් දෙකම.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.බලං යනකොට හැම රටකම වාගේ ජනතා හිතවාදී පොරවල් ඉන්නවා නේද?හැබැයි ඒ අයගේ අවසානය සිදුවුනෙත් ජනතාව වෙනුවෙන් සේවය කරන්න ගිහින්, ඒ ජනතාව‍ගේම පාවාදීම් නිසයි.එහෙම බලපුවහම ජනතාව ආත්මාර්ථකාමී පිරිසක්.ජනතාව කීවාම අපිත් අයිතියි නේද?
මකර රජාටත් අයියනායක දෙවියන්ගේ පිහිටයි....!!!

මාරයාගේ හෝරාව said...

ආ මෙ ඔය කියන්නේ මෙ අපේ රසල් කපුටා ගැන නෙව...

BLOG ගඩොල් said...

හික් හික්!! ජෙනරාල්ලා ගැන කතා කරලා මකරත් දේශද්‍රෝහියෙක් වෙන්නද කල්පනාව???

හරී - පිණිපළස said...

රොබින් හුඩ් කතාව නම් කොයිකාලෙ උනත් බලන්න පුලුවන්, ඒත් මේ මකර රජා කියලා තියෙන දේ තෝරා ගන්න මට නම් අපහසුයි,,, මකරාටත් මකර දෙයියන්ගේම පිහිටයි !!!!!

Jay said...

හ්හ්ම්ම්.. රොබින් හුඩ් කතාවට නම් කොයි කාලෙත් මම කැමතියි.....................................................

Supun Sudaraka said...

සහෝදරය යුද්ධාධිකරණයට යන්න වගේ...

Abeetha Edirisinghe said...

ඔය අනන්මනන් වචන දාලා පස්සෙ කියන්න එපා අයෙ මෙන්න මට කෙලිනවෝ එහෙම කියලා.... ඕන්න අපිනම් නෑ..

රොබින් හුඩ්, ටාසන් පෙන්නපු අපේ අය සරදියෙල් හැදුවෙ නැත්තෙ අයි දන්නෙ නෑ.. පොඩි අයට පෙන්නන්න සුදුසු විදිහට...

මොනා උනත් අපිට පොඩි ආතල් එකක් යන්න රොබින්හුඩ් මියුසික් එකම ඇතිනෙ මකරො... නැද්ද?

පුතා said...

මකරට හීනෙන් සුදු වෑන් එහෙම පෙනෙනවැයි...

වන්නි said...

ෂර්වූඩ් වනයේ රොබින්හුඩ් ට තමා මාත් කැමති. ඩුප්ලිකේට් ලානම් කීදෙනෙක් ආවද? ඒ එකක් වත් අර තරම් වදින්නේ නෑ. දැන් දුන්නත් බලනවා ඕං...

"හර්න් ප්‍රොටෙක්ට්ස් අස්" :-)

Buddhi said...

කුෂාන් ඈස් කියන්නෙ මම කියන්න හිටපු ​දේමයි! දන්නවකෙ මකරා උඹ මම ගැන නේ!

RanDil said...

මොකෝ මකරාට මකාරාධිපති තනතුරු කලා ඇති වෙලාද? ශ්වේත වර්ණාලේපිත රක්ත වර්ණ රථයකින් යන්න අවැසි වෙලාද?

priyantha said...

කැළැ නීතිය අනුව යන රොබින්ල නම් ඔය ඕන තරම් ඉන්නේ.

පිස්සා පලාමල්ල said...

මේ කියන්නෙ නම් ශර්වුඩ් වල රොබින් ගොයියා ගෙ පිහිට ඕනි වෙන කතාවක් නොවැ. පරිස්සමින් මකරො මේ කාලේ

Chanaka Aruna Munasinghe said...

@ ෴ හසියා ෴

අනේ මමනම් ජනතාවට අයිති නෑ. මොකද මකර රජදහනෙ අධිරාජයා මමනෙ.

හසියා ඇතුළු ජනතාවට අයියනායක දෙවියන්ගේ පිහිටයි....!!!
=================
@ මාරයාගේ හෝරාව

ඔව්. බලාගෙන ගියාම මේ මාරය නොදන්න කෙනෙක් නෑනෙ. මාර මාරයෙක්නෙ. ඔව් ඉතින් එහෙම නැතුව මාර ජොබ් එක කරන්නත් බැහැනෙ. ඒක නෙවෙයි කියන්න බැරිද මට පිං කර ගන්න කොච්චර කල් ඉතුරු වෙලා තියෙනවද කියල. ඕනෙනම් හඳහන් කොපියකුත් එවන්නම්

Chanaka Aruna Munasinghe said...

@ blog gadol

මම මේ කියන්නෙ ඒරොප්පෙ හිටපු මනඃකල්පිත ජෙනරාල් කෙනෙක් ගැනනෙ. මකරු කියන්නෙ දේශප්‍රේමී නෙවෙයි ලෝකප්‍රේමී ජාතියක්
================
@ හරී

මෙහෙමනේ. ජෙනරාල් මැක්සිමස් කියන්නෙ රෝම අධිරාජයාගේ අකටයුතු කම් වලට විරුද්ධව සටන් කරපු කෙනෙක්. රොබින්හුඩ් කියන්නෙ එංගලන්ත රජවරුන්ගේ අකටයුතු කම් වලට විරුද්ධව සටන් කරපු කෙනෙක්. ඔය චරිත දෙකම රඟපෑවෙ එකම කෙනෙක්. ඔය චරිත දෙකෙන් මම කැමති රොබින්හුඩ්ගෙ චරිතෙට. රොබින්හුඩ්ගෙ චරිතෙට කිට්ටුවෙන් යන චරිතයක් තමයි උතුවන්කන්දේ සරදියෙල්. රොබින්හුඩ්ට අමාරු අවස්ථා වලදි පිහිටට ආපු හ(ර්)න් කියල කැළෑ දෙවි කෙනෙක් හිටියා. ලංකාවෙ කැළෑ නීතියට අධිපති දෙවියො තමයි අයියනායක දෙවියො.

ඔන්න මම චිත්‍රපටිය නොබලපු අයටත් තේරෙන විදිහට ලිපියත් වෙනස් කරා. දැන් කතන්දරේ තේරුණාද ළමයට ?

Chanaka Aruna Munasinghe said...

@ Ansh Lucky Sri Jay

ඒකනෙ මාත් මේ කියන්නෙ. කඩුකාරයට වඩා වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් රොබින්හුඩ්ට තියෙනවා
===============
@ Supun Sudaraka

ඈහ් , බ්ලොග් අවකාශයත් හමුදා නීතියට යටත්ද? මම හිතුවෙ යුද්ධාධිකරණ තියෙන්නෙ යුද්ධ කරන්න හොඳට දන්න කට්ටියට විතරයි කියලා

Chanaka Aruna Munasinghe said...

@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

අපොයි මේ හැමෝම වැරදියටනෙ තේරුම් අරං ඉන්නෙ. ඔන්න ඔය මම @ හරී ට ලියපු ටීකාව කියවන්න කතාව තේරුණේ නැත්තම්.

මෙහෙමනෙ , රොබින්හුඩ්, ටාසන් කියන්නෙ සුද්දො. රොබින්හුඩ් කියන්නෙ නයිට්වරයෙක්ගෙ පුතෙක්. ටාසන් කියන්නෙ සාමිවරයෙක්ගෙ පුතෙක්. සරදියෙල් කියන්නෙ සුද්දෙක් නෙවෙයි. එයා නිකංම නිකං අදාසි අප්පුගෙ පුතා. දැන් තේරුණා නේද ?
===============
@ පුතා

අනේ අපිටනම් පෙනෙන්නෙ සෙල්ලම් කාර්

Chanaka Aruna Munasinghe said...

@ කුෂාන් ඇස්. වන්නිආරච්චි

ඒකනෙ මාත් මේ කියන්නෙ. මේ කට්ටියක් වෙන මොකක්දෝ තේරුම් අරගෙන
===================
@ බුද්ධි

ආ මේ ඉන්නෙ කෙහෙල් කොරටුවේ රොබින්හුඩ්. ඒ වුණාට ඔබතුමා එකපාරක් හ(ර්)න්ට පිටුපෑවා නේද. ඒකට දඬුවමක් විදිහට දැන් ඔබතුමා ගුවන් හමුදා නීතියට යටත් කරලයි තියෙන්නෙ

Chanaka Aruna Munasinghe said...

@ RanDil

අපිනම් අපේ අත්තටු වලින්ම පියාඹලා යනව මිසක්ක ඔය අනන් මනන් රථ වල යන්නෙ නැතෝ
=============
@ priyantha.ඒබී

කැළෑ නීතියට අනුව කටයුතු කරන හැමෝම රොබින්හුඩ්ලා නෙවෙයි

Chanaka Aruna Munasinghe said...

@ පිස්සා පලාමල්ල

ඔන්න ඔන්න ඉතින්. රොබින්හුඩ් කියන්නෙ එංගලන්තෙ සුද්දෙක් . එයාගෙ උදවු ඉල්ලුවොත් මම නිකංම දේශද්‍රෝහියෙක් වෙනවානෙ

Chanaka Aruna Munasinghe said...

මෙන්නෝ මෙයාලත් රොබින්හුඩ් ගැන ලියලෝ

http://www.silumina.lk/2010/08/15/_art.asp?fn=av1008159

Hasitha Gunasinghe said...

සරදියෙල් හිටිය පැත්තට අධිපති වුණේ අයියනායක නෙමෙයිනේ. වෙන කවුරු හරි දෙවි කෙනෙක් නේද ?

වන්නි said...

@බුද්ධි-- ‍විනාසයි යකෝ කුෂාන් ඈස් නෙමෙයි ඇස්. ඕක උඹ ඉංගිරිසයෙන් ලිව්වනං මං විනාසයි. :-)

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

ඔව් ඒ පැත්තට ගම් වලට අධිපති පිටියේ දෙවියෝ. දැඩිමුණ්ඩ දෙවියොත් ඒ පැත්තෙමයි. ඒ වුණාට කොයි පැත්තෙ තිබ්බත් කැළැ අයිති අයියනායක දෙවියන්ට
=======================
@ කුෂාන් ඇස්. වන්නිආරච්චි

????
වැරදි බ්ලොග් එකක වගේ comment එක දාල තියෙන්නෙ. බුද්ධිව අමතන්න සයිබර් යායට ගොඩවන්න

Buddhi said...

කුෂානයා,
ලො​ලෝ,ලොලෝ, සොරි වෙන්ට ඕනා!හාලිට කොහොමද?

Chanaka Aruna Munasinghe said...

@ කුෂාන් ඇස්. වන්නිආරච්චි

හා හා මම දැන්නෙ දැක්කෙ බුද්ධි කරල තියෙන වැඩේ. පෙනෙන හැටියටනම් හිතා මතාමයි කරල තියෙන්නෙ. මම හිතුවේ සයිබර් යායෙ හුටපටයක් ගැන වැරදිලා මෙතන කරා කියලා

වන්නි said...

එළ එළ ඒවා ඔක්කෝම හරී... තවඩිංගෙං මකර රජ දහන ඇඩල්ට්ස් වෙනවා... හාලි සනීපෙන්... කොල්ලා සනීපෙන්...

බිඟූ said...

මම ඔය පිචර් එකනම් කීප පාරක් බැලුවා...
මම කැමති මැක්සිමස්ට, ජෙනරාල්ට..

/බිඟුවා...!

Chanaka Aruna Munasinghe said...

@ කුෂාන් ඇස්. වන්නිආරච්චි

එකනෙ , බලන්නකො මේ බුද්ධින් කරන වැඩ. ආයෙ එහෙම ඔය වගේ වැඩ කළොත් එහෙම යුද්ධාධිකරණයට යවන්න වෙනවා
========================
@ බිඟුවා...!

ඔව් ඉතින් ජෙනරාල්ලට කැමති අයත් ඉන්න එපැයි. නැත්තන් ඒ මිනිස්සු පවුනෙ

කතන්දර Kathandara said...

මට නං ඌත් එකයි, මූත් එකයි. අරුත් එකයි. මොකා ආවත් එකම රඟපෑම තමයි කරන්නේ.

Sabith said...

මාත් බැලුවා මං හිතන්නේ ඕක.....කොහොමත් අපි කැමති පීඩිතයගේ ජයග්‍රහනයට නේ ඕනම චිත්‍රපටියක..දුෂ්ඨයා දිනනවට කවුරුත් කැමති නැහැ නේ! ඒකයි මෙවගේ චිත්‍රපට වලට ගොඩක් කට්ටිය කැමති!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D