Tuesday, August 17, 2010

GM Garry Kasparov සමඟ දවසක්


තමන් ප්‍රිය කරන නළු නිළියන්ගේ, ක්‍රීඩකයන්ගෙ එහෙමත් නැත්තන් සුපර් ස්ටාර්ලගෙ අත්සන් ගන්න, ඒ අයට අතට අත දෙන්න එහෙමත් නැත්තන් ඒ අය සමඟ ඡායාරූප වලට පෙනී සිටින්න සමහරු උන්මාදයකින් වගේ  හැසිරෙන ආකාරය අහපු, දැකපු වෙලාවල් වලදි "මේ මොන කෝළමක්ද ?" කියලා මට හිතිච්ච වාර ගණන බොහොමයි. ඒ වුණත් ඒ අයගෙ හැඟීම් මොන වගේද කියලා පහුගිය සතියෙ මට තේරුම් ගියා. ඒ සුපිරි චෙස් ක්‍රීඩක ගැරී කැස්පරොව් සම්බන්ධ වන වැඩසටහන් කීපයකට සහභාගි වීමේදී.

"ලෝකයේ බිහිවුණු විශිෂ්ඨතම චෙස් ක්‍රීඩකයා කවුද ?" කියන ප්‍රශ්නයට වැඩිපුරම හම්බ වෙන උත්තර දෙකෙන් එකක් තමයි ගැරී කැස්පරොව් ( 13 වන ලෝක ශූරයා) කියන නම. අනිත් උත්තරේ බොබී ෆිෂර් (11 වන ලෝක ශූරයා) .  විශේෂ ආරාධනාවක් මත ගැරී කැස්පරොව් පහුගිය ඉරිදා එක්දින සංචාරයක් සඳහා සිංගප්පූරුවට ආවා. ඒ ඔහු සිංගප්පූරුවට ආපු පළවෙනි වතාව. සිංගප්පූරුවේ සිටින චෙස් ක්‍රීඩාලෝලීන්ට මේක අති විශේෂ අවස්ථාවක් වුණා.

කැස්පරොව්ට සුපිරි ආරක්ෂාවක් ලබා දී තිබුණු ආකාරය



කැස්පරොව් සහභාගි වෙච්ච පළවෙනි වැඩසටහන තමයි ඔහුගේ හොඳම තරඟයක් විශ්ලේෂණය කිරීම. විශ්මයජනක සංකලන සහ උපක්‍රම වලින්  පිරුණු ඒ තරඟයේදී කැස්පරොව්ගේ ප්‍රතිවාදියා වුණේ තවත් සුපිරි ක්‍රීඩකයෙක් වෙස්ලින් ටොපලොව් (Veslin Topalov). ටොපලොව් තමයි වර්තමානයේ ක්‍රියාකාරී ක්‍රීඩකයන් අතරින් අංක 2 . ඒ තරඟය මෙතනින් බලන්න පුළුවන් .

එයින් පසුව තමයි සමරු සටහන් ලබා දීම අවස්ථාව. සමරු සටහන් ලබා දෙන්න කලින් කැස්පරොව් සහ සිංගප්පූරු ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් අතර ප්‍රදර්ශන තරඟ දෙකකුත් පැවැත්වුණා. ඒ තරඟ දෙකෙන්ම ජයගත්තෙ කැස්පරොව්.

කැස්පරොව්ගෙන් මකර අධිරාජයාට සමරු සටහනක්


මේ තියෙන්නෙ කැස්පරොව්ගෙ අත්සන
( හොර අත්සන් ගහන්න එහෙම පුරුදු වෙන්න එපා ඕං )


දිනයේ වඩාත්ම විනෝදජනක අංගය වුණේ කැස්පරොව් විවිධ වයස් සීමාවල ක්‍රීඩකයන් 22 දෙනෙකු සමඟ එක්වර තරඟ කරන ප්‍රදර්ශන තරඟය (Simultaneous Exhibition Match). ක්‍රීඩකයන් රාශියක් සමඟ එකවර ක්‍රීඩා  කරන එවැනි තරඟයක් පැවැත්වෙන්නේ කෙහොමද කියලා පහත වීඩියෝවෙන් බලන්න.

Simultaneous Exhibition Match

මේ තරඟයේදී අනුවේදනීය සිද්ධියකුත් දැකගන්න හම්බ වුණා. කැස්පරොව් සමඟ තරඟ කරන්න අවස්ථාව හම්බ වෙච්ච ක්‍රීඩකයන් 22 දෙනා අතරින් එක්කෙනෙක් වාඩි වෙලා හිටියෙ සාමාන්‍ය පුටුවක නෙවෙයි. එයා වාඩි වෙලා හිටියෙ රෝද පුටුවක. එයාට සාමාන්‍ය චෙස් තරඟාවලියකදි ක්‍රීඩා කරන්න කොහොමවත්ම අවස්ථාවක් නෑ. මොකද එයාට අපිට වගේ පහසුවෙන් හා ඉක්මනින් අතපය චලනය කරන්න බෑ.

සාමාන්‍යයෙන් කෙනෙක් චෙස් ඉත්තන්ව චලනය කිරීමේදී කරන්නේ ඉත්තාව  උස්සලා අදාල තැනින් තියෙන එක. නමුත් මෙයාට ඉත්තන්ව උස්සන්න බැහැ. ඒ වෙනුවට එයා කරන්නෙ හෙමීට හෙමීට ඉත්තාව අදාල තැනට ඇඟිල්ලෙන් තල්ලු කරගෙන යන එක.

කැස්පරොව් සමඟ තරඟ කළ ඒ සුවිශේෂී ක්‍රීඩකයා


මේ ප්‍රදර්ශන තරඟයේ සියළුම තරඟ 22 ට 0 ක් විදිහට ජයග්‍රහණය කළේ කැස්පරොව්. මේ පහළ පින්තූරෙ ඉන්න චූටි මල්ලියා තමයි කැස්පරොව් එක්ක අවසානය දක්වාම සටන් කළේ.

හැමදෙනාගේම අවධානය කැස්පරොව් වෙත යොමු වෙලා තියෙද්දි තමන්ගේම ලෝකයක තනි වෙච්ච පොඩ්ඩො දෙන්නෙක්



[ 17 - Aug - 2010 ]

24 comments:

Rachintha Jayawardhana said...

meka gathi!

BLOG ගඩොල් said...

කවද හරි මකරගෙනුත් මේ වගේ අත්සන් ගන්න මිනිස්සු එන දවසක් උදා වේවා!!

Abeetha Edirisinghe said...

අම්මට සිරි බොල මකරා ගිය උඩ....

හරී - පිණිපළස said...

මකරට අමතක නොවෙන දවසක් වෙන්න ඇති නේද?
ඉතින් මකර චෙස් ඇද්දෙ නැද්ද ගැරී එක්ක?
" අපි නොදන්න චෙස් " :D

෴ හසියා ෴ said...

මකර තමයි දවසකටවත් පොර....
තොරතුරු බෙදාගත්තාට ස්තූතියි මකලෝ....

Raj said...

නියමයි මචන්.....! බොහො පුද්ගලයන් ගෙන්... ගතහැකි දැ..බොහොයි.................

Jay said...

මකරාට ගිය කල..
:D

වන්නි said...

අප්පද බොල චෙස්. පහේ පංතියේදී ඇද්දට පස්සේ දැක්කේවත් නෑ. ඈබං ඕකේ තියෙන්නේ කළු සුදු බෝල බෝලච කොටු කොටු ද? මතක නෑ බංස්.. හික්.... :ඩී

hare :-) said...

අප්පට සිරි මකරුන්නාන්සෙ ලේසි පාසු පොරවල් නෙවෙයි ඇසුරු කරන්නෙ නේද?

charithsriyan said...

මකර කොහෙ ගියත් කොළ පාට අත අරින්නෙ නෑ නේද?

priyantha said...

අර බ්ලොග් ගඩොල් ක්ව්ව වගේ අපේ මකර අධිරාජයාගෙනුත් කට්ටිය අත්සන් ගන්න එන දිනයක් උදා වේවා

Anonymous said...

congrads!

Chanaka Aruna Munasinghe said...

@ මුචලින්ද

ස්තූතියි
==================
@ blog gadol

හෆොයි, අත්සන් කරනවා කියන එක මටනම් මහ එපා කරපු වැඩක්. මොකද මට එකවගේ අත්සනක් දෙපාරක් ගහන්න සෑහෙන අමාරුයි
=================
@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

ඔව් ඔව් මේක තිබ්බේ හතරවෙනි තට්ටුවෙ. ස්ටේජ් එක උඩටත් නැග්ගා

Chanaka Aruna Munasinghe said...

@ හරී

තවම අමතක නෑ. ගිය ඉරිදනෙ. තවම සතියක්වත් ගියේ නෑ. ගැරීව සෙල්ලමට අල්ල ගන්න ඕනෙ වෙන දවසක. එදා එයා හොඳටෝම බිසී.

"අපි නොදන්න චෙස්" කියන එක හැදිච්ච හැටි මෙන්න

http://status-chanaka.blogspot.com/2009/09/blog-post_07.html?showComment=1252310919352#c5562663735464503706
=================
@ ෴ හසියා ෴

දවසකට පොර කතන්දර කාරයානෙ. මමනම් හැමදාටම මකරා. කොමෙන්ටුවට ස්තූතියි
=================
@ Raj

ඔව් ඒක ඇත්ත. ස්තූතියි

Chanaka Aruna Munasinghe said...

@ Ansh Lucky Sri Jay

හී හී. ස්තූතියි
==============
@ කුෂාන් ඇස්. වන්නිආරච්චි

කළු සුදු කොටු කොටු උඩ කළු සුදු ඉත්තෝ. අශ්වයෝ එහෙමත් ඉන්නවා. හැබැයි මෝටර් බයික්නම් නෑ
==============
@ h

"පණ්ඩිතානංච සේවනා" කියල තියෙනවනෙ

Chanaka Aruna Munasinghe said...

@ Charith Weerakkody

මකරු පරිසර හිතකාමීනෙ
================
@ priyantha.ඒබී

හප්පොච්චියේ අතට පත්තු බඳින්න වෙයි එහෙම වුනොත්
================
@ dawkinssdodo

Thank you !

බිඟූ said...

pattama ban...

mamath kematiy dawasaka lokka ekka chess athak adinna

Chanaka Aruna Munasinghe said...

@ බිඟුවා...!

ඔව් ඔව්, අපි වෙලාවක ලොක්කව සෙල්ලමට අල්ල ගම්මු :D

ඉලංදාරියා said...

වසනාවන් කිවා ඔං හේ

Chanaka Aruna Munasinghe said...

@ ඉලංදාරියා

ස්තූතියි

Abeetha Edirisinghe said...

මම කිව්වෙ උඩ තියෙන ෆොටෝ එක

Anonymous said...

ෂා.... මරුනේ ෂැක් අපිට නැනේ මේවගේ චැන්ස් එකක් :)

Chanaka Aruna Munasinghe said...

@ අභීත

හරි හරි

=====
@ ජේ.ඩී

ඒවි ඒවි කවද හරි.

The Lion said...

මමත් කැස්පරොව් එක්ක online games 2ක් play කරලා තියනවා. මම ඉතින් games 2 කම කෑවා ................හිහ් හිහ් ..........

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D